මිනින්දෝරු දෙපාර්තමේන්තුවට නව නිලධාරීන් 152ක් !

රටෙහි අල, ලූණු සහ වී අළෙවියෙහි  පවතින ගැටළු නිසා දේශීය වෙළඳ පොළට ස්ථාවර  විසඳුම් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව කෘෂි කර් ම , පශු සම්පත්, ඉඩම් සහ වාරි මා ර් ග  අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ආධුනික මිනින්දෝරු හා සිතියම් තාක්ෂණ නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය අමතමින් (4) දින  ඇමති වරයා එසේ ප්‍රකාශ කළේ ය.

අමාත්‍ය ලාල්කාන්ත මහතා මෙසේ ද කීය.

ආනයනික ලොකු ලූණු බද්ද රුපියල් 50ක් වන නමුත් මෙරට වෙළඳ පොළේ තත්ත්වය තවමත් ස්ථාවර නොවීම හේතුවෙන් සතොස මැදිහත්වී ලොකු ලූණු මිලදී ගනිමින් සිටින බව ද ඔහු සඳහන් කළේ ය.

එමඟින් වෙළඳ පොළ ගැටළු අඩු කිරීමට කටයුතු කර ඇති බවත්, වී අලෙවි මණ්ඩලය යළි සක්‍රීය කරමින් ගොවීන්ගෙන් වී මිල දී ගැනීම ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

අපේ රටේ පුරවැසියෙකුට ස්ථිර රැකියාවක් ලැබීම ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්. අද ඔබට ලැබෙන්නේ රාජ්‍ය සේවයේ පත්වීම් පමණක් නොව, රට වෙනුවෙන් වගකීමක් පැවරෙනවා. පුරවැසි අරගලයෙන් පසු අපේ රජයට තිබෙන වගකීම තමයි ජනතා අපේක්ෂාවන් ඉටු කිරීම නිවැරදිව කළ යුතුව තිබෙනවා.

රාජ්‍ය සේවය ගෞරවනීය සේවයක් බව නැවත තහවුරු කර ගත යුතුයි. අපට අවශ්‍ය රටක් නම්, මහජන දිනයට ජනතාව අපව මුණ ගැහෙන්න එන අවශ්‍යතාවයක් නොතිබෙන රටක්. එය සාධනය කළ හැක්කේ කාර්යක්ෂම හා කැපවීමෙන් යුත් සේවකයින්ගෙන් පමණි.

Share.
Leave A Reply