මෙහි ප්‍රධාන වශයෙන් විගණනයෙන් හෙළි වූ කරුණු අනුව විදේශ ගමන් අයුතු ලෙස යොදාගෙන ඇති බව සඳහන් කර ඇත. ඒ අනුව අදාළ වෛද්‍ය නිලධාරියා 2013 සිට 2024 දක්වා කාලය තුළ විදේශ ගමන් බලපත්‍ර 18ක් භාවිතා කරමින් විධිමත් අනුමැතියකින් තොරව රටින් පිටවී තිබේ.
විදේශ නිවාඩු සඳහා අනුමැතිය තිබූ අවස්ථාවල දී ද කාල සීමාව ඉක්මවා රටින් පිටත ගත වී තිබුණි. වෛද්‍ය සේවා අධ්යක්ෂවරයා විසින් විදේශ නිවාඩුව අවලංගු කිරීමට උපදෙස් දී තිබූ විට ද ඔහු රට පිටත පැවතියා.
රෝහල් උපකරණ ගෙදර රැගෙන යාම –
රෝහලේ අවශ්‍යතා සඳහා මිලදී ගත් රු. 285,755 ක් වටිනා විදුලි උපකරණ 6ක් ඔහුගේ නිවසේ භාවිතයට යොදා ගෙන තිබුණි.
රජයේ නිල නිවසක කුකුල් කූඩුවක් පවත්වා ගැනීම –
2024 දෙසැම්බර් 2න් පසුව, ඔහු නිල නිවසක කාමර කොටසක් කඩා දමා සිමෙන්ති ගල් හා දැල් යොදා කුකුල් කූඩුවක් තනා ලාභ උපයාගෙන තිබුණි.
නිල නිවස අයුතු ලෙස වෙනස් කිරීම –
නිල නිවස අලුත්වැඩියා කිරීමේ නමකට රු. 158,221 ක් වටිනා ද්‍රව්‍ය මිලදී ගත් නමුත් ඒවා භාවිතය හෝ ස්ථානය හඳුනාගත නොහැකි බව විගණනය පෙන්වයි.
රෝහල් ආරක්ෂක නිලධාරීන් පුද්ගලික සේවයට යොදා ගැනීම –
රෝහලේ ආරක්ෂක නිලධාරීන් තම නිවසේ ආරක්ෂාව සඳහා යොදා ගෙන තිබුණි.
අමාත්‍යාංශය විසින් නීතිය ක්‍රියාත්මක නොකිරීම –
මේ සියල්ල පිළිබඳව මෙතෙක් නිසි විනය පරීක්ෂණයක් හෝ නීතිමය පියවරක් ගෙන නොමැති බව විගණන වාර්තාව චෝදනා කරයි.
අවසන් වශයෙන්, මෙම හිටපු ඇඹිලිපිටිය රෝහලේ අධ්යක්ෂවරයා දැනට බන්ධනාගාර රෝහලේ අධ්යක්ෂවරයා ලෙස පත්වී ඇති බවද සඳහන් වේ.

