වගා නොකළ ගොඩ හෝ මඩ ඉඩම් රජයට පවරා ගැනීම සඳහා නීතිමය ක්‍රියා මාර් ග ගැනීමට රජය තීරණය කර ඇති බව කෘෂි කර් ම පශු සම්පත් ඉඩම් හා වාරි මා ර් ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේ ය.
මහනුවර දිස්ත්‍රික්කයේ ඊයේ (29) පැවති සින්නක්කර ලබා දීමේ වැඩ සටහනකට එක් වෙමින් ඒ මහතා එසේ පැවසීය.
ඇමති වරයා මෙසේ ද කීය.
වගා නොකර පවතින ඉඩම් තියා ගන්න බෑ. ගොඩ හෝ මඩ ඉඩක් තියෙන හැම තැනකම ආ ර් ථික ප්‍රතිලාභයක් ලැබෙන දෙයක් වගා කළ යුතුයි. එය නොහැකි නම් වගා කළ හැකි කෙනෙකුට එකඟතාවයක් ඇති කරලා ලබා දෙන්න. අපිට තවමත් හාල් සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වන්න වෙනවා. ඒකට ලැජ්ජාවක්. 2028 ට පෙර සහල් ආනයනය නවත්වන සැලැස්මක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් ප්‍රාදේශීය ලේකම් භාරයේ ඉඩම් මහවැලි ඉඩම් වැනි වර් ග කිහිපයක් රටේ පවතිනවා. හැම දිස්ත්‍රික්කයකින්ම එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් තෝරාගෙන එහි ඉඩම් ගැටළු විසඳන්න අපි සැලසුම් කරලා තියෙනවා.
ඔබේ ඉඩම පාරට මායිම් වෙලා නම් වැට අසල සිට පාර ළඟ දක්වා පිරිසිදුව තබන්න. රට ගොඩනඟන්න ජනතාවම මැදිහත් විය යුතුයි. අපි දේශපාලන සංස්කෘතියක් වෙනස් කරනවා. හොරකම් වංචා දූෂණ මැරකම් නැති දේශපාලන සංස්කෘතියක් හදලා තියෙනවා.
මෙම අවස්ථාවට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සහ අමාත්‍යාංශ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

