රටේ තේ කර්මාන්තය මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ගොවි ජන පවුර සභාපති නලින්ද සේනාරත්න මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා එසේ පැවසීය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද කීය.

තේ වෙන්දේසියේ මිල අඩුවීමත් සමඟ ගොවියන්ට රුපියල් 25 සිට 35 දක්වා අහිමි වී ඇති බවත් රජය ගොවියාගේ ගැටලු නිසි ලෙස අවබෝධ කර ගෙන නෑ.

පොහොර සහනාධාරය පෙන්වා ගොවියා මුලා කරනවා. තේ අක්කරයකට එක් වරක් ලැබෙන පොහොර සහනාධාරය රුපියල් 16,000ක් පමණයි. වසරකට තුන් වරක් ලැබුණොත් එය රුපියල් 48,000ක් පමණ වෙනවා. නමුත් වැඩ් බද්ධ නිසා වසරකට රුපියල්  1 35 000ක් පමණ ගොවියෙකුට අහිමි වෙනවා.

වතු කම්කරුවාගේ වැටුප රුපියල්  1700ක් දක්වා ඉහළ දැමීම දේශපාලනික වාසික් සඳහා ගන්නා තීරණයක් පමණයි. එය කර්මාන්තයේ උන්නතියට හෝ කම්කරුවාගේ ජීවිත තත්ත්වය උසස් කිරීමකට නොවේ.

තේ කර්මාන්තයේ ගැටලු විසඳීමට නම් වෙන්දේසියේ මිල වැඩි කිරීමට ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. ඒ සඳහා අලුත් ගැනුම්කරුවන් රටට එක්කර ගතු යුතුයි. නව රජය ද පරණ ගැනුම්කරුවන් මත යැපෙන බව පෙනෙනවා.

මැද පෙරදිග රටවල් තේ අපනයනය කිරීම මත පදනම් වූ වත්මන් ආදායම එම රටවල දේශපාලනික අස්ථාවරතාවය සහ යුදමය තත්ත්වයන් හේතුවෙන් අස්ථාවර වී තිබෙනවා.

අපි ජපානය වැනි ඉහළ මිලකට තේ මිල දී ගන්නා රටවල් වෙත අපනයනය කිරීමට යොමු විය යුතුයි. ඒ අනුව වසරකට ඩොලර් මිලියන 260ක වැඩි ආදායමක් ලබා ගත හැකි යි. එවිට ගොවියෙකුට දළු කිලෝවකට රුපියල් 40-45ක් වැනි වැඩි මුදලක් ලැබිය හැකි යි.

තේ වෙන්දේසියේ ප්‍රධාන ගැනුම්කරුවන් විසින් ඩොලර් තුනකට ආසන්න මිලකට තේ මිල දී ගන්නා තත්ත්වය පවත්වාගෙන යාමත් තේ කර්මාන්තය ඒකාධිපති තත්ත්වයකට ලක්ව තිබෙනවා.

අලුත් ගැනුම්කරුවන් තරඟකාරී මිලට වෙළෙඳපොළට යොමු කිරීම තුළින්  තේ කර්මාන්තය දියුණු කර ගත් හැකි බව ද ඒ මහතා පැවසීය.

Share.
Leave A Reply