පසුගිය ඉන්ධන අර්බුදයේදී ඉන්ධන කෝටාව යටතේ ඉන්ධන නිකුත් කිරීමේ අවස්ථාවලදී, එවකට ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) හිටපු සභාපතිවරයා අකුරැස්ස ඩිපෝව මගින් තම නිල නොවන වෙනත් වාහනයකට ඉන්ධන ලීටර් 1896ක් ලබාගෙන ඇති බව ලංගමයේ වාර්ෂික කාර්ය සාධන විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇත.
ඒ අතරතුර, ඔහු විසින් තුන් වතාවක් — ලීටර් 400ක්, 620ක් සහ 476ක් බැගින් මුළු ලීටර් 1496ක් තෙල් ලබාගෙන ඇති අතර එහි මුළු වටිනාකම රුපියල් 620,840ක් බවත් වාර්තාව පෙන්වා දෙයි.
ඉන්ධන නිකුත් කිරීමේ සටහන් පත්‍රයේ සභාපතිවරයාට නිකුත් කළ බව සඳහන්ව තිබුණද, එම තෙල් ඔහුගේ නිල වාහනය නොවන වෙනත් වාහනයකට ලබා දී ඇති බවත් විගණන වාර්තාවෙහි තවත් විස්තර සඳහන් වේ.
තවද, මෙම ඉන්ධන භාවිතය සාවද්‍ය ලෙස යොදා නොතිබූ බවට සාක්ෂි සහ තොරතුරු විගණන අංශයට ඉදිරිපත් කර නොමැති බවත් වාර්තාව වැඩි දුරටත් අවධාරණය කරයි.

