අලි ගම්වැදී  සිදු කරන ජීවිත හා දේපල හානිය දකිමින් ගී ගැයූ ඇය “Future Leaders Award” සම්මානය දිනා ගනී! මහවිලච්චිය නිවත්තක චේතිය මහා විදුහලේ  සුමධුර ගායනය ශේෂා ස්වර්ණමාලි වීරසිංහ (12) දියණියගේ  සොදුරු කතාව !

කාලීන ව්‍යවසනයක් වන අලි මිනිස් ගැටුම පිළිබඳ නිවැරදි මානයකින් විවරණය කල සම්මානිත ආචාර්ය නිශාන්ත දර්ශන ජාසිංහ මහතාගේ ගේය පද සිත්තම ” වන වදුලෙන් එන්න ” ගීතය මේ 26 වන ඉරිදා සවස 3.30 ට කොළඹ 07,නිදහස් මාවත කොළඹ පුස්තකාල හා ප්‍රාලේකන සේවා  ශ්‍රවණාගරයේ දී  පැවැත්වෙන Ahasa media Team සංවිධානය කරන ” Future Leaders Award ” සම්මාන උළෙලේ දී වසරේ හොඳම ළමා ගීතය ලෙස ඇඟයීමට ප්‍රාප්ත වි තිබේ.

ප්‍රවීණ සංගීත ආචාර්ය, ගායක විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාගේ මුලිකත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැවේ.  මෙම ගීතයේ සංගීතය සංගීත ශිල්පී රම්සි මොහොමඩ් මහතාගෙන් වන අතර සුමධුර ගායනය ශේෂා ස්වර්ණමාලි වීරසිංහ දියණියගෙනි.

සුමධුර ගායනය ශේෂා ස්වර්ණමාලි වීරසිංහ (12) දියණිය මහවිලච්චිය නිවත්තක චේතිය මහා විදුහල ( ජාතික පාසල ) ඉගෙනුම ලබන්නේ 7 ශ්‍රේණිය ය. දියණිය මහවිලච්චිය නිවත්තක චේතිය මහා විදුහල ( ජාතික පාසල ) විදුහල්පති තුමා කුසුම් තිලක් මහතා ප්‍රමුඛ  ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීහු ඇයට නිරතුරුවම සහයෝගය දක්වයි.

අපේ කතාන්දරයේ කතා නායිකාව ශේෂා ස්වර්ණමාලි වීරසිංහ  කලා ලොව සුන්දර කරන්නා වු අපේ කාලයේ දිරිය දියණිය අප සමඟ මෙසේ පැවසුවාය .

මගේ ලිපිනය,13 සැතපුම් කණුව, බංඩාරගම, පේමඩුව,අනුරාධපුර යි.  මූලිකව  අධ්‍යාපනය ලැබූ පාසලෙන්. අනු/සීවලී ආදර්ශ ප්‍රාථමික විදුහල පේමඩුව විදුහලෙන් බව ඇය කීවාය.

2023 වසරේ ශිෂ්‍යත්ව විභාගය ලකුණු 167 ක් ලබා ගෙන සමත්වීමෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 6 ශ්‍රේණියට නම් කළ අනුරාධපුර නිවත්තක චේතිය ජාතික පාසල වෙත ඇතුළත් වුණා.

මේ වන විට  ඉංග්‍රිසි අංශයෙන් (english medium) හත ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා.

ගීත නිර්මාණ කිරීම, මේ හිරු කිරණ ඇවිත්, දිලෙන හිරුගේ ප්‍රභාකරනින්, අම්මා සමානද අහසට, තන්තිරිමලේ ලොකු හාමුදුරුවනේ, නව නිර්මාණය වූ අලි පැටියෝ ගීතය,රාජ්‍ය උත්සව, ප්‍රාදේශීය උත්සව හා ප්‍රශංග වේදිකාවේ ගීත ගායනා කරනු ලබනවා.            

රජරට  ගුවන් විදුලි සේවය, වයඹ හඬ හා සිටි FM ගුවන්විදුලි සේවා වල විකාශනය වන ” සුභාවිත ගීතය ” වැඩසටහනේ ගීත ගායනාවන් ඉදිරිපත් කිරීම,                          පාසැල් විෂය ධාරාවට අමතරව විශාරද පාඨමාලාවේ ඩිප්ලෝමාව හදාරමින් සිටිනවා.

ගෙදර අම්මා,තාත්තා හා සහෝදරයන් දෙදෙනා. ඒ අයගේ සහයෝගය ගොඩාක් ලැබෙනවා. පාසලේ පංති භාර ගුරුතුමිය,සංගීත ගුරුතුමිය හා විදුහල්පති තුමාගේ සහයෝගය ගොඩාක් ලැබෙනවා.අනාගත බලාපොරොත්තු තමයි අධ්‍යාපන කටයුතු හා සංගීත කටයුතු සමබරව පවත්වාගෙන ගොස් රටට වැඩදායි පුද්ගලයෙකු වීම යැයි අය කීවා ය. 

එසේ අපේ කතාන්දරයේ නායිකාව “වන වදුලෙන් එන්න” වසරේ හොඳම ළමා ගීතය ලෙස දිදුලූ ශේෂා වීරසිංහ ඒ ආකාරයට සම්මානයට පාත්‍ර වූවා ය. අලි මිනිස් ගැටුම ගීයකින් කියූ දිරිය දියිණිය ශේෂාගේ “වන වදුලෙන් එන්න” යැයි කියමින් ඇය ගීතය ගායනා කළේ සත්තකින්ම වන අලි තර්ජනයේ අද්දැකීම් ඇති නිසා ය.

රජ රටේ කුඩා ගායිකාවක් ජාතික වේදිකාවට – “වන වදුලෙන් එන්න” සම්මානයක් දිනා ගැනීම සත්තකින්ම වැටනේ ය. පැහැදිලි හඬකින් වනවනය රැකීමට ගී ගායනා කළ ශේෂා  “Future Leaders Award” සම්මානය දිනා ගැනීම අපේ රටේ පාසල් දරුවන්ටද කදිම ආදර්ශයකි.

“වන වදුලෙන් එන්න” ගීතයෙන් ළමා සංගීත ලෝකයට නව පණක් ගැන්වූ ශේෂාට අප කලාලොව දිගු ගමනක් යන්නට සභ ප්‍රාර්ථනා කරමු.

Share.
Leave A Reply