@ (මන්ත්‍රීවරියන් රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ. පුවතක්)

ලස්සන රෝස පාටින් සැරසුනු  අගනා

දියවන්නා විලේ බැස තාලෙට  රඟනා

මේ දුටු හංස සේනා බිය වී     සොඹනා

අමුතුම හංසියන් දැක සැඟවී     සිටිනා

සහෝදර කවි දාසගේ දවසේ කයි කවිය මෙන්න

ඔක්තෝබර් මාසයට යෙදෙන ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සඳහා මන්ත්‍රීවරියන් රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.

ඒ අනුව අද (22) දින පාර්ලිමේන්තුවට පැමිණීමේ දී අදාළ නිවේදනය අනුව ක්‍රියාකරන ලෙස අද පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා පැවසීය.

Share.
Leave A Reply