“ශ්‍රී ලංකා සහ රුසියානු බලශක්ති සබඳතා වර්ධනයට අමාත්‍යවරයාගේ දායකත්වය”

“බලශක්ති අමාත්‍යවරයා රුසියානු සමුළුවේදී විශේෂ සාකච්ඡාවකට එක් වෙයි”

“රුසියාවේ පැවති බලශක්ති සතිය: ශ්‍රී ලංකා අමාත්‍යවරයාගේ නවෝත්පාදන සහභාගීත්වය”

“පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයේ අරමුණු රුසියානු සමුළුවේදී ඉදිරිපත් කෙරේ”

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාරුසියානු බලශක්ති සතිය 2025, සඳහා සහභාගි වෙයි.

දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සබඳතා වර්ධනය කරගැනීම අරමුණු කරගනිමින් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ,රුසියානු බලශක්ති සතිය 2025, සඳහා සහභාගි විය.

ඔක්තොම්බර් මස 15-17 දිනවල රුසියාවේ මොස්කව් නුවර පැවති රුසියානු බලශක්ති සතිය සදහා අමාත්‍යවරයාගේ සහභාගීත්වය ශ්‍රී ලංකාව හා රුසියානු සමූහාණ්ඩුව අතර ද්විපාර්ශික සබඳතා වර්ධනය කරගැනීමත්ල විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ නව අවස්ථා හා එකගතා වර්ධනය කරගැනීමත් අරමුණු කරගනිමින් සිදු විය.

මේ හා සමගාමීව රුසියානු සමූහාණ්ඩුවේ බලශක්ති අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නියෝජිතයන් ද හමුවී සාකච්ඡා කිරීමට අමාත්‍යවරයාට අවස්ථාව හිමිවූ අතර තවද සමුළුවේ සුවිශේෂි අංගයක් වූ ,තිරසාර සංවර්ධන අරමුණු හා බලශක්තිය, යන මැයෙන් පැවති විද්වත් සාකච්ඡාව සදහා ආරාධිතයෙකු ලෙස එක් වීයග අමාත්‍යවරයා එහිදී ඉදිරි බලශක්ති අරමුණු ජයගැනීම පිළිබදව මෙන්ම පුනර්ජනනීය බලශක්ති භාවිතය සදහා වන ඉදිරි වැඩපිළිවෙලද විස්තර කරමින් කරුණු දැක්වීය.

තවද පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ නව තාක්ෂණ විධික්‍රම භාවිතය බලශක්ති කාර්යක්ෂමතාව මෙන්ම අදාළ දැනුම හුවමාරුව ඇතුළු කරුණු රැසක් ඉස්මතු කරමින් මෙම සාකච්ඡාව සිදු විය.

එමෙන්ම අමාත්‍යවරයා මෙරට බලශක්ති සංක්‍රාන්ති වැඩපිළිවෙල පිළිබදව පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයල බලශක්ති සුරක්ෂිතතාවය හා තිරසර සංවර්ධනය පිළිබදව කරුණු දක්වමින්ද ඒවා සාක්ෂාත් කරගැනීම සදහා ලොව ප්‍රමුඛතම බලශක්ති සැපයුම්කරුවෙකු හා නවෝත්පාදන ප්‍රමුඛයෙකු ලෙස රුසියානු සමූහාණ්ඩුවේ සහයෝගය අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේය.

රාජ්‍ය නායකයන් අන්තර්ජාතික විශේෂඥයන්ආයෝජකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් එක් රැස්වී බලශක්ති ක්ෂේත්‍රයේ අනාගත අභියෝග හා ඒවා ජය ගැනීම සදහා ක්‍රමවේද විසදුම් යෝජනා සාකච්ඡා කෙරෙන රුසියානු බලශක්ති සතිය බලශක්ති සුරක්ෂිතතාවය නවෝත්පාදන හා තිරසර භාවිතය පිළිබදව වන ලොව ප්‍රමුඛතම සමුළුවක් ලෙස සැලකේ.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනී ශෝබිනී ගුණසේකරල ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා ඇතුළු නිළධාරීන්ද මේ සදහා එක්ව සිටියහ.

Share.
Leave A Reply