ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය(JICA) ,මිනිස් බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ආබාධ සහිත පුද්ගලයන් රැකියාගත කිරීමේ සහයෝගී ප්‍රවර්ධනය වැඩසටහන යටතේ, ඒ සඳහා සම්බන්ධ වූ පාර්ශව කරුවන් ඇගයීමේ හා සහතිකපත් ප්‍රධානෝත්සවය අද (15) දින පැවැත්වී ය. ඒ අනුරාධපුර හෙඩිටේජ් හෝටලයේ දී යි. උතුරු මැද පළාත් වැඩ සටහනක් වශයෙන් පැවති මෙම වැඩසටහන සදහා පාර්ලිමෙන්තු මන්ත්‍රි පී.ඩී.ඒන්.කේ. පලිහේන, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක, ප්‍රාදේශිය ලේකම් වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගී වූහ.
මෙවැනි ඇගයිමක් සැබවින්ම අගය කලයුතු යි. මෙවැනි ප්‍රජාව සදහා අනුකම්පාවෙන් බලා, මානුෂීයව සැලකිම සේම ඔවුන්ගේ දස්කම් අගයමින් ඹවුනට සමාජයේ නිසි තැන ලබා දිමට උදව්කරන පිරිස් අඩු යි. අනුරාධපුර තැනැත්තන් 19 දෙනෙකු මෙලෙස රැකියාගත කීරිම ඉමහත් සතුටක් යනා දී වශයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය මහතා පිරිස අමතමින් සදහන් කළේ ය . රැකියාවට ඒහා ගිය සමාජිය වගකිමක් මෙම නිලධාරින් සිදුකර තිබෙනවා. එසේම දෙමාපියන් ද විශාල අභියෝගයක් ජයගෙන ඇති බව පෙනේ. , යැපුම් මානසිකත්වයෙන් මිදි ස්වාධින පුරවැසියෙක් කිරිමට දරණ ප්‍රයත්නයක් ලෙස අගය කළ යුතු යි , යනුවෙන් ද අනුරාධපුර දිසා ලේකම් වරයා පැවැසී ය.
පොලොන්නරුව ගත්තාම අබාධිත ප්‍රජාව තොරතුරක් වශයෙන් 1800 ක් පමණ සිටිනවා. මින් වැඩි සංඛ්‍යාවකට රැකියාවක් කිරිමේ හැකියාව තියෙන බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා විසින් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදි. එසේම මෙම ව්‍යාපෘතිය ඉතා වටිනා බවත් ඒ මහතා සදහන් කළේ ය .
ESPD ව්‍යාපෘතියේ උපදේශක ජපන් ජාතික himizu Takashi මහතා සදහන් කළේ , රටේ ආර්ථිකයට මෙම පිරිස විශාල දායකත්වයක් සපයන බව යි. එසේම ආර්ථිකයට සාපේක්ෂව සමාජයට විශාල පණිවිඩක් ඹවුන් මේ හරහා ලබා දෙනවා. ආයතන 488 ක් තුළ අබාධ සහිත පුද්ගයින් 700 කට වැඩි පිරිසක් මෙවන විට රැකියා ගතව අවසන්. මේ වසරේ දි මෙම ව්‍යාපෘතිය අවසන් උනත් නිළධාරින් මේ කටයුත්ත දිගටම සිදු කරන බවත්, සිහින ශ්‍රි ලංකා නව ව්‍යාපෘතිය තුලින් සමාජීය සහභාගිත්වය මතින් මොවුන්ව සවි බල ගැනිවිමට අපෙක්ෂා කර තිබේ. ඒ සඳහා ද සියලු දෙනාගේම සහයෝගය අපේක්ෂා කරන බව ද ඒ මහතා පැවසී ය.
රජයේ ප්‍රතිපත්තිය සියලු දෙනාට සමාජයේ සමතැන ලබා දිම යි. ඒ අනුව කිසිවෙකුත් නොසලකා හැරිය නොහැකි ය. අපි වගේම සියලු වුවමනාවන් ඒ පිරිසටත් පොදු යි. සියල්ලම සාමාන්‍ය පුරවැසියන් සේ සැලකිය යුතු බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි පී.ඩී.එන්.කේ. පලිහේන මහතා සදහන් කලා. අපිටත් මේ සදහා සමාජ වගකිමක් තියෙනවා. අබාධිත බව ඉදිරි ගමනට බාධාවක් නෙවෙයි. සියලු දෙනාගේ අයිතිවාසිකම් සුරැකිම වෙනුවෙන් රජයක් වශයෙන් කටයුතු කරන බවත්, පොහොසත් රටත් ලස්සන ජිවිතයක් ගතකිරිමට අවශ්‍ය පරිසරය මේ වන විටත් නිර්මාණය වෙමින් පවතින බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේ ය.
.මෙම වැඩසටහනේ දි ආබාධ සහිත රැකියා ලාභීන්, දිස්ත්‍රික්කයේ මානව සම්පත් නිලධාරීන්, සමාජ සේවා නිලධාරීන් රැකියා සපයන ආයතනත යන පාර්ශවයන් ඇගයීමට ලක්කෙරිණි. ESPD ව්‍යාපෘතිය යටතේ 2025 වර්ෂය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැකියා ආයතන 15ක් තුල ආබාධ සහිත 19 දෙනෙකු රැකියා ගතකර තිබේ. එසේම පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තිදෙනෙකු ද රැකියා ගත කර ඇති බව සදහන් . මෙම
අවස්ථාව සදහා උතුරු මැද පළාතේ මානව සම්පත් නිලධාරීන්, සමාජ සේවා නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරින්, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) ආයතනයේ නිලධාන්, රැකියා සපයන ආයතනතයන්හි නිලදාරින්, රැකියා ලාභින් හා ඹවුගේ භාරකරුවන් ඇතුලු පිරිසක් එක්වුහ.

