ලෝක ළමා දිනය නිමිති කරගනිමින් අද (17) බස්නාහිර පළාත් සභාව විසින් ”අරුණෝදයේ සිත්තම්” නමින් චිත්‍ර ඇඳීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා.

මෙම චිත්‍ර ඇඳීමේ වැඩසටහනට බස්නාහිර පළාතේ සියලුම පෙර පාසල්වල දරුවන්ගේ සහභාගී විය.

මෙහිදී චිත්‍ර ඇඳීම සඳහා සහබාගී වූ සියලුම දරු දැරියන්ට සහතික පත්‍රයක් සමඟ තෑගී ලබාදීම සිදුකළා.

කලාප මට්ටමෙන් මෙවැනි උත්සව 11ක් සංවිධානය කර තිබෙන අතර අද ප්‍රධාන උත්සවය මෙලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ මහත්මිය සහ කොළඹ පුරපතිනිය ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඇතුළු පළාත් සභා නිලධාරීන් මෙන්ම අනුග්‍රහය දැක්වූ ඇට්ලස් සමාගමේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විය.

කොළඹ පුරපති නිල නිවසේදී මෙය සංවිධානය කර තිබුණු අතර පෙර පාසල්වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි

Share.
Leave A Reply