
— අරලියගහ මන්දිරයේදී උත්සවයක්
📅 දිනය: 2025 ඔක්තෝබර් 06
📍 ස්ථානය: අරලියගහ මන්දිර පරිශ්‍රය, කොළඹ
👤 ප්‍රධාන අමුත්තන්: සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
📰 ප්‍රධාන කතාව
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ නව පියවරක් ලෙස III ශ්‍රේණියේ තැපැල් සහයක තනතුරට තේරී පත් වූ 731 දෙනෙකුට ස්ථීර පත්වීම් ලිපි අරලියගහ මන්දිරයේදී 2025 ඔක්තෝබර් 06 වනදා පිරිනැමීමට නියමිතය.
මෙම උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, අමාත්‍යාංශයේ හා තැපැල් දෙපාර්තුමේන්තුවේ ඉහළ නිලධාරින් ද සහභාගී වනු ඇත.
📦 නව බඳවා ගැනීම් — 2021 ඉඳන් පළමු වරට
2021 වර්ෂයෙන් පසු තැපැල් දෙපාර්තුමේන්තුවට ස්ථීර බඳවා ගැනීම් සිදු නොවූ බැවින්, පසුගිය වර්ෂය අවසානය වන විට 1982 ක් වූ තැපැල් සහයක පුරප්පාඩුවක් පැවතිණි.
මෙම අර්බුදයට විසඳුමක් ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ඉල්ලීම පරිදි 1000 තැපැල් සහයකයන් බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය 2025 අගෝස්තු 19 දින ලැබීය.
👥 731 දෙනෙකු පළමු පියවර ලෙස
තැපැල් දෙපාර්තුමේන්තුවේ ආදේශක සේවකයින් ලෙස ලියාපදිංචි වූ හා සුදුසුකම් සපුරාලන පිරිස අතරින් 731 දෙනෙකු මෙලෙස පත්වීම් සඳහා තෝරාගෙන ඇත.
තවත් 269 දෙනෙකු ඉදිරියේදී බඳවා ගැනීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය මේ වන විටත් කටයුතු කරමින් සිටී.
🌍 ජනතා සේවාව වඩාත් කාර්යක්ෂම කරමින්
මෙම පත්වීම් මගින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට කාර්යක්ෂමතාව, විශ්වාසීයතාව සහ ප්‍රාදේශීය සේවා පුළුල් කිරීම සඳහා නව උත්සාහයක් ලැබෙනු ඇත.
journalist Nuwan Prasanna Sumanarathna with Yohan Rasindu Uthpala traning journalist www.ewoledu.com

