ජාත්‍යන්තර පරිවර්තන දින උත්සවය අධිකරණ ඇමති ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

සැප්තැම්බර් මස 30 වැනි දිනට යෙදී ඇති ජාත්‍යන්තර පරිවර්තන දිනය වෙනුවෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර කළ උත්සවය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද (30) පැවැත්විණි.

විශ්වසනීය අනාගතයක් ගොඩ නඟන භාෂා පරිවර්තනය යන තේමාව යටතේ ජාත්‍යන්තර පරිවර්තන දින උත්සවය පැවති අතර, විද්වත් සංවාද, පරිවර්තන කෙටි කතා එකතුව එළි දැක්වීම සහ භාෂා පරිවර්තක සේවය ඇගයීම මීට සමගාමීව සංවිධානය කර තිබුණි.

පරිවර්තන කෙටි කථා සංග්‍රහය අධිකරණ අමාත්‍යතුමා වෙත පිළිගැන්වීම මෙහිදී සිදු කළ අතර, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ භාෂා පරිවර්තක ප්‍රවීණ ලේඛක චූලානන්ද සමරණායක මහතා විසින් පරිවර්තන සේවය වෙනුවෙන් සිදු කළ සේවය අගය කරමින් උපහාර දැක්වීමද මෙහිදී සිදු විය.

භාෂා පරිවර්තකයින්, අර්ථකථනය කරන්නන්, පාරිභාෂික ශබ්දකෝෂ සම්පාදකයින්ට ගෞරව දැක්වීම සඳහා මෙම දිනය සමරනු ලබන අතර, 2017 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සැප්තැම්බර් 30 වන දිනය නිල වශයෙන් ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය මුනීර් මුලෆ්ෆර්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, තිලක් නන්දන හෙට්ටිආරච්චි, රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ධම්මික ජයසිංහ, කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය රිද්මි හඳපාන්ගොඩ, භාෂා පරිවර්තන අධිකාරී නලින් හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ජාත්‍යන්තර පරිවර්තන භාෂා දින උත්සවය අමතමින් අදහස් පළ කරන ලදී.

ප්‍රවෘත්ති නිවේදනයයි ප්‍රවෘත්ති කතෘ / ප්‍රවෘත්ති අධ්‍යක්ෂ / වෙබ් කතෘ ජාත්‍යන්තර පරිවර්තන දින උත්සවය අධිකරණ ඇමති ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. සැප්තැම්බර් මස 30 වැනි දිනට යෙදී ඇති ජාත්‍යන්තර පරිවර්තන දිනය වෙනුවෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර කළ උත්සවය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද (30) පැවැත්විණි. විශ්වසනීය අනාගතයක් ගොඩ නඟන භාෂා පරිවර්තනය යන තේමාව යටතේ ජාත්‍යන්තර පරිවර්තන දින උත්සවය පැවති අතර, විද්වත් සංවාද, පරිවර්තන කෙටි කතා එකතුව එළි දැක්වීම සහ භාෂා පරිවර්තක සේවය ඇගයීම මීට සමගාමීව සංවිධානය කර තිබුණි. පරිවර්තන කෙටි කථා සංග්‍රහය අධිකරණ අමාත්‍යතුමා වෙත පිළිගැන්වීම මෙහිදී සිදු කළ අතර, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ භාෂා පරිවර්තක ප්‍රවීණ ලේඛක චූලානන්ද සමරණායක මහතා විසින් පරිවර්තන සේවය වෙනුවෙන් සිදු කළ සේවය අගය කරමින් උපහාර දැක්වීමද මෙහිදී සිදු විය. භාෂා පරිවර්තකයින්, අර්ථකථනය කරන්නන්, පාරිභාෂික ශබ්දකෝෂ සම්පාදකයින්ට ගෞරව දැක්වීම සඳහා මෙම දිනය සමරනු ලබන අතර, 2017 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සැප්තැම්බර් 30 වන දිනය නිල වශයෙන් ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය මුනීර් මුලෆ්ෆර්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, තිලක් නන්දන හෙට්ටිආරච්චි, රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ධම්මික ජයසිංහ, කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය රිද්මි හඳපාන්ගොඩ, භාෂා පරිවර්තන අධිකාරී නලින් හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ජාත්‍යන්තර පරිවර්තන භාෂා දින උත්සවය අමතමින් අදහස් පළ කරන ලදී. මාධ්‍ය ඒකකය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය

Share.
Leave A Reply