මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් එළැඹෙන ඉරිදා (07) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

ඒ අනූව රුපියල් මිලියන 57 කට අධික වියදමින් නවීකරණය කරන ලද බාහිර රෝගී අංශය සහ හදිසි ප්‍රතිකාර ඒකකය, රුපියල් මිලියන 5කට අධික මුදලක් වැය කර නවීකරණය කරන ලද රෝහලේ පොදු ගබඩාව, රුපියල් මිලියන 8කට අධික මුදලක් වැයකර රෝහල් පරිශ්‍රයේ ස්ථාපනය කරන ලද කසළ කලමණාකරන ඒකකය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

එමෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්කර ඇති විශේෂඥ වෛද්‍යවරුන්,වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය නිල නිවාස සහ සදහා රථ ගාල්, 18 වාට්ටුව, රෝහල් ආරක්ෂක අංශයේ කාර්යාලය සහ මේ වනවිට ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙමින් පවතින 5,6,7,9 සහ 13 වාට්ටු ,සූතිකාගාරය, මාතෘ වාට්ටු සංකීර්ණය, ශල්‍ය වාට්ටුව සහ අලංකරණය වන ලද බාහිර රෝගී අංශ පිවිසුම සහ රෝහල් භූමිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රාශියක්ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක්වීමට ද නියමිතය.

මෙම සියලු ව්‍යාපෘතීන් සදහා රුපියල් මිලියන 170 කට අධික මුදලක් වැයකර ඇති බවත්, 2024 සහ 2025 වර්ෂයේ දී ‍මෙම ව්‍යාපෘති ආරම්භ කල බවත්, මේ සදහා සියලු මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දුන් බවත්, මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.

දීප්ති විජේතුංග

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය.

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන ඉරිදා (07) ජනතා අයිතියට… මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් එළැඹෙන ඉරිදා (07) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. ඒ අනූව රුපියල් මිලියන 57 කට අධික වියදමින් නවීකරණය කරන ලද බාහිර රෝගී අංශය සහ හදිසි ප්‍රතිකාර ඒකකය, රුපියල් මිලියන 5කට අධික මුදලක් වැය කර නවීකරණය කරන ලද රෝහලේ පොදු ගබඩාව, රුපියල් මිලියන 8කට අධික මුදලක් වැයකර රෝහල් පරිශ්‍රයේ ස්ථාපනය කරන ලද කසළ කලමණාකරන ඒකකය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. එමෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්කර ඇති විශේෂඥ වෛද්‍යවරුන්,වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය නිල නිවාස සහ සදහා රථ ගාල්, 18 වාට්ටුව, රෝහල් ආරක්ෂක අංශයේ කාර්යාලය සහ මේ වනවිට ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙමින් පවතින 5,6,7,9 සහ 13 වාට්ටු ,සූතිකාගාරය, මාතෘ වාට්ටු සංකීර්ණය, ශල්‍ය වාට්ටුව සහ අලංකරණය වන ලද බාහිර රෝගී අංශ පිවිසුම සහ රෝහල් භූමිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රාශියක්ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක්වීමට ද නියමිතය. මෙම සියලු ව්‍යාපෘතීන් සදහා රුපියල් මිලියන 170 කට අධික මුදලක් වැයකර ඇති බවත්, 2024 සහ 2025 වර්ෂයේ දී ‍මෙම ව්‍යාපෘති ආරම්භ කල බවත්, මේ සදහා සියලු මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දුන් බවත්, මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි. දීප්ති විජේතුංග සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය.

Share.
Leave A Reply