අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා විසින් හිරු මාධ්‍ය ජාල සභාපති රේනෝ සිල්වා මහතා වෙත නිකුත් කළ නිල ලිපියකදී, 2025 අගෝස්තු 25 දින හිරු මාධ්‍ය ජාලය විසින් පළ කරන ලද “අගමැතිනි හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!” යන පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය හා මාධ්‍ය සදාචාරයට පටහැනි බව සඳහන් කර ඇත.
අග්‍රාමාත්‍ය ලේකම් ඔහුගේ ලිපියේදී එම පුවත පිළිබඳව ගැඹුරු කණගාටුව දක්වා ඇති අතර, එය වහාම නිවැරදි කිරීමට හිරු මාධ්‍ය ජාලය ක්‍රියාත්මක විය යුතු බවත් අවධාරණය කර ඇත.
මෙම ලිපිය මගින් සදාචාරවත් හා විශ්වාසදායක මාධ්‍යක් ගොඩනගා ගැනීමේ වැදගත්කමත්, සමාජයට අසත්‍ය පුවත් හරහා ඇතිවිය හැකි හානිය පිළිබඳව ද අවධානය යොමු කර ඇත.
journalist Nuwan Prasanna Sumanarathna with Yohan Rasindu Uthpala traning journalist www.ewoledu.com

