📍 මතුගම – 2025 ජූලි 25
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධ විමර්ශනයකට අදාලව රු. 30,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා බැංකු ගිණුමකට බැර කළ හැකි බව දන්වා සිටි කලාකරුවෙකු, 2025.07.24 දින පස්වරු 8.30ට පමණ මතුගම – කටුකුරුන්ද බස් නැවතුම්පොළ අසලදී අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගන්නා ලද්දේ දොඩංගොඩ (මිල්ලගහවත්ත පාර) ප්‍රදේශයේ පදිංචි කලාකරුවෙකු වන කංකානම් ලියන පතිරණගේ විනෝද් තරංග යන පුද්ගලයාය.
මෙම අත්අඩංගුවට ලක්වීමේ පදනම වූයේ, මතුගම ප්‍රදේශයේ පදිංචි විදුහල්පතිනියක සහ අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙකු විසින් කරන ලද පැමිණිලි දෙකකි.
අදාළ විදුහල්පතිනිය සම්බන්ධයෙන් පවතින අල්ලස් විමර්ශනයකට අදාළව එම විමර්ශනය නොකරන බව දන්වා ලිපියක් ලබාදීම සඳහා මුදලක් ඉල්ලා, රු. 30,000ක් බැංකුගත කිරීමටත්, එමගින් විමර්ශන ගොනුවද ලබාදිය හැකි බවද සැකකරු පැවසූ බව වාර්තා වේ.
ඒමෙන්ම, ගුවන් හමුදා නිලධාරියා සම්බන්ධයෙන් පවතින විමර්ශනයක් සඳහා ඔහුව අත්අඩංගුවට නොගැනීම සහ එය පිළිබඳ ලිපියක් ලබාදීම වෙනුවෙන්ද, එම සැකකරු රු. 30,000ක් අල්ලස් වශයෙන් ඉල්ලා බැංකු ගිණුමකට බැරවීමට උපදෙස් දුන් බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නියමිතය.
📞 වැඩිදුර විමසීම් සඳහා:
අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව – මාධ්‍ය ඒකකය
දුරකථන අංකය: 011-2502672
journalist Nuwan Prasanna Sumanarathna with Yohan Rasindu Uthpala traning journalist www.ewoledu.com

Share.
Leave A Reply