කොළඹ වාහන පදින අය මේක හොඳින් කියවන්න… දඩකොළ ගෙදරට එන්නේ තැපෑලෙන්.කැමරා වලින් අධීක්ෂණය කරල.පොඩි වරදකටත් No Excuse ඉතින්. පාරෙ,Colour Lights ළඟ හයි කරපු කැමරා වලින් වීඩියෝව බලල වාහනේ පියාපදිංචි කෙනාගෙ නමට තෑගි එවනවා.😉 🔴 ට්‍රාන්සර් නොකරපු වාහනයක් නම් අනේ ඉතින් දඩකොලේ එන්නේ පොතේ නම සඳහන් පෙර අයිතිකරුට… 🔴කාටවත් වාහනයක් දෙන්න බයයි ඒකා මොන වරද කලත් අයිතිකරුටයි දඩය එන්නේ… 🔴පොතේ නම තියන කෙනා පදිංචි පොලිස් ස්ථානය හරහා ගෙදරටම දැණුම් දෙන්නේ වීඩියෝ chip එකත් පොලීසියට එවලා… 🔴ලයිසන් එක අතේ තියනවා අනේ බම්බු ගහගනින් කියල ඉන්න බැහැ අනිවාර්යයෙන්ම නඩුව වැටෙනවා සාක්ෂි එක්ක වාහන අයිතිකරුට… 🔴පොලීසිය පාරෙ නෑ කියලා දැන් යන්න බැහැ ඒ කියන්නේ.😜 Head lights ගහල කියන්න අයත් නැත.ඒ නිසා පරෙස්සමින් වාහන පැදපියවු. මේ ක්‍රමය හොඳයි කියල හිතනවා දඩ කොළ ගෙවන්න අපිට සල්ලි නැතත් මිනිස්සු වැරදි අවම කරන් drive කරයි..නමුත් මිනිස්සු දැණුවත් නැහැ මේ ගැන..ඒකයි වරද. ඉතින් දැණුවත් වෙයල්ලා මචන්ලා..share කරල දැණුවත් කරපල්ලා අපේ එවුන්ව..මට අවුරුදු තෑගි එවල තිබ්බ නිසා මේ කියන්නේ..හක්මණ පොලෝසියේ මංගල “කැමරා දඩේ” ගෙවල ආවෙ මම…ජීවත් වෙන්න ගහන්න තියන තරමක් කට්ට කාගෙන ගහන ගේම් අස්සේ මේවත් ආවාම සැපයි.පරෙස්සම් වෙයල්ලා යාළුවනේ…🙏🙏🙏

Share.
Leave A Reply