උද්ගතව පවතින තත්ත්වයට අනුව වාර්ෂිකව දළදා දැක්මක් සංවිධානය කිරීමට කටයුතු කරන ලෙස මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් මෙන්ම දියවඩන නිලමේවරයාගෙන්ද ඉල්ලීමක් කිරීමට පියවර ගන්නා බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා පවසයි.
දළදා දැක්ම සඳහා බලාපොරොත්තු වූවාට වඩා අතිවිශාල ජනතාවක් මහනුවර නගරයට ඇදී ඒමෙන් මහජන සෞඛ්ය ඇතුළු විවිධ ගැටලු රැසකට මුහුණ පෑමට සිදු ව පවතින බව ය.
මේ පවතින තත්ත්වය හා උද්ගතව ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ සඳහා මහනුවර දිසාපති, ප්රධාන ලේකම්, සෞඛ්ය හා ආරක්ෂක අංශ ඇතුළු අදාල වැදගත් අංශ නියෝජිතයෝ සහභාගි වුණා. මේ වන විටත් දළදා හාමුදුරුවෝ දැක වැඳ පුදා ගැනීම සඳහා ලක්ෂ 03 ට අධික විශාල බැතිමතුන් පිරිසක් මහනුවර නගරයේ හා පෝලිම්වල දුක් ගැහැට විඳිමින් සිටිනවා. පාලනය කිරීමට නොහැකි තරම් ජනතාව නගරයට පැමිණෙමින් සිටිනවා. මේ හේතුවෙන් නගරයට පැමිණෙන ජනතාව හා රථවාහන සීමා කරන්න අපි පියවර ගන්නවා. එමඟින් මාර්ග තදබදය මෙන්ම ජනතාවගේ තදබදය අවම කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. මේ සඳහා පොලිසියට අමතරව යුද හමුදාවේ සහායද ලබාගෙන තිබෙනවා.
ඊට අමතරව දළදා දැක්ම පැවැත්වෙන දින වකවානු දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතිනවා. මේ උද්ගතව තිබෙන තත්ත්වය පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුවයි අපි තීරණය කළේ වසරක් පාසා දළදා දැක්මක් පැවත්වීමට කටයුතු කරන්නැයි මල්වතු අස්ගිරි නාහිමිවරුන්ගෙන් මෙන්ම දියවඩන නිලමේවරයාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතව තිබේ.
The post දවස් 365කට දළ දා දැක්මක් එයි! appeared first on PFP News.