බලපිටිය හා කඹුරුපිටිය යන මුලික රෝහල් සදහා රුපියල් මිලියන 22.1ක මුදලක් වැය කොට සවිකරණු ලැබු මධ්‍ය වායු සමිකරණ පද්ධති සවිකරණු ලැබු දින සිට සම්පුර්ණයෙන්ම අක්‍රිය වි තිබු අතර මෙකි ව්‍යාපෘති අසාර්ථක විම සම්බන්දයෙන් වගකිවයුතු පාර්ශවයන් හදුනාගෙන රජයට සිදුවු අලාභය අයකරගැනිමට කටයුතු කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
කඹුරුපිටිය මුලික රෝහලේ මධ්‍ය වායු සමිකරණ පද්ධතිය 2015/2016 යන වර්ෂවල සවිකොට තිබුණි. සවිකරණු ලැබු අවස්ථාවේ සිට මෙකි වායු සමිකරණ පද්ධතිය අක්‍රිය ව පැවති බව විගණන කාර්යාලය මගින් නිකුත්කරණු ලැබු වාර්තාවේ සදහන් වේ. බලපිටිය මුලික රෝහල සදහා සවිකරණු ලැබු මධ්‍ය වායු සමිකරණ පද්ධතිය සදහා වැයකොට ඇති මුදල රුපියල් මිලියන 7.7කි. මෙකි වායු සමිකරණ පද්ධතිය 2016 ජුනි මස 20 වැනිදින ස්ථාපනය කරතිබුනද එය 2017 දෙසැම්බර් මස 03 වැනිදින වනවිට සම්පුර්ණයෙන්ම අක්‍රියව පැවතුණි.
The post බලපිටිය හා කඹුරුපිටිය යන මුලික රෝහල් වල වායු රෝගයක්! appeared first on PFP News.