බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාශයේ උසස් පොලිස් නිලධාරිවරයකු ආහාරයට ගත් රෝල් එකක පනුවෙක් සිටි බව කියන සිද්ධියකට අදාළව වරද පිළිගත් පෑලියගොඩ සයිනබ් හෝටලයේ හිමිකරුට රුපියල් 45,000 ක දඩ මුදලක් නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය එම හෝටලය තාවකාලිකව වසා දමන ලෙසටද නියෝග (23) කළාය.
පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි අරුමුගම් රාජේන්ද්‍ර්‍රන් නැමැති විත්තිකරුවෙකුට අධිකරණයෙන් එසේ නියම කෙරුණු අතර මහජන සෞඛ්‍යයපරීක්ෂකවරුන්ගේ නිර්දේශ ලැබෙන තෙක් එම හෝටලය. තාවකාලිකව වසා දමන ලෙසටද අධිකරණයෙන් නියම විය.
සිද්ධියට අදාළව.කැලණිය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජයශංඛ රත්නායක මහතා වෙත ලද පැමිණිල්ලකට අනුව ඊයේ එම නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
The post ලංකාවේ පණු වෙකුගේ මිල රුපියල් 45 000 යි! appeared first on PFP News.