ළමා හා කාන්තා කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති රේනුකා ජයසුන්දරගේ දුෂිත පරිපාලන කටයුතු නිසා රජයේ දේපල අව භාවිතා වීමක් සිදු ව ඇති බව අල්ලස් අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණී කමන්ත තුෂාර මහතා පැවසීය.
එම පාඩුව රුපියල් මිලියන 49.8ක් බව ද ඒ මහතා පවසයි.
අතුරුද න් වූ හෝ සූරා කෑමට ලක්වවූ ළමුන් සඳහා ඡාතික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් විවෘත්ත කිරීමේ ගණු දෙණු වකට සම්බන්ධව මෙම දුෂණය සිදු ව ඇති බව ද හෙතෙම කීය.
මෙහි දී මෙම ව්‍යාපෘතිය යටතේ ඇමරිකන් ඩොලර් 1.26000.00 නැතිනම් රුපියල් 3.78.00.000.00 (මිලියන 37.8 ) මුදලක් මේ හරහා අවභාවිතා කර ඇති බව ද හෙතෙම කීය.
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටවල මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රෑන්පාස් ප්‍ර දේශයේ ගොඩනැල්ලක් විවෘත්ත කිරීම සම්බන්දයෙන් සිදුකළ ගණු දෙනුවක දී මෙම දුෂණය සිදුව ඇති බව ඔහු පවසයි.
දුෂණය සිදු කළ ඇති බවට කරුණු අනවාරණය වී ඇති මෙම පොලිස් නිලධාරිණිය අයතා ලිංගික කටයුතු ප්‍රවර්ධනය කිරීමේ සංවිධාන්තාමක වැඩ සටහනක් ද ක්‍රියාත්මක කර ඇති බව ද ඔහු කීය.
මේ ආදි සිද්ධින් සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදු කරන ලෙසත් අයථා ගණු දෙනු සම්බන්ධව සිදුව ඇති දුෂණය වි මර්ශනය කර එම මුදල් රජයට ලබා ගන්නට පියවර ගන්නා ලෙස ද අල්ලස් අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධාන ය අල්ලස් කොමිසමට පැමිණි කළ බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.
The post සමලිංගික කටයුතු ළමා කාන්තා පොලිසිය කරයි! appeared first on PFP News.