සෞඛ්‍ය අමාත්‍යාංශය සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ ගැටලුව විසඳීම කඩිනමින් සිදුකළ යුතු යැයි පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ආණ්ඩුවෙන් ඉල්ලිමක් කර තිබේ.

එසේ සිදු නොකර උපාධිධාරීන්ට බලපෑම් සිදු කිරීම නො කළ යුතු බව ද පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ප්‍රකාශ කළේ ය.

ඊයේ (24) දින කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී මේ පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා මෙසේ ද පැවසීය.

සෞඛ්‍ය සේවාවට සම සෞඛ්‍යය උපාධිධාරීන් බඳවා ගැනීම මේ වන විට බරපතළ අර්බුදකාරී තත්ත්වයක් බවට පත් වී තිබෙනවා.

මේ ගැටලුව විසඳීම සඳහා පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ දිගින් දිගටම සාකච්ඡා කළ අතර එම එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම මේ වන විටත් ප්‍රමාද කරමින් තිබේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදනය කොමිෂම මගින් සකස් කල ප්‍රමුඛතා ලේඛනයක් තිබියදී සාමාන්‍ය දැනීම පරීක්ෂණයක් පවත්වා උපාධිධාරීන් බඳවා ගැනීමට සැරසීම නො කළ යුතු බව දිගින් දිගටම අප විසින් ප්‍රකාශ කරන කළ බව ද ඒ මහතා කීය.

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයට අයදුම් කළ අපේක්ෂකයන්ගේ තොරතුරු තුන්වන පාර්ශ්වයන්ට ලබාදෙමින් ජාතික ජන බලවේගයට  සම්බන්ධ දේශපාලන පක්ෂයේ සංවිධායකවරුන් විසින් අයදුම්කරුවන්ගේ පෞද්ගලික දුරකථනයන්ට ඇමතුම් ලබා දෙමින් විභාගයට පෙනී සිටින ලෙස බලපෑම් කරමින් සිටියි.

අතීතයේ කිසිදු දිනයක සෞඛ්‍ය අමාත්‍යාංශයේ බඳවා ගැනීම් සඳහා මේ ආකාරයේ දේශපාලන පක්ෂයක ක්‍රියාකාරීන් ක්‍රියාත්මක නොවී නව රජය යටතේ මේ ආකාරයෙන් සිදුවීම බරපතල කණගාටුවට කාරණාවක් වී ඇත.

එමෙන්ම අයදුම්කරුවන්ගේ පෞද්ගලික තොරතුරු තෙවන පාර්ශ්වයකට ලබා දීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු අතරම ඉදිරියේ දී මෙම අයදුම්කරුවන්ට තර්ජනය කිරීම් හෝ වෙනත් බලපෑම් ඇති වුව හොත් ඒ සම්බන්ධයෙන් මෙම අර්බුදය ඇති කළ සියලු පාර්ශවයන් වගකිය යුතු බව අවධාරණය කරන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

The post සෞඛ්‍ය අමාත්‍යංශයෙන් බරපතල වැරදි වැඩක් මෙන්න! appeared first on PFP News.

source https://pfpnews.lk/%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e0%b6%ba-%e0%b6%85%e0%b6%b8%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%82%e0%b7%81%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b6%bb%e0%b6%b4/

Share.
Leave A Reply