ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ බස් රථ ගෙන් වීමේ දී රුපියල් මිලියන 3100 අමතර ගෙවීමක් සිදු කළ මුදල් වංචාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා වි ම ර් ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදු කළ බව අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය පවසයි.
ඊයේ (24) පැමිණිල්ල සිදු සිදු කිරීමෙන් පසුව මාධ්‍යට අදහස් දැක් වූ අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණී කමන්ත තුෂාර මහතා මෙසේ පැවසීය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 20 ක මුදලක් ගෙවා 2018 වර්ෂයේ දී ආසන 54 හා ආසන 35 වර්ගයේ එක් බස් රථයක් මිලියන 11.2 මුදලකට බස් රථ 500 ක් ගෙන් වී මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව ද ඒ මහතා පැවසීය.
පසුව 2020 වර්ෂයේ දී ගත් ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ආසන 54 හා ආසන 35 වශයෙන් බස් රථ 600 ක් එනම් බස් රථ 100 ක් වැඩිපුර ගෙන්වීමට ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කලත් 2023 වර්ෂයේ දී ක්‍රියාවලියෙන් බැහැරව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් බස් රථ 500 ක් ආසන 32 සහිත ගෙන්වීම සඳහා ඇමරිකානු ඩොලර් එක් කෝටි තිස්තුන් ලක්ෂ එකළොස් දහස් දෙසිය පනහක මුදලක් එනම් එක් බස් රථයක් මිලියන 11.2 ක මුදලකට මිල දී ගෙන ඇති බව ඒ මහතා කීය.
මේ අනුව එය 2018 වර්ෂයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට වඩා මිලියන 6.2 ක වැඩිවීමක් බව විගණන වාර් තාව පෙන්වා දී ඇති බව ද හෙතෙම පැවසීය.
බස් මිල දී ගැනීමේ දී සිදු ව ඇති දූෂණය හා වංචාව මිලියන 3100ක මුදලක් බව ද ඒ මහතා පැවසීය.
එම නිසා මේ කටයුත්ත සඳහා වග කිව යුතු දේශපාලන අධිකාරිය සහ හා නිලධාරිනට් එරෙහිව නීතිය ක්‍රියාත්මක කර එම මහජන මුදල් නැවත රජයට අත්පත් කරගෙන වැරදි කල පුද්ගලයන් නීතිය හමුවට පමුණුවන ලෙස අප සිටින බව ද අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණී කමන්ත තුෂාර මහතා වැඩිදුරටත් පැවසීය.
The post රුපියල් මිලියන 3100 බස් මගඩියක්! appeared first on PFP News.