ඇතිමලේ පොලිස් වසමට අයත් වීරපිටිය 28 කොටස පදිංචි තරුණයෙකු (20) වෙනිදා ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ පසුගිය දිනවල පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි කේ.එම් තරුෂ දිල්ශාන් කාවින්ද (19) නැමති තරුණයෙකි.
ප්‍රේම සම්බන්ධතාවයක් කඩවීමෙන් සිත් තැවුලට පත්ව තරුණයා මෙලෙස ගෙල වැලලාගෙන මියගොස් ඇතිබව මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.
ඔහු සියදිවි නසාගන්නා බවට ලිපියක් ලියා නිවස ආසන්නයේ පිහිටි පාළු නිවසක ගෙල වැලලාගෙන තිබේ.
ඇතිමලේ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප ආර්.එම් අබේසිංහ මහතා පරීක්ෂණ පවත්වයි.
The post පෙම් හුටපටය නිසා ගෙලවැල දාගෙන පාසල් සිසුවා මිය යයි! appeared first on PFP News.