මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිලත ප්‍රදේශයන් තුල මෙම දිනවල රාත්රිම හා අළුයම් කාලවලදි විටින් විට පවතින දැඩි මීදුම් තත්ත්වයන් හේතුවෙන් මෙම ප්‍ර දේශයන් තුල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම දිනවල රාත්රිද හා අළුයම් කාලවලදි හැටන් කොළඹ ප්රකධාන මාර්ගයේ හා හැටන් නුවරඑළිය ප්රඅධාන මාර්ගයේ මෙන්ම තවත් මාර්ග කිපයකම විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බවත්ය.

මෙම මාර්ගවල විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් මත සමහර අවස්ථාවලදි මාර්ගය නොපෙනි යන තත්වයක් පවතින බවත් එම තත්වයන් පිලිබදව අවදානය යොමු කර මෙම මාර්ගවල රථ වාහන ධාවනය කරවිමේදි ඉතාමත් කල්පනාකාරිව රථ වාහන ‍ධාවනය කරවිමට පියවර ගන්නා ලෙස සියළුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

The post මධ්‍යම කඳුකරයේ මීදුම රථ වාහන අනතුරු වැඩි කරයි! appeared first on PFP News.

source https://pfpnews.lk/%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b6%b8-%e0%b6%9a%e0%b6%b3%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%93%e0%b6%af%e0%b7%94%e0%b6%b8-%e0%b6%bb%e0%b6%ae-%e0%b7%80/

Share.
Leave A Reply