තම අනියම් බිරිඳගේ සිව් හැවිරිදි පිරිමි සහ ගැහැණු නිවුන් දරුවන් දෙදෙනෙකු බරපතල ලිංගික අපයෝජනයකට ලක්කර පසුව එම නිවුන් දරුවන් දෙදෙනාට කඩුවකින් කොටා බරපතල තුවාල සිදු කර කෲරත්වයට පත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කල දේවාලයක් පවත්වා ගෙන යනු ලබන කපුවෙකු මැයි මස 5 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කලේය.
මෙම අපරාධය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් සම්බන්ධයෙන් අනාවරණය වන්නේ නම් ඔවුන්ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද තව දුරටත් නියෝග කරනු ලැබිය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ අනුරාධපුර සාලියපුර යුද හමුදා කඳවුරත් මාන්කඩවල විද්‍යාලයත් අතර ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන මැදිරිගිරිය දිවුරන්කඩවල දියවර ගම්මානය, අංක 67 ලිපිනයේ පදිංචි ජේ. එම්. ලසිත මදුශාන් නමැති කපුවෙකි.
සැකකාර කපුවා විසින් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කර පසුව කඩුවකින් කොටා බරපතල තුවාල සිදු කල සිව් හැවිරිදි නිවුන් දරුවන් දෙදෙනා කුලියාපිටිය මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.කේ විජයවර්ධන මහතා හමුවට ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළ අධිකරණ වෛද්‍ය වාර්තා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම නිවුන් දරුවන් දෙදෙනා කුලියාපිටිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට හේතු වූයේ අපරාධයට සම්බන්ධ මුල් පැමිණිල්ල නිකවැරටිය පොලිස් කොට්ඨාසයේ දුම්මලසූරිය පොලිස් ස්ථානයට ලැබී තිබීම හේතුවෙනි.
The post ගැහැණු නිවුන් දැරින් බිල්ලට ගන්න අමුතු කපුවා කපෝතියි! appeared first on PFP News.