ලංකාවේ අනතුරු නිවාරණ බහු පාර්ශ්වීය ජාතික සැලැස්ම ක්‍රියාත්මක වන කාල සීමාව 2027 දක්වා දීර්ඝ කරන්නට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පැවසී ය.
ඒ අනුව අනතුරු නිවාරණය පිළිබඳ ජාතික ක්‍රියාකාරී කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස් වීමට නියමිත බව මහතා කීය.
රට තුල සිදු වන අනතුරු තව දුරටත් අවම කිරීමට හේතු වන වැදගත් තීන්දු කිහිපයක් මෙහි දී ගැනීමට නියමිත බව ද ඒ මහතා කීය.
අනතුරු නිවාරණය පිළිබඳ බහු පාර්ශ්වීය හාතික ක්‍රියාකාරී සැලැස්ම අනුව අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග 2020 දී ඇරඹී 2025 දී අවසන් කිරීමට නියමිත ව තිබූ බව ද හෙතෙම කීය.
එහෙත් කොවිඩ් වසංගත තත්වය හා ආර්ථික අර්බුදය ඇතුළු කරුණු ගණනාවක බලපෑමෙන් එහි ඉලක්ක සපුරා ගැනීමට රටක් ලෙස ශ්‍රී ලංකාවට නො හැකි වූ බව ද ඔහු කීය.
එබැවින් එම ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක වන කාල සීමාව ලෙස 2023 සිට 2027 දක්වා පස් අවුරුදු කාලය බව සලකමින් සෞඛ්‍ය ලේකම්වරයා සියළු පාර්ශ්ව වෙත දන්වා ඇතැ යි ඔහු ප්‍රකාශ කළේ ය.
ඒ අනුව 2025 සිට 2027 දක්වා කාල සීමාව ශ්‍රී ලංකාවේ අනතුරු නිවාරණ ක්ෂේත්‍රයේ විප්ලවීය මැදිහත් වීමකින් හා නව ජවයකින් කටයුතු කරන කාල සීමාවක් බවට පත් වනු ඇති බව ද ඔහු විශ්වාස කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.
The post 2025 සිට 2027 අනතුරු නිවාරණ ජාතික සැලැස්මක් ! appeared first on PFP News.