හෝමාගම ප්‍රාදේශීය සභාව ලංකාවේ පිරිසිදු සුන්දර ම සභාව බවට පත් කරනවා!

හෝමාගම ප්‍රාදේශි සභා බල ප්‍රදේශය ලංකාවේ   මැසි මදුරුවන්ගෙන් තොර කසළ ගැටළුවට විසදුම් ලබා දෙමින් පිරිසිදුව පාලනයක් ඇති කරන බව ප්‍රගතිශීලි ජන බලවේග පක්ෂයේ නායක හෝමාගම ප්‍රාදේශීය සභාවට ස්වාධීන කණ්ඩාම් අපේක්ෂක ටී.බී සුසන්ත බණ්ඩාර මහතා පැවසීය.

පසුගිය දින පැවති ජන හමු කිහිපයක් අමතමින් ඒ මහතා මෙසේ ද  පැවසී ය.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා මා හෝමාගම ප්‍රාදේශි සභාවට මාදුලාව  කොට්ඨාසයේන් මාදුලාව උතුර, මාදුලාව, කුරුගල,පොරේ ගෙදර, හල්බරාව යන වසම් නියෝජනය කරමින් අතිශයින්ම ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසින් මා හැන්ද ලකුණින් මෙවර  තරඟ කරනවා.

මා මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ  කිරීමේ ප්‍රධානම  අරමුණ  වන්නේ මා සතුව බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති තුනක් මහ පොළවේ ජනගත කිරීමයි.

එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නම් අඩුම තරමේන් ප්‍රාදේශීය මට්ටමෙන් හො  මහජන බලයක් අවශ්‍යයි මා හැකි පමණින් එම ව්‍යාපෘති මාගේ පෞද්ගලික මුදල් වලින් හා දානපතියන්ගේ ආධාර වලින් හැකි පමණින් ජනතාව වෙනුවෙන් එම සේවාවන් ඉටු කර තිබෙනවා.

ඒ වගේම ග්‍රාම සංවර්ධන කටයුතු කිරීම ගමේ ජනතාවගේ අඩුපාඩු හා පොදු කටයුතු සොයා බලා මෙතෙක් ගම නියෝජනය  කරමින් ගමේ සංවර්ධන කටයුතු කිරීමට බැරි වුණු මහජන අපේක්ෂකයින් නැවතත් ප්‍රාදේශීය සභාවට යැවීමෙන් සිදු වන්නේ නැවත නැවතත් ගම අගාධයට  වැටීමයි.

අඩුම තරමින් තමන් නියෝජනය කළ වසමේ පාරක්වත් නිසියාකාරව  සකස් කර දීමට සමත්වීමට නොහැකි වූ අපේක්ෂකයන් වාහනේක තබා පයින්වත් යාමට නොහැකියි  එම පාරවල් වලම යනවා.

ඡන්දය නැවතත් ඉල්ලමින්  මේ හේතුව නිසා හිටපු නියෝජිතයන් ගැන කලකිරීමෙන් මෙවර ඡන්දය දීමෙන් වැළකීමට ගමේ ජනතාව තීරණය කර තිබෙනවා.

මේ තීරණය නිසා අපි ඔවුන් සමඟ සාකච්ඡා කර නැවතත් ප්‍රතිසංස්කරණ කටයුතු ඉරියට කරගෙන යෑමට අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම විරැකියාවට තිත ස්වයං රැකියාවට මඟ තේමාව යටතේ මා සතුව තිබෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඔබගේ සහයෝගය අවශ්‍යයි.

දැනටමත් එම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා ව්‍යාපෘති දිගටම ක්‍රියාත්මක කරගෙන යෑමට ඔබ සැමටම ආරාධනා කරනවා මේ ව්‍යාපෘති හරහා ගමේ අඩු ආදායම්ලාභීන් රැකියාව බලාපොරොත්තුවෙන් සිටින ඔබ සැමට අවස්ථාව ලැබෙනවා.

එම ව්‍යාපෘතිය හරහා මේ වන විටත් කෘෂිකර්මාන්තයේ යෙදෙන ගමෙ ජනතාව වෙනුවෙන් ඉඩම් නැති අයට වගාකට ද කිරීමට අවශ්‍ය ඉඩම් සොයා දී ඒවාට වගා කිරීමට අවශ්‍ය කරන දානෙ වර්ග පැලවලගර්ග පොහොර බෙහෙත් අවශ්‍ය දැනුම ඇතුළු මෙම සියලුම කර්තව්‍යයෙන් දැනටමත් ක්‍රියාත්මක  වෙමින් යනවා.

ඒ වගේම ආරෝග්‍යා පරමාලාභා සියළුම  ජනතාවගේ නිරෝගිභාවය උදෙසා දේශීය වෛද්‍ය සායන නොමිලේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ වගේම ස්වයං රැකියාවෙ නියුතු ඔබට මේ වෙනකොටත් අපි වෙළඳපොළ සකසා දී තිබෙනවා.

ඉදිරියේ දී ඔබට ඔබ කරන ස්වයං  රැකියාව පිළිබඳව අපිට දැනුවත් කරන්න ඔබටත් අපි වෙළඳපොළ සකසා දෙනවා.

නමුත් අපිට මේ වෙද්දී ගැටලුවක් මතුව තිබෙනවා. ඒ තමයි අපගේ මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන කොට එය දරාගත නොහැකි පිරිස එයට අකුල් හෙලීම එම නිසා අපට අවශ්‍ය කරනවා.

මහජන බලය මහජන බලය අපිට තියෙනවා නම් මේ ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට අපිට හැකියාව තිබෙනවා.

ඔබගේ සහයෝගය අපිට මෙවර පළාත් පාලනවා  නියෝජනය කිරීමට අවශ්‍ය ජන බලය ලබා දෙනෙ මෙන් ඉල්ලනවා. ඒ වගේම මහජන නියෝජිතයකුගේ වගකීම වෙන්නේ ගමේ ලයිට් කණුවකට  ලයිට් එකක් ලබා දීම නොවේ. ජනතාව වෙනුවෙන් වැඩ කිරීමයි ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා කැපවී වැඩ කිරීමයි නමුත් පාලකයන් වැඩිපුර කරන්නේ ඡන්දය ගත් පසු ඡන්දදායකයා අමතක කිරීමයි.

මේ වන විටත් අඩු ආදායම්ලාභී විශාල පිරිසකට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදී ට ඔවුන් හත ජීවත්වීමට සහල් ලැබි ලබා දී තිබෙනවා. ඒ වගේම යෙදිත් විරැකියාවට විතර ස්වල් රැකියාවට මග ව්‍යාපෘතිය හරහා විශාල පිරිසකට සහන සකසා දී ස්වයං රැකියා ලාභින් බිහි කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම කලා කටයුතු හා ක්‍රීඩා කටයුතු කරන ඔබට අපගේ ජනෝදය ජන සේවා සංවිධානය හරහා විශාල අත්වැලක් දීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ගම වෙනුවෙන් වැඩ කරන සමාජ සේවාවන් කරන  නිර්ලෝභී රට වෙනුවෙන් බත සපයන  ඔබ සැම වෙනුවෙන් අපි ඇගේයිම් සම්මානද පිරිනැමීමට  බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ආලි දෙන්නම් කොටි දෙන්නම් කියලා උඩ පැනපෙන බොරු කිව්ව මිනිස්සුන්ව තව තවත් ඔබ රැවටෙන්නේ නැතුව  නිර්ලෝභීව අතිශයින්ම ස්වාධීනව තරග වදින අප ස්වාධීන කණ්ඩායමට හැන්ද ලකුණට ඔබගේ මනාපය ලබා දී සභාවට තෝරා පත් කරන මෙන් ඔබ සැමගේ ඉල්ලා සිටින බව ද ප්‍රගතිශීලි ජන බලවේගයෙ නායක හෝමාගම ප්‍රාදේශීය සභාවට ස්වාධීන කණ්ඩායමෙන් තරඟ වදින ටී.බී සුසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

The post ප්‍රගතිශීලි ජන බලවේග පක්ෂයේ නායක ටී.බී සුසන්ත බණ්ඩාර appeared first on PFP News.

source https://pfpnews.lk/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%9c%e0%b6%ad%e0%b7%92%e0%b7%81%e0%b7%93%e0%b6%bd%e0%b7%92-%e0%b6%a2%e0%b6%b1-%e0%b6%b6%e0%b6%bd%e0%b7%80%e0%b7%9a%e0%b6%9c-%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a/

Share.
Leave A Reply