කළුතර – වාද්දුව අතර අවට ප්‍රදේශයේ දින තුනක් තිස්සේ  පානීය ජල සැපයුම් නොමතිව අපහසුතාවයට පත්ව ඇති බවට ප්‍රදේශවාසීහූ චෝදනා නගති.

රාත්‍රී කාලයට පමණක් ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුම සුළු වශයෙන් ලැබුනද දිවා කාලයේ ජලය නොලැබෙන බවට ඔවුහූ පවසති.

අනෙකුත් අවශ්‍යතා කෙසේ වුවද ආහාර පිසීම මෙන්ම පානීය ජලයද නොමැතිවීමෙන් ඔවුහූ මහත් පීඩාවට පත්ව සිටිති.

මේ පිළිබද බළධාරීන් දැනුවත් කිරීමට උත්සහ කලද දුරකථන වලටද ප්‍රතිචාර නොදක්වන බවද වාර්තාවේ.

The post කළුතර ට බොන්න ජලය නෑ appeared first on PFP News.

source https://pfpnews.lk/%e0%b6%9a%e0%b7%85%e0%b7%94%e0%b6%ad%e0%b6%bb-%e0%b6%a7-%e0%b6%b6%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%a2%e0%b6%bd%e0%b6%ba-%e0%b6%b1%e0%b7%91/

Share.
Leave A Reply