ලංගම කඩා වැටිල නෙමෙයි, කඩා වට්ටලා. දේශපාලකයින් සහ සමහර නිලධාරීන් මේ කඩාවැටීමට වග කියන්න ඕනෑ.

#

මේ විනාශය ඇස් ඉදිරිපිට කළ දෙයක්. ලංගම ගොඩගන්න අලියා බෝට්ටුවකින් අදින්න ඕනෑ.

#

අපි හොරකම් නොකරන ආණ්ඩුවක්. ඒ වගේම ජේ.වී.පී. සහ එන්.පී.පී. සාමාජිකයින්ගෙන් ඩිපෝ පුරවන්නේ නැතුව ආදර්ශයක් දීලා තියෙනවා.

#

-ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා.

ලංගම ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ප්‍රවාහනය මූලික කරගෙන සකස්කළ ව්‍යාපාර සැලැස්මකට (Business Plan) අනුව තෝරාගත් ඩිපෝ විසිපහක් දියුණු කිරීමට කටයුතු කරනු ලබන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.

ඩිපෝ ප්‍රතිසංවිධානයට අදාළ ව රත්නපුර පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සබරගමුව ප්‍රාදේශීය කාර්යාලයේ නිරීක්‍ෂණයකට අද දින (2025 අප්‍රේල් මස 20 ) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා;

‘”එදා සුළු පිරිසක් හොරකමට දායක වුණා. අනෙක් අය නිහඬව බලා සිටියා. ලොකු ලොකු අය ලොකු ලොකුවට හොරකම් කරන කොට පොඩි පොඩි අය පොඩි පොඩියට හොරකම් කරන්න පුරුදු වුණා. ඇමතිවරයා හොරකම් කරකර ආයතනය විනාශ කරනවා දකින සුලු සේවකයාට කැරකෙන විදුලි පංකාවක් නිවා දමන්න හිතෙන්නේ නෑ.

ලංගම ගොඩනැගීමට රජයක් හැටියට අපි සූදානම්. ඒ සඳහා සියළු තරාතිරම්වල සියළුම සේවක කණ්ඩායම්වල සහයෝගය අවශ්‍ය යි. දැන් තියෙන තත්වයේ හැටියට ලංගම ලාභ හොයන්න කළින් සිද්ධවෙන පාඩු නතර කරගන්න ඕනෑ. ටිකට් කැඩීම සහ ටිකට් මුදල් එකතු කිරීම විධිමත් කළ යුතුයි. ලංගම සේවකයාට තමන්ගේ රැකියාව පිළිබඳ ගරුත්වයක් ඇති කළ යුතුයි”
යැයි පැවසීය.

රජය සතු ආයතන වල ‘සොච්චමක්’ හෝ විකිණීමට කටයුතු නොකරන බව අවධාරණය කළ අමාත්‍යවරයා, මාරාන්තික තත්වයේ ඇති ලංගම යේ වංචාව, දුෂණය පිටුදැක නව හුස්මක් ලබාදෙමින් ගොඩනැගීම සඳහා රජය කැපවන බව ද වැඩිදුරටත් පැවසී ය.

සබරගමුව ප්‍රාදේශීය කාර්යාලයේ කාර්මික අංශය විසින් අලුත්වැඩියා කරන ලද බස් රථයක් දෙණියාය-රත්නපුර (මාර්ග අංක 62) මාර්ගයේ ධාවනය සඳහා එක් කිරීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සබරගමුව ප්‍රාදේශීය කළමනාකරු එන්.කේ.ඩී.එම්.බී. ඇල්ලවලතැන්න, ප්‍රාදේශීය ධාවන කළමණාකරු චින්තක රණසිංහ, ප්‍රාදේශීය ඉංජිනේරු කළමනාකරු පීල්ලගෙදර යන මහත්වරු ඇතුළු ඩිපෝ කළමනාකරුවෝ ද ධාවන, ඉංජිනේරු සහ මුදල් අංශ නියෝජනය කරමින් නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ.

-මාධ්‍ය අංශය
ප්‍රවාහන, මහමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය

2025.04.20 *ලංගම කඩා වැටිල නෙමෙයි, කඩා වට්ටලා. දේශපාලකයින් සහ සමහර නිලධාරීන් මේ කඩාවැටීමට වග කියන්න ඕනෑ.* ############### *මේ විනාශය ඇස් ඉදිරිපිට කළ දෙයක්. ලංගම ගොඩගන්න අලියා බෝට්ටුවකින් අදින්න ඕනෑ.* ############### *අපි හොරකම් නොකරන ආණ්ඩුවක්. ඒ වගේම ජේ.වී.පී. සහ එන්.පී.පී. සාමාජිකයින්ගෙන් ඩිපෝ පුරවන්නේ නැතුව ආදර්ශයක් දීලා තියෙනවා.* ############### -ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා. ලංගම ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ප්‍රවාහනය මූලික කරගෙන සකස්කළ ව්‍යාපාර සැලැස්මකට (Business Plan) අනුව තෝරාගත් ඩිපෝ විසිපහක් දියුණු කිරීමට කටයුතු කරනු ලබන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. ඩිපෝ ප්‍රතිසංවිධානයට අදාළ ව රත්නපුර පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සබරගමුව ප්‍රාදේශීය කාර්යාලයේ නිරීක්‍ෂණයකට අද දින (2025 අප්‍රේල් මස 20 ) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය. එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා; ‘”එදා සුළු පිරිසක් හොරකමට දායක වුණා. අනෙක් අය නිහඬව බලා සිටියා. ලොකු ලොකු අය ලොකු ලොකුවට හොරකම් කරන කොට පොඩි පොඩි අය පොඩි පොඩියට හොරකම් කරන්න පුරුදු වුණා. ඇමතිවරයා හොරකම් කරකර ආයතනය විනාශ කරනවා දකින සුලු සේවකයාට කැරකෙන විදුලි පංකාවක් නිවා දමන්න හිතෙන්නේ නෑ. ලංගම ගොඩනැගීමට රජයක් හැටියට අපි සූදානම්. ඒ සඳහා සියළු තරාතිරම්වල සියළුම සේවක කණ්ඩායම්වල සහයෝගය අවශ්‍ය යි. දැන් තියෙන තත්වයේ හැටියට ලංගම ලාභ හොයන්න කළින් සිද්ධවෙන පාඩු නතර කරගන්න ඕනෑ. ටිකට් කැඩීම සහ ටිකට් මුදල් එකතු කිරීම විධිමත් කළ යුතුයි. ලංගම සේවකයාට තමන්ගේ රැකියාව පිළිබඳ ගරුත්වයක් ඇති කළ යුතුයි” යැයි පැවසීය. රජය සතු ආයතන වල ‘සොච්චමක්’ හෝ විකිණීමට කටයුතු නොකරන බව අවධාරණය කළ අමාත්‍යවරයා, මාරාන්තික තත්වයේ ඇති ලංගම යේ වංචාව, දුෂණය පිටුදැක නව හුස්මක් ලබාදෙමින් ගොඩනැගීම සඳහා රජය කැපවන බව ද වැඩිදුරටත් පැවසී ය. සබරගමුව ප්‍රාදේශීය කාර්යාලයේ කාර්මික අංශය විසින් අලුත්වැඩියා කරන ලද බස් රථයක් දෙණියාය-රත්නපුර (මාර්ග අංක 62) මාර්ගයේ ධාවනය සඳහා එක් කිරීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සබරගමුව ප්‍රාදේශීය කළමනාකරු එන්.කේ.ඩී.එම්.බී. ඇල්ලවලතැන්න, ප්‍රාදේශීය ධාවන කළමණාකරු චින්තක රණසිංහ, ප්‍රාදේශීය ඉංජිනේරු කළමනාකරු පීල්ලගෙදර යන මහත්වරු ඇතුළු ඩිපෝ කළමනාකරුවෝ ද ධාවන, ඉංජිනේරු සහ මුදල් අංශ නියෝජනය කරමින් නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ. –

Share.
Leave A Reply