ඔවුන් දෙදෙනා රටක ප්‍රජාතාන්ත්‍රිකව තෝරා ගත් ජනාධිපතිවරුන් දෙදෙනෙක්. වයසින්, දැනුමින් සහ අත්දැකීමෙන් මුහුකුරා ගිය මහා පුරුෂයන් දෙදෙනෙක්. ඒ වුණත් ඔවුන් අතර තිබෙන අන්‍යෝන්‍ය සහෝදර ගෞරවය එදා වගේමයි. මහින්ද මහතා ඔහුගේ සහෝදරයාගේ හිස අතගා කරුණාවෙන් ආශීර්වාද කළා. ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම ඒ චාරිත්‍ර ඉෂ්ට වූ බව මට ඉන් පැහැදිලි වුණා.

පිරිහෙමින් තිබෙන නූතන ලක් සමාජයට අවශ්‍ය කරන්නේ මෙවැනි ආදර්ශමත් චරිත ය. තමා කෙතරම් ඉහළට ගියත් වැඩිහිටියන්ට ගෞරව කිරීම වටිනා මිනිස් ගුණයකි. නිහතමානී බවකි. එම ගුණධර්ම බෞද්ධ සිංහල සංස්කෘතියේ ඔබ්බවා තිබේ.

එවැනි උතුමන් ඇසුරු කිරීමට ලැබීම අප ලද භාග්‍යයකි. ලංකාද්වීපය බෙදා කොටසක් අල්වා ගැනීමට යුද්ධ කළ ත්‍රස්තවාදීන් පරදවා අප ගලවා ගත්, මාරාන්තික ගෝලීය වසංගතයකින් අපගේ ජීවිත බේරා ගත්, රට ලේ විලක් කිරීමට තැත් කළ කුමන්ත්‍රණය පැරදවීමට සිය බලය අත්හැරි එම අසහාය ජන නායකයින් දෙදෙනෙකුගෙන්ම නව වසරට ආශීර්වාද ලබා ගැනීමට හැකි වීම සැබැවින්ම භාග්‍යයකි. ධර්මය අපට මග වේවා!

උපුටා ගැනීමක් .

Share.
Leave A Reply