ජනතාව පාලනයකින් තොරව ක්ෂණික ආහාරවලට ඇබ්බැහි වීම නිසා අහක යන මරණය තමාට කැඳවාගෙන නිරපරාදේ මරණයට අතවනන භයානක තත්ත්වයක් රටතුළ ඇති වී ඇති බව ශ්‍රි ලංකා පෝෂණ විද්‍යා අංශයේ අංශාධිපති විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා පැවසීය.ලෝක ස්ථූල ( මහත) දිනය මාර්තු 04 දිනට යෙදී ඇති අතර ඒ නි‍ම්ත්තෙන් පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා එසේ කීය.වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේද කීය.අධික ස්ථූල ( මහත) සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ යුතුයි. ඒ වෙනුවෙන් පෝෂණ වෛද්‍යවරු වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. ස්ථූල භාවයෙන් මිදෙන්න සමාජ මාධ්‍යයේ තියෙන දේවල් කරලා බැහැ. හෙට ඕනම කෙනෙක් ස්ථූල භාවයට පත් වෙන්න පුළුවන් .ස්ථූල භාවයෙන් මිදෙන්න ඕනද?. හෙට ඕනම පුද්ගලයෙක් ස්ථූල භාවයට පත් වෙන්න පුළුවන් ඒ නිසා මෙය ජනතාවට වැදගත් වෙනවා.ලෝක ස්ථූල දිනය මාර්තු 04 දිනට යෙදී තිබේ. ඒ අනුව ලංකාවේ මෙම දිනය ඉහලින්ම සැමරිීමට පියවර ගෙන තිබෙනවා. මේය සත්තකින්ම ලංකාවේ පළමු වාතාවට සිදු කරනවා. ලංකාවේ බෝ නොවන රෝග අතරේ ගත් කළ ස්ථුල භාවය බියකර ස්භාවයක් ගන්නා නිසා මේහි වැදගත්කම ජනතාව තේරුම් ගත යුතුව තිබෙනවා.වයස අවුරුදු 35 ට වැඩි කාන්තාවන්ගෙන් සියයට 40 ක්ම අධික ස්ථුල භාවයෙන් බෙලෙන අතර ළමයින්ගෙන් සියයට 2 සිට සියයට 6 දක්වා ස්ධූල භාවය නිසා පිඩාවට පත්ව සිටිනවා.මෙය වලක්වමින් මෙයට විසදුම් ලබාදිය යුතුව තිබේ. ඇයි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මුළු වියදමෙන් බෝනොවන රෝගවලට වැය කරන මුදල් ඉතාම ඉහළ අගයක ගන්නවා. මේ නිසා මෙය පාලනය කිරීම තුළ අපගේ සෞඛ්‍ය වියදම ද පාලනය කළ ගත හැකිව තියනවා.ස්ථූල භාවයෙන් ඔබ පෙලෙනවා නම් ඔබ ඔබේ බරින් සියයට 10 අඩු කර ගන්නා හැකි නම් වැදගත් වෙනවා.තේ රසට තේ බොන්න සීනි රසට තේ බොන්න එපා. එලවළු රසට එළවළු කන්න. කොළ වර්ග පලා වර්ග සහිතව ක්‍රමවත් ආකාරයට පිළියෙළ කළ ආහාර ගන්න. ඔබුට මහත් පාලනය කර ගත් හැකියි.බඩ පුරා බත් කන ක්‍රමය කරුණාකර වෙනස් කර ගෙන බත් කන්න කෝප්යක් පිරීස් කොප්පයකින් එකක් කන්න පුරුදු වෙන්න. ඔබට අධික බර පාලනය කර ගත හැකියි. සෞඛ්‍යයට ද යහපතක් වෙනවා.අධි සැපයුම් ආහාර හා ක්ෂණික ආහාර ගන්න එපා. ඒවා සීමා කරන්න. නැතිනම් මරණය ඉබේටම කැඳවා ගන්නට හැකියාවක් එනවා. පරිස්සම් වන්න නැතිනම් ඔබේ ජීවිතය ඉබේම මරුවා ලඟට යන්න හැකියාව තියනවා.ක්ෂණික ආහාර ගන්නාවා නම් මරණයට අත වැනීමකි. නිරෝගි අය රෝගි වන්නට ද රෝගි අය තව තවත් රෝගී වන්නට ද කෙළවර මරණය දක්වා ගමන් කරන්නට ද ක්ෂණික ආහාර බිය කරුයි. ඒ නිසා සීමාවක් ඇතිව ක්ෂණික ආහාර ගන්න කියා අප ජනතාවට මතක් කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Share.
Leave A Reply