සහල් මිළ වෙනසක් නැති උනත් වැටලීම් දිගටම සහල් වැටලීම් 1400 ක් 2025.03.02වසරේ ජනවාරි සිට මේ දක්වා සහල් වැටලීම් 1400 ක් පමණ සිදුකර ඇති අතර සහල් වැඩි මිලට අලෙවිකිරීම සම්බන්ධව වැටලීම් 400 කට වැඩි ප්‍රමාණයක්ද සිදුකර ඇති බව පාරිභෝගික අධිකාරිය පවසයි.සහල් වැඩි මිලට අලෙවිකරණ තනි පුද්ගල ව්‍යාපාරිකයෙකුට එරහිව නඩු පැවරීමෙන් පසුව වරදකරු වුවහොත් රුපියල් ලක්ෂයක්,ලක්ෂ පහක් අතර දඩමුදලක් හෝ මාස හයක සිර දඩුවම් නියමකිරීමටත් හෝ එම දෙකම නියමකිරීමටත්,පුද්ගලික සමාගමකට රුපියල් ලක්ෂ පහත්, ලක්ෂ පනහත් අතර දඩ මුදලක් නියමකිරීමටත්,සහල් සගවතැබීම සම්බන්ධව වරදකදී වරදකරු වුවහොත් දඩ මුදලක් හෝ සිර දඩුවම හෝ ඉහත දෙකම මෙන්ම අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ඉදිරියේ දී පියවර ගැනීමට නියමිතව තිබේ.දෙවනවර සිදුකරන වරදකදී එම අවම දඩ මුදල මෙන් දෙගුණයක් දඩ නියම කිරීමටත්,වසරක් දක්වා සිර දඩුවමක් ලබාදීමටත් පාරිහෝගික කටයුතු පිළිබද අධිකාරිය පනත යටතේ අධිකරණයට හැකියාව තිබේ.මේ වනවිට වෙළදපොලෙහි සහල් මිල ගණන් පාරිහෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් නියම කරන ලද උපරිම සිල්ලර මිලට පැවතියද සමහර වෙළදුන් විසින් කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවිකිරීමත් සගවා තැබීමත් සිදුකරන බවට පැමිණිලි ලැබෙමින් පවතින බව ද එම අධිකාරිය පැවසීය.පාරිහෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් සහල් සම්බන්ධව නිකුත්කර ඇති ගැසට් නිවේදනය අනුව කීරි සම්බා අලෙවිකළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 260.00 ක් වන බැවින් එම මිලට අලෙවිකළ හැකි සැපයුම්කරුවන්ගෙන් පමණක් සහල් මිලදීගන්නා ලෙසත් භාණ්ඩ සැපයුම්කරුවන් ලබාදෙන බිල්පත තමන් සන්තකයේ තබාගැනීම අනිවාර්ය බවත් වෙළදුන් වෙත දැනුම් දෙන අතර සැපයුම්කරුවන් සහල් ලබාදීමේ දී වැඩිපුර මුදල් ඉල්ලා සිටින්නෙනම් ඒ සම්බන්ධව වන තොරතුරු පාරිහෝගික කටයුතු පිළිබද අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත කාර්යාලයීය වෙලාවන් තුල ලබාදීමට කටයුතු කරන ලෙසද තවදුරටත් වෙළදුන් දැනුවත් කරනු ලැබේ.දිවයින පුරා සිදුකරන වැටලීම්වලට අමතරව,පසුගිය දිනවල තලවතුගොඩ, හංවැල්ල සහ කඩුවෙල ප්‍ර දේශවල සිදුකරන ලද විශේෂ වැටලීම්වලදී සහල් සම්බන්ධව වැටලීම් 10 ක් සිදුකකල අතර එහිදී කීරි සම්බා වැඩි මිලට අලෙවිකිරීම,මිල ප්‍රදර්ශනය නොකිරීම සහ සගවා තබාගැනීම සිදුකරන ලද වෙළදුන් 7 දෙනෙකු සදහාත් නාඩු සහල් වැඩි මිලට අලෙවිකිරීමත්,මිල ප්‍රදර්ශනය නොකිරීමත් සම්බන්ධව වෙළදුන් තිදෙනෙකුටත් එරෙහිව නීතිමය පියවර ගනු ලැබු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශ කළේය.

Share.
Leave A Reply