හිතවත් මාධ්‍යවේදී සුනෙත් ගේ යෝජනාවක් මාධ්‍යවේදී මිතුරු මිතුරියනි, හිතවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මිතුරු මිතුරියනි ,මේ රෝගය සම්බන්ධයෙන් සිංහලෙන් කියන විට ශ්‍රී ලංකාවේ විවිධ පුද්ගලයින් හා ආයතන හා පුද්ගලයින් විවිධ ආකාරයට ශබ්ද කරන අයුරු දැක තිබෙනව. සමහරු”චිකන් ගුන් යා “කියනවා.”සමහරු “චිකුන් ගුන් යා “කියනවා.ඒත් WHO වැනි ආයතන ඇතුළුව බහුතරයක් භාවිත කරන්නේ “චිකුන්ගුන් යා”නිසා එය නම ලෙස භාවිත කරමුද ?9 April 2025
සුවදේශීය ප්‍රශ්න ගැටලු අප්‍රමාණයි .නමුත් අපි මැදිහත් වන්නේ අන්තර්ජාතික ප්රශ්නවලටසැබෑව කුමක්ද?.මේ අප්‍රේල් 8දාට ඊශ්‍රායලයේ පලස්තීන ආක්‍රමණයට/ සංහාරයට අවුරුදු එකහමාරක්, මාස 18ක් පිරෙනව. ඊශ්‍රායලය සුපුරුදු විදියටම දරුවන් ස්ත්‍රීන් කියල බලන්නැතුව මේ ම්ලේච්ඡ සංහාරය දිගින් දිගටම කරගෙන යනව. උන්ට ඒකට පිටුබලය දෙන්නෙ ඇමරිකාව.අහස පොළොව නූහුලන මේ ජන ඝාතනයට අපි එක්වී විරෝධය දක්වන්න ඕන නේද? ඒ නිසා ලබන 8දා හවස 3ට කොල්ලුපිටියේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටට රැස්වෙමු. අපේ විරෝධය ලෝකෙටම ඇහෙන්න හඬ නගා කියමු7 April 2025