රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා පත් කර තිබේ.

ඒ අනුව ඊයේ (17) රැස්වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 හි විධිවිධාන සහ 2024 දෙසැම්බර් 06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරයන් පත් කිරීම සිදුවූ අතර එහිදී සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා පත්කර ඇත. මෙසේ පත්කළ සාමාජික මන්ත්‍රීවරයන්ගේ නම් ගරු කථානායකවරයා විසින් අද (18) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව ගරු (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම, ගරු රවී කරුණානායක, ගරු හර්ෂණ රාජකරුණා, ගරු නිමල් පලිහේන, ගරු විජේසිරි බස්නායක, ගරු තිළිණ සමරකෝන්, ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මන්ත්‍රීවරයන් මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කොට තිබේ.

Share.
Leave A Reply