පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය ගරු බිමල් රත්නායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරු  පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි සිය කාර්යාලවලදී අද පස්වරුවේ වැඩ භාර ගැනීම සිදුවිය.

ධීවර අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකරන්, සභානායක ලේකම් ජනකාන්ත සිල්වා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම් ජනක ජයසුන්දර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share.
Leave A Reply