ගුවන් තොටුපොළ මඟින් මෙරටට ඇතුළුවිය හැකි මන්කිපොක්ස් රෝගීන් හඳුනාගැනීමට දිවයිනපුරා ආවේක්ශණ පද්ධතියක් සකස් කර තිබෙනවා.
එමෙන්ම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේ, මන්කිපොක්ස් රෝගීන් හඳුනාගතහොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ පහසුකම් කොළඹ බෝවන රෝග විද්‍යායතනය තුළ ස්ථාපිත කර ඇති බවයි.
කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය සතුව මන්කිපොක්ස් රෝගීන් හඳුනාගැනීමේ රසායනාගාර පහසුකම් පවතින බව ද විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළා.
ඔහු තවදුරටත් පැවසුවේ, ඒ සම්බන්ධ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් ද සියලුම සෞඛ්‍ය සේවා ආයතන වෙත ලබාදී ඇති බවයි.
සංවිධානාත්මකව ගෝලීය මට්ටමින් පෙර සුදානම්වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා හදිසි මහජන සෞඛ්‍ය අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මන්කිපොක්ස් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
Previous Articleදූෂණ විරෝධී පනත පිළිබදව සාකච්ඡාවක් අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ.
Next Article මාධ්‍ය නිවේදනය – ආගමන විගමන දෙපාර්තමේන්තුව