නීති විරෝධී ආකාරයෙන් ගල්කිස්ස දිසා විනිසුරු නිල නිවසට ජලය සහ විදුලිය ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි කොළඹ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වනිසුරු කෝසල සේනාධිර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
පසුගිය 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මහෙස්ත්‍රාත්වරයාගේ සේවය අත්හිටුවා ඇති අතර, සිද්ධිය පිළිබදව විමර්ශන අවසන් වන තෙක් එම තහනම ක්‍රියාත්මක වෙයි.
වැඩ තහනමට ලක් වු මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය වන අවස්ථාවේ ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කර ඇති අතර, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම නීති විරෝධි ක්‍රියාව පිළිබදව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලිඛිතව කළ පැමිණිල්ලකට අනුව එම කොමිෂන් සභාව විසින් කරන ලද මුලික විමර්ශනයකට අනුව මෙම පියවර ගෙන ඇත.
ගල්කිස්ස දිසා විනිසුරු නිල නිවසට අනවසරයෙන් ජලය සහ විදුලිය ලබා ගැනීමේ සිද්ධිය ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටළු පිළිබදව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ හෙලිදරව්වක් සිදු කළේය
Previous ArticleA land belonging to the Urban Development Authority in Colombo leased for 99 years without the approval of the Board of Directors
Next Article 2023 Trend Survey on Tobacco