ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ,
අතිගරු ජනාධිපතිතුමනි,
පසුගිය කාලය තුළ මාධ්‍යවේදීන් ඝාතනයන්, පහරදීම්, පැහැරගෙන යාම, අතුරුදහන් කිරීම්, තර්ජනයන් සහ මාධ්‍ය ආයතන වලට සිදුවූ ප්රහාරයන් පිළිබඳව සොයා බැලීම සඳහා පූර්ණ බලැතී ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ඉල්ලීමයි…
පසුගිය 2000 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා මාධ්‍යවේදීන් මර්දනය කිරීම්,පහරදීම්, ඝාතනය කිරීම්,පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම්, ඇතුලු මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැසීම්, මැදිරි සංකීර්ණ විනාශ කිරීම්, ගිනි තැබීම් තිහක් පමණ වාර්තාවේ.
2000 වර්ෂයට පෙරද එවැනිම සිදුවීම් වාර්තා වූ අතර 2015 වර්ෂයෙන් පසුවද මේ දක්වා මාධ්‍යවේදීන්ට සිදු වූ අනේක විද පීඩනයන් හා තර්ජනයන් දැකගත හැකිය.
ජනාධිපති මැතිවරණයන් හා මහ මැතිවරණයන් අභිමුව බොහෝ දේශපාලඥයන්,පක්ෂ නායකයින්,අපේක්ෂකයන්, මාධ්‍යවේදියාගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් ගැන කතා කරනු දැකිය හැකියි.
එමෙන්ම මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනයන්ට සිදුවූ අපරාධ සම්බන්ධයෙන් සොයා බලා වැරදිකරුවන්ට දඬුවම් පමුණුවට බවටද පවසා ඇත.
බලයට පත් වූ පසු ඒ පිළිබඳව විධිමත් ලෙස කටයුතු කරනු ලැබූවයි අතීතයේ පිරික්සීමේදී දැකගත නොහැකිය.
ලිඛිත, විද්‍යුත් හා සයිබර් මාධ්‍ය ඔස්සේ තොරතුරු ගවේෂණය විශ්ලේෂණය බෙදා හැරීම ජනතාව දැනුවත් කිරීම සිදුකරන ලබන පුරවැසි මාධ්‍යවේදීන්ද ඇතුළු ව ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, රැකවරණය, වෘත්තීය අයිතිය ආරක්ෂා කරදීමේ ප්රමුඛ වගකීම රජය සතුවේ.
ජනමාධ්‍යවේදීන්ගේ සේවය ලබා ගනිමින් රාජ්‍ය පුද්ගලික හෝ සංවිධාන හිමිකාරීත්වයක් සහිත මාධ්‍ය ආයතන ආරක්ෂා කිරීම රජයක වගකීමකි.
එබැවින් පසුගිය කාලය තුළ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පැහැර ගැනීම්,පහරදීම්, බිය ගැන්වීම්, අතුරුදහන් කිරීම් පිළිබඳවත් මාධ්‍ය ආයතනයන්ට සිදුකළ අපරාධ පිළිබඳවත් සොයා බැලීම හා වැරදිකරුවන් සොයා නීතිය ක්‍රියාත්මක කරමින් පූර්ණ බලති ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ඉල්ලා සිටිමි.
මීට පෙරද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය,ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසඳය,මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා ද්‍රවිඩ මාධ්‍ය සංවිධානය, ලංකා මාධ්‍ය වෘත්තීවේදීන්ගේ කාර්යාංශය ඇතුළු මාධ්‍ය ආයතන රැසක් ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව, රැකවරණය ලබා දෙන ලෙස පාලකයින්ගෙන් ඉල්ලීම් කර ඇත.
ජනමාධ්‍යවේදීන් ඝාතනය පැහැර ගැනීම් අතුරුදහන් කිරීම් ගැන සොයා විධිමත්ව සාධාරණය ඉටුකර දෙන ලෙසත් වැරදිකරුවන් අධිකරණය හමුවට පමුණුවන ලෙසත් ඉල්ලීම් කර ඇත.
මේ කරුණු සියල්ල සලකා බලා ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පූර්ණ බලති ජනාධිපති කොමිසමක් පත් කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමි.
ප්‍රසන්න අධිකාරි,
ප්‍රධාන ලේකම්,
ලංකා මාධ්‍ය වෘත්තීයවේදීන්ගේ කාර්යාංශය.
0714819207
0766657276
නරේන්ද්‍ර ශ්‍රී රාජපක්ෂ,
සභාපති,
ලංකා මාධ්‍ය වෘත්තීයවේදීන්ගේ කාර්යාංශය.
0789666532
2024.12.02

The post 2024.12.02 appeared first on PFP News.