ගරු ජනාධිපතිතුමනි,
ජාත්‍යන්තර වෙළඳ කාර්යයාලය ඒ අයුරෙන්ම පවත්වාගෙන යාම
ප්‍රථමයෙන්ම ඔබතුමන්ගේ අභිනව පත්වීම සම්බන්ධයෙන් සුභපැතුම් එක් කිරීමට මෙය අවස්ථාවක් කොට ගන්නෙමු.
අපගේ විශ්වාසය අනුව රනිල් වික්‍රමසිංහ රජය විසින් ඇටවූ ජාත්‍යන්තර වෙළඳ කාර්යයාලය(International Trade Office) යම් අත්තනෝමතික භාවයක් පැවතිය හැකි වන අයුරෙන් මෙන්ම රාජ්‍ය ආයතනයන්ගෙන් ලැබිය යුතු තොරතුරු නොසලකා, රාජ්‍ය ප්‍රධානීන් නොමග යවමින් වුව කටයුතු කිරීමට හැකිවන අයුරෙන් සැකසුන කාර්යයාලයකි.
එහෙයින් සිදුකළ යුත්තේ ඉහත කාර්යයාලය අහෝසිකොට, පවත්නා රාජ්යයාන්ත්රණය අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහිතව යාවත්කාලීන කොට සහ බලාත්මක කොට ඉහත කර්තව්‍යයන් වඩාත් සාර්ථකව පවත්වාගත හැකි ක්‍රමවේදයක් හඳුන්වාදීම වුවත් මෙම කාර්යයාලය පනතක් මගින් බලාත්මක වන බැවින් එය සම්පූර්ණ කළහැක්කේ පාර්ලිමේන්තුව නැවත පත්වීමෙන් පසුව පමණි.
එහෙත් එතෙක් මෙම කාර්යයාලය පවත්වාගන්නේ නම්, මීළඟ මාස දෙක සඳහා අත්හිටුවීමට හැකි කාර්යයන් අත්හිටුවීමද, දැනට එම කාර්යයාලයේ ප්‍රධානීන් සහ උප ප්‍රධානීන් වෙනුවට සුදුස්සන් අලුතෙන් පත්කිරීමද කල්නොයවා සිදු කරන ලෙසද ඉල්ලා සිටිමු. විශේෂයෙන්ම එහි වත්මන් ප්‍රධානී, කේ ජේ වීරසිංහ මහතා බොහෝ ආන්දෝලනාත්මක ගිවිසුම් අත්සන් කිරීමේදී ප්‍රධානියා ලෙස කටයුතු කිරීමද, පාර්ලිමේන්තු කමිටුවකදීම තමන් මුල්වූ ගිවිසුම් මගින් රටට ප්රතිලාභ අත්නොවූ බැව්ද පිළිගත් අයෙකි.
කටයුතු පැවති ආකාරයටම ඉදිරියට පැවැත්ම සිදුවුවහොත් ඉදිරිමාස කිහිපය තුළ සිදුකිරීමට නියමිත කටයුතු හේතුවෙන් රටට අලාභ ඇතිවිය හැකිවීමත්, යම් අක්‍රමිකතා සිදුව ඇතිනම් ඒවා සැඟවීමට කල් හිමිවීමත්, මේ ජාත්‍යන්තර ගිවිසුම් ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් ඇති පිරිස් ඔබ කෙරෙහි පැවැත්වූ විශ්වාසය පලුදුවීමත් සිදුවනු නොඅනුමානය.
ජාත්‍යන්තර බලපෑම් කළමනාකරණය කොට යහපත් රටක් තැනීම පිණිස ශක්තිය ධෛර්යය හිමි වේවා!
මීට,
කපිල රේණුක පෙරේරා
සභාපති-වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ
2024.10.10 අතිගරු ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලය කොළඹ ගරු ජනාධිපතිතුමනි, ජාත්‍යන්තර වෙළඳ කාර්යයාලය ඒ අයුරෙන්ම පවත්වාගෙන යාම ප්‍රථමයෙන්ම ඔබතුමන්ගේ අභිනව පත්වීම සම්බන්ධයෙන් සුභපැතුම් එක් කිරීමට මෙය අවස්ථාවක් කොට ගන්නෙමු. අපගේ විශ්වාසය අනුව රනිල් වික්‍රමසිංහ රජය විසින් ඇටවූ ජාත්‍යන්තර වෙළඳ කාර්යයාලය(International Trade Office) යම් අත්තනෝමතික භාවයක් පැවතිය හැකි වන අයුරෙන් මෙන්ම රාජ්‍ය ආයතනයන්ගෙන් ලැබිය යුතු තොරතුරු නොසලකා, රාජ්‍ය ප්‍රධානීන් නොමග යවමින් වුව කටයුතු කිරීමට හැකිවන අයුරෙන් සැකසුන කාර්යයාලයකි. එහෙයින් සිදුකළ යුත්තේ ඉහත කාර්යයාලය අහෝසිකොට, පවත්නා රාජ්යයාන්ත්රණය අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහිතව යාවත්කාලීන කොට සහ බලාත්මක කොට ඉහත කර්තව්‍යයන් වඩාත් සාර්ථකව පවත්වාගත හැකි ක්‍රමවේදයක් හඳුන්වාදීම වුවත් මෙම කාර්යයාලය පනතක් මගින් බලාත්මක වන බැවින් එය සම්පූර්ණ කළහැක්කේ පාර්ලිමේන්තුව නැවත පත්වීමෙන් පසුව පමණි. එහෙත් එතෙක් මෙම කාර්යයාලය පවත්වාගන්නේ නම්, මීළඟ මාස දෙක සඳහා අත්හිටුවීමට හැකි කාර්යයන් අත්හිටුවීමද, දැනට එම කාර්යයාලයේ ප්‍රධානීන් සහ උප ප්‍රධානීන් වෙනුවට සුදුස්සන් අලුතෙන් පත්කිරීමද කල්නොයවා සිදු කරන ලෙසද ඉල්ලා සිටිමු. විශේෂයෙන්ම එහි වත්මන් ප්‍රධානී, කේ ජේ වීරසිංහ මහතා බොහෝ ආන්දෝලනාත්මක ගිවිසුම් අත්සන් කිරීමේදී ප්‍රධානියා ලෙස කටයුතු කිරීමද, පාර්ලිමේන්තු කමිටුවකදීම තමන් මුල්වූ ගිවිසුම් මගින් රටට ප්රතිලාභ අත්නොවූ බැව්ද පිළිගත් අයෙකි. කටයුතු පැවති ආකාරයටම ඉදිරියට පැවැත්ම සිදුවුවහොත් ඉදිරිමාස කිහිපය තුළ සිදුකිරීමට නියමිත කටයුතු හේතුවෙන් රටට අලාභ ඇතිවිය හැකිවීමත්, යම් අක්‍රමිකතා සිදුව ඇතිනම් ඒවා සැඟවීමට කල් හිමිවීමත්, මේ ජාත්‍යන්තර ගිවිසුම් ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් ඇති පිරිස් ඔබ කෙරෙහි පැවැත්වූ විශ්වාසය පලුදුවීමත් සිදුවනු නොඅනුමානය. ජාත්‍යන්තර බලපෑම් කළමනාකරණය කොට යහපත් රටක් තැනීම පිණිස ශක්තිය ධෛර්යය හිමි වේවා! මීට, කපිල රේණුක පෙරේරා සභාපති-වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ