සිංහල මාධ්‍යයෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම අහිමි කිරීමට පෙර අගවිනිසුරු, නීතිපති ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාව රාජ්‍ය භාෂා කොමිෂන් සභාවෙන් ඒ පිළිබඳ විමසුවාද? නීතීඥවරයෙකු රාජ්‍ය භාෂා කොමිෂන් සභාවෙන් විමසා ඇත. 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් සිංහල මාධ්‍යයෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම වැළැක්වීමට අගවිනිසුරු, නීතිපති, අධිකරණ ඇමතිගේ නියෝජිතයන් ඇතුලු නියෝජිතයන් 14 ක් අසුන්ගන්නා සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ක්‍රියා කර ඇත. සිංහල මාධ්‍යයෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම වැළැක්වීමට සංස්ථාගත නීති අධ්‍යාපන සභාව තීරණය කිරීමේදී ව්‍යවස්ථාපිතව පිහිටුවා ඇති රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ ඒ පිළිබඳ විමසා තිබේද යන්න 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ එකී විමසීම කර ඇත. (එම ලිපිය පහත දැක්වේ)

2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් සිංහල මාධ්‍යයෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම වැළැක්වීම සිදුකළ අවස්ථාවේ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන් 14 දෙනා මෙසේය. 1) ගරු ජයන්ත ජයසූරිය (අගවිනිසුරු, ජනාධිපති නීතීඥ) 2) ගරු ඩී. ද ලිවේරා (නීතිපති) 3) ගරු බී.පී. අලුවිහාරෙ (ජනාධිපති නීතීඥ) 4) ගරු කේ. සිසිර ආබෲ 5) එම්. එම්.පී. කේ.මායාදුන්නේ මහතා (ලේකම්,අධිකරණ අමාත්‍යාංශය) 6) සන්ජේ රාජරත්නම් මහතා (වැඩබලන සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ) 7) ප්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා (ජනාධිපති නීතීඥ) 8) මහාචාර්ය වී. ටී. තමිල්මාරන් 9) ප්‍රියන්ත නවාන මහතා (ජනාධිපති නීතීඥ) 10) කේ. නවරත්න මහතා 11) කේ. ඉන්ද්‍රතිස්ස මහතා (ජනාධිපති නීතීඥ) 12) තිසත් විජේගුණවර්ධන මහතා (ජනාධිපති නීතීඥ) 13) ධම්මික දසනායක මහතා 14) Ms සාවිත්‍රි විජේසේකර Ms ඉන්දිරා සමරසිංහ (ජනාධිපති නීතීඥ, විදුහල්පති, ලේඛකාධිකාරී (සංස්ථාගත නීති අධ්‍යාපන සභාව) සහභාගී වී ඇත. 

Share.
Leave A Reply