1.වාහන වලින් ශ්‍රී අකුර ඉවත් කරන ලද්දේ දෙමළ අයිතිවාසිකම් අහිමිවන බව කියමිනි.

2. නීති විද්‍යාලයේ සි‍ංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම නතර කළේ දෙමළ අයිතිවාසිකම් අහිමිවන බව කියමිනි.

3. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන්  නඩු තීන්දු නොදෙන්නේ දෙමළ අයිතිවාසිකම් අහිමිවන බව කියමිනි.

4. 13න් දකුණේ පළාත් 9ක පිහිටවූ අධිකරණ සිංහලෙන් වැඩ නොකරන්නේ දෙමළ අයිතිවාසිකම් අහිමිවන බව කියමිනි. අවසානයේදී සිංහල අයිතිවාසිකම්ද දෙමළ අයිතිවාසිකම්ද ඉංග්‍රීසි අන්තවාදීන් විසින් අහිමි කර ඇති බව නොතේරෙන තැනට පත් වී ඇත. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. 2023 මැයි 22 (ජනරජ දින) ප.ව. 2-5 දක්වා කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාව දුරකථන 0342256066, 0712063394

Share.
Leave A Reply