1st Colombo International Media Research Symposium – 2024 The Role of The Mass Media in the Era of Artificial Intelligence
2024.12.19 දින පෙ.ව 8.30 – ප.ව 4.30 දක්වා BMICH ඕකිඩ් ශාලාවේ දී
ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික රටක් ලෙස දීර්ඝ කාලයක් පුරවැසියාගේ නිදහස, සමානාත්මතාවය සුරකින රටක් ලෙස භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සුරක්ෂිත කරමින් තොරතුරු දැනගැනීමේ අයිතිය ජනමාධ්‍ය නිදහස සහ වෘත්තීයභාවය දිරි ගන්වමින් ඉටු කරනු ලබන ජාතික වගකීම පිළිබඳව ගෝලීය වශයෙන් කතිකාවක් මෙන්ම ගෝලීය සන්නිවේදන ප්රවණතා පිළිබඳව ජාත්‍යන්තර වේදිකාවක් නිර්මාණය කිරීම ඉලක්ක කර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන 14 Colombo International Media Research Symposium 2024 0໖໖ 2024.12.19 5 5.0 8.30 ප.ව 4.30 දක්වා BMICH ඕකිඩ් ශාලාවේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
නූතන සන්නිවේදනයෙහි විශ්ව ගම්මාන සංකල්පය අභියෝගයට ලක් කරමින් ලෝකය එකම සන්නිවේදන පවුලක් ලෙස නිර්මාණය වී තිබෙන අවස්ථාවක තොරතුරු තාක්ෂණයේ විප්ලවීය වෙනස්කම් සහ සන්නිවේදන ප්රවණතා සැලකිල්ලට ගෙන කෘතිම බුද්ධිය පිළිබඳව කතිකාව ජනමාධ්‍යකරණයේ ඉදිරි ගමන්මඟ කෙරෙහි සිදු කරනු සාධනීය බලපෑම කුමක්ද?, එමෙන්ම එහි නූතන ප්රවණතා ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය සංස්කෘතියේ දිශානතියට කුමක් සිදු කරනු ලබයිද යන්න ශාස්ත්‍රීයව සහ විශ්ලේෂණාත්මකව අවධානයට යොමු කරමින් මෙම ජාත්‍යන්තර පරිසංවාද වැඩසටහනේ දී විද්වතුන් සහ ජනමාධ්‍ය වෘත්තිකයින්, ජනමාධ්‍ය පර්යේෂණ පත්‍රිකා මඟින් සිය අදහස් ඉදිරිපත් කරනු ලැබේ.
දෙමුහුන් (Hybrid) ක්‍රමයට සුම් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම ජාත්‍යන්තර පර්යේෂණ සැසියේ මුඛ්‍ය දේශනය දකුණු කොරියාවේ සයිබර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එරික් පාර්ක් මහතා විසින් සිදු කරනු ලැබේ.
මහනුවර දිස්ත්‍රික් වාර්තාකරු
කොලින් හරිශ්චන්ද්‍ර
The post 1 වන කොළඹ ජාත්‍යන්තර මාධ්‍ය පර්යේෂණ සම්මන්ත්‍රණය – 2024 appeared first on PFP News.