ආයතන සහ වෛද්‍ය ක්‍රම කොතරම් පවත්වාගෙන ගිය ද එම සෑම අංශයකම හා වෛද්‍ය ක්‍රමයකම අවසාන අරමුණ විය යුත්තේ පුරවැසියා නිරෝගී සම්පන්නව තබාගැනීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්යචරයා පවසයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් දැක්වූයේ රජයට අයත් එකම හොමියොපති රොහල වන වැලිසර හොමියෙංපති රොහලේ සිදු කළ නිරික්ෂණ චාරිකාචකින් අනතුරුව රොහලේ කාර්ය මණ්ඩලය සහ භහොමියොපනි වෛද්‍ය සභාවේ නියොජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමක් අමතමිනි.
චැලිසර රජයේ හොමියොපනි රෝහල සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීම දැක්ම කර ගනිමින් සියලුම ළමා හා කාන්තා රෝග, ඇදුම හා ස්වසන ආබාධ, සමේ රොග, ආමාශගත රොග, ස්නායු රෝග, දීර්ඝ කාලින හිසරදය, ගලගණ්ඩය, දියවැඩියාව, අධිරුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් තත්ත්ව, සන්ධි ආබාධ සහ ආතරයිටිස් රෝග සදහා දිනපතා ප්‍රතිකාර ලබාදෙනු ලබයි. මෙරට සියළු ජනතාවට අඩු වියදමකින් යුතුව රෝග සමනය හා රෝග වලක්වා ගැනීමට පහසු හා ලාභදායි වෛද්‍ය ක්‍රමයක් ලෙස හොමියොපති වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරීම සදහා ද ක්‍රියාකාරි වැඩසටහන් රැසක් රෝහල මගින් ජනතාව අතරට ගෙනයනු ලබයි.
හොමියොපති වෛද්‍ය සභාව හොමියොෝපති සදහා තිබෙන එකම වෛද්‍ය ආයතනය චන අතර, වෛද්‍යවරුන්, ඹෟෂධ සංයොජකචවරු සහ හෙදියන් ලියාපදිංචිය, හෝමියෝපති ආයතන නියාමනය, ඹෟෂධ නිෂ්පාදනය, ආනයනය, ගබඩා කිරීම විකිණීම හා නියාමනය, හෝමියෝපති ආයතන හා වෛද්‍ය මධ්‍යස්ථාන නිරීක්ෂණය සිදු කරනු ලබයි. හෝමියෝපති වෛද්‍ය සභාව මගින් දිචයින පුරා සායන 14 ක් ද ක්‍රියාත්මක කරනු ලැබේ.
වසර 200 කටත් වඩා ඉපැරණි ඉතිහාසයක් සහිත වෛද්‍ය ක්‍රමයක් වන සහ බටහිර වෛද්‍ය ක්‍රමය හැරුණුවිට ලොව වැඩිපුරම ප්‍රචලිත වෛද්‍ය ක්‍රමයක් චූ හොමියොෝපති වෛද්‍ය ප්‍රතිකාරයන් හි මෙරට ප්‍රතිකාර සේවාවන්චල චත්මන් තත්ත්චය සහ හොමියොපනි වෛද්‍ය ප්රනිකාර සේවාවන් හි මෙරට ඉදිරි ඉලක්ක පිළිබඳව සොයාබැලීමට මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාතාාවරයා කටයුතු කරනු ලැබූ අතර, වැලිසර හොමියොපනි රෝහලේ බාහිර රෝගී අංශය, නේචාසික ප්‍රතිකාර වාට්ටු, ඔෘෂධ ගබඩාව ඇතුළු ප්‍රතිකාර සේවා කටයුතු ද ඇමැතිවරයා නිරීක්ෂණය කළේය.
චැලිසර පිහිටි හෝමියො’පති රෝහලේ බාගිර රෝගී අංශය මගින් දිනකට රොගීන් 200 ක් පමණ ප්‍රතිකාර ලබාගන්නා අතර, පැය 24 පුරා නේවාසික රොගී අංශය ක්‍රියාත්මක වේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අතුරු ආබාධවලින් තොරව රෝග නිට්ටාවටම සුව කිරීමේ හැකියාව ඇති මෙම හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය මෙරට ප්‍රවර්ධනයට අදාල සැලසුම් සකස් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. එමෙන්ම ආයතන සහ වෛද්‍ය ක්‍රම කොතරම් පචත්වාගෙන ගිය ද සෑම අංශයකම අවසාන අරමුණ චිය යුත්තේ පුරවැසියා නිරෝගී සම්පන්නව තබා ගැනීම බව ද අමාන්‍යවරයා මෙහිදී හෝමියෝපති රෝහලේ කාර්ය මණ්ඩලයට හා හොමියොපනි වෛද්‍ය සභාවට අවධාරණය කළේය.
කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම, ප්‍රමාණවත් ඔෘෂධ තොග වෛද්‍ය සායන සහ ජංගම සායන සදහා සැපයීම, රසායනාගාර සේවාව ස්ථාපිත කිරීම, බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර සේචා ශක්තිමත් කිරීම, අභ්‍යන්තර රොගී අංශය ඇඳන් 50 කින් යුතු නේවාසික අංශයක් ලෙස වැඩිදියුණු කිරීම, පරිපුරක චෛද්‍ය සේවාවන් වචන වෛද්‍ය රසායනාගාර සේවාව, එක්ස් කිරණ හා භෞතචිකිත්සක සේවා සහ උපදේශන අංශ ස්ථාපිත කිරීම, ශික්ෂණ රෝහලක් දක්වා වැඩිදියුණූ කිරීම ආදී කරුණු රැසක් ඉලක්කගතව මෙම වසරේ ඉදිරි සැළසුම් සකස් කිරීමට මෙහිදී රෝහල් කාර්ය මණ්ඩලය හා අමාතාාවරයා අතර ඉතා දීර්ඝ සාකච්ඡාවක් සිදු විය.
හොමියොපතනි වෛද්‍ය සභාවේ සභාපති ඇතුළු නිලධාරීන් විසින් සිය අනාගත අරමුණු ලෙස මෙරට හොමියොපනති වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීම, හොමියොපනි ඹෟෂධ මෙරට නිෂ්පාදනය කිරීම, සෑම පළාතක්ම ආචරණය වන පරිදි හෝමියෝපති රොහල් ආරම්භ කිරීම, සෑම දිස්ත්‍රික්කයක්ම ආචරණය චන පරිදි රජයේ හෝමියෝපති සායන ස්ථාපිත කිරීම සහ ක්ෂේත්රයේ මානව සම්පත සංවර්ධනය යන කරුණූ පෙන්වා දෙන ලදි. ඉදිරියේ දී හොමියොෝපති වෛද්‍ය පාඨමාලාව හැදීරීම සදහා මෙරට ශිෂ්‍යයින් වැඩි පිරිසක් ඉන්දියාවේ හොමියොපති වෛද්‍ය විද්‍යාල වෙත යැවීමේ හැකියාව සොයා බලන ලෙස මෙහිදී අමාත්යචරයා වෛද්‍ය සභාවට උපදෙස් ලබාදෙන ලදි.
සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමට මෙරටට ම අනන්‍ය චූ සාධක වැඩිදියුණු කරමින් වර්තමාන රජය ගෙනයන වචැඩපිළිවෙල යටතේ හොමියෝපති ප්‍රතිකාර චැනි සෞඛ්‍ය වෛද්‍ය ක්‍රම මගින් ද සංචාරකයින් ආකර්ශණය කර ගත හැකි බවත්, අවශ්‍ය පහසුකම් ලබාදෙමින් සහ ක්ෂේත්රයේ ප්‍රවීණයින් ලබාදෙන යොජනා ක්‍රියාත්මක කරමින් ජාතික සැලැස්මක් යටතේ මෙවැනි වෛද්‍ය ප්‍රතිකාර ක්ෂේත්‍ර වර්ධනය කිරීමට කටයුතු කරන බව ද අමාත්යචරයා මෙහිදී පැවසීය.
මෙම අවස්ථාවට චැලිසර හෝමියෝපති රොහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරී චාන්දනී හේරත් මහත්මිය ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය, හොමියොපනි වෛද්‍ය සභාවේ සභාපති වෛද්‍ය අශාන් නිලංක දුණුකාර මහතා ඇතුලු එම වෛද්‍ය සභාවේ සාමාජිකයන් සහ හො’මියෙො’පනි වෛද්‍යවරුන් ඇතුලළු පිරිසක් එක්ව සිටියහ.
The post හෝමියෝපති ප්‍රතිකාර සේවා ද මෙරට ජනප්‍රිය කරවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් සැලසුම්. appeared first on PFP News.