සිනමා කලාව හා කලාකරුවාගේ නිර්මාණශීලී උද්දීපනය කළ යුතු වටපිටාව ගොඩනැගිය යුත්තේ චිත්‍රපට සංස්ථාව.
උසස් ලාංකීය සිනමා සංස්කෘතියක් සඳහා ශ්‍රාස්ත්‍රීය හා සංකල්පීය පදනම සැකසීම සඳහා නෛතිකව බැඳී සිටින්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව.
ස්වදේශීය සිනමා අධ්‍යයන තරගකාරී සමාජ පරිසරයක් ව්‍යාප්ත කිරීම සඳහා සංස්ථාවට තිබුණු අවස්ථා බොහෝ විට මඟහැරියා.
ඊට ප්‍රධාන සාධක ගණනාවක් තිබෙනවා.
උසස් සම්ප්රදායක් සිනමා කලාව තුළින් චිත්‍රපට සංස්ථාව සංවර්ධනය කර තිබුණා නම් අද්‍යයතන ආර්ථික අර්බුදයට විදේශ විනිමය ඉපැයීමේ මාවතක් ගොඩනැගීමට තිබුණු අවස්ථාව මේ නිසා ඇහිරි ගියා.
ඒ වගේම ලාංකීය සිනමාකරුවන්ට එවැනි විදේශ වෙළෙඳපොළක් ව්‍යාප්ත කිරීමේ අවකාශය ද නැතිවී
තිබෙනවා.
මීට ප්‍රධාන හේතූන් අතර ජාතික චිත්‍රපට සංස්ථාවට බොහෝ විට බත් බැලයන් අධ්යක්ෂ මණ්ඩලයට පත් වීම ප්‍රධාන සාධකයක්.
කොන්ද කෙළින් තියාගෙන ක්‍රියාකරන නිර්මාණශීලීන්ට වැඩ කිරීමට තිබුණු අවස්ථාව බොහෝ විට මගහැරුණා.
බත්බැලයන් චිත්‍රපට සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලයට පත්වීම නිසා චිත්‍රපට කර්මාන්තය සහමුලින්ම මේ වන විට අගාධයට පත්වෙලා තිබෙනවා.
මේ බත්බැලයන් අතර චිත්‍රපට නළුවන්, ව්‍යාපාරිකයන් අධ්‍යක්ෂක මණ්ඩලයට බොහෝ විට පත්වුණා.
ඒ වගේම සිනමා තාරකාවක් වශයෙන් මතුවී හැසිරෙන ක්‍රියාකරන පුද්ගලයෙක් තමයි රවීන්ද්‍ර රන්දෙණිය. රවීන්ද්‍ර රන්දෙණිය බොහෝ විට ඔහුගේ හැඩරුව අනුව මතු වූ නළු චරිතයක්.
ඔහු පැහැදිලිවම සිය නළුකම අයුතු විදියට භාවිතා කරමින් පැවති සෑම ආණ්ඩුවක් යටතේම අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක් වීම මේ සඳහා හොඳ උදාහරණයක්.
1947 වසරේ සිට සෑම වසරක් ආරම්භයේදීම චිත්‍රපට ක්ෂේත්රයට සම්බන්ධ සියලූ දෙනාටම සුවිශේෂී දිනයක් උදා වුණා.
ඒ ශ්‍රී ලාංකික සිනමාවේ ආරම්භක දිනය. එනම් ජනවාරි 21 වන දිනයි. දේශීය සිනමාවට වසර 76ක් සපිරුණේ පසුගියදා.
1972 ජනවාරි 21 වනදා පිහිටවූ ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව 51 වසරකින් මේ වන විට පරිණතයි කිව්වොත් නිවැරදියි.
1971 අංක 47 දරන රාජ්‍ය චිත්‍රපට සංස්ථා පනතින් 4 වන වගන්තිය ප්‍රකාරව චිත්‍රපට ආනයනය කැමරා උපකරණ සහ චිත්‍රපට නිෂ්පාදනය සඳහා අවශ්‍ය උපකරණ ආනයනය කිරීම, චිත්‍රපට බෙදාහැරීම හා ප්‍රදර්ශනය කිරීමේ පූර්ණ බලය චිත්‍රපට සංස්ථාව සතුයි.
මේ හිමිකම පොදුවේ ලාංකීය චිත්‍රපට නිෂ්පාදකවරුන්ට, සිනමා අධ්‍යක්ෂකවරුන්ට සමාජගත වුණාද කියන
ගැටලූව අප හමුවේ තිබෙන ප්‍රශ්නයක්.
සිනමාව කලාවක් ලෙස උසස් තලයකට ඔසවා තැබීමට පසුබිම සැකසීම සංස්ථාවේ සුවිශේෂ කාර්යයන් අතර
තවත් කාර්යයක්.
එය පනතේ ඒ පිළිබඳව වඩාත් පුළුල්ව පැහැදිලිව සටහන්ව තිබෙනවා.
සිනමා ශිල්පීන්ගේ කුසලතා, විශිෂ්ඨතා අගයමින් ත්‍යාග හා සම්මාන පිරිනැමීම ඒ අතර ප්රමුඛයි.
දේශීය සිනමාවක් කරා යන්න රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ඒ සඳහා තේමාව කරගෙන ක්‍රියාකිරීම දිගින් දිගටම අඩපණ වූ අවස්ථා එමටයි.
චිත්‍රපට සංස්ථාව හඳුන්වාදුන් 100%ක් ණය යෝජනා ක්‍රමයට ප්‍රතිභාපූර්ණ තරුණ අධ්‍යක්ෂකවරු රැුසක් 70 දශකයේදී සිනමාවට දායක වුණු බවත් අපි අමතක කළ යුතු නැහැ.
1980 අංක 45 දරණ පනතින් රාජ්‍ය චිත්‍රපට සංස්ථා පනත සංශෝධනයට ලක් කළේ ජාතික චිත්‍රපට සංස්ථාව යනුවෙන්.
සංස්ථාවේ එතෙක් පැවැති ශක්තිමත් පදනම වූ චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රමවේදය එළෙසම පවත්වාගෙන ගියා.
1999 චිත්‍රපට මාර්ගෝපදේශ ලියවිල්ලෙන් චිත්‍රපට බෙදාහැරීම පෞද්ගලිකකරණය තෙක් විවෘත ආර්ථික ක්‍රමය යටතේද කළාත්මක සිනමාවේ රැුකවරණය උදෙසා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළා.
කතානාද චිත්‍රපට ආරම්භ වීමට පෙර ලංකාවේ ප්‍රථම වරට 1901දී නිහඬ චිත්‍රපට දර්ශන පවත්වා තිබෙනවා.
සර් වෙස්ට් විට්ඩ්රි ලංකා ආණ්ඩුකාර ධුරය දැරූ එකල ඒ. ඩබ්. ඇන්ඩ්‍රි නම් ඡුායාරූප ශිල්පියා විසින් ඒ කාර්ය සිදුකර තිබෙනවා.
එම කාලවකවානුවේ එංගලන්තයේ හා අප්‍රිකාවේ බෝයවරුන් අතර බිහිසුණු යුද්ධයක් හටගෙන තිබිල
තියෙනවා.
එහිදී සිරභාරයට ගත් බෝය සිරකරුවන් ලංකාවට ගෙනැවිත් දියතලාවේ රඳවා තිබියදී චිත්‍රපට පෙන්වා
තිබෙනවා.
පසුව ඇන්ඩ්‍රි කෝරිත් බයිස්කෝප් නමින් චිත්‍රපට සමාගමක් ආරම්භකර 1903 දී කොළඹ කොටුවේ සිනමාහලක් පිහිටුවා චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කරපු ඉතිහාසයක් ලංකාවට තිබෙනවා.
බයිස්කෝප් තිරය සවිකර තිබී ඇත්තේ ශාලාව මධ්‍යයේ.
ඉහළ පංතිවල ජනයා බයිස්කෝප් පෙන්වන යන්ත්‍රය පැත්තෙන්ද, ගැලරි කාරයෝ තිරය පිටුපසින් ද වාඩිවී චිත්‍රපට නැරඹූ බව ඞී. වී. සෙනෙවිරත්න තම චිත්‍රපට කලාව 1958 නමැති ග්‍රන්ථයේ සඳහන් කර තිබෙනවා.
ලොව ප්‍රථම කතානාද චිත්‍රපටය 1926 දී ඇමරිකාව විසින් නිපදවන ලද ‘ද ජෑස් සිංගර්’ එය කොළඹ යුනියන් පෙදෙස පිහිටුවා තිබූ එම්පයර් නුර්ත්‍ය ශාලාවේදී 1932 දී ප්‍රදර්ශනය කර තිබෙනවා.
මේ නුර්ත්‍ය ශාලාව පටන්ගැන්මේදී ඇත්තටම එම්පයාර් සිනමා ශාලාව වශයෙන් මෑතකදි හඳුන්වාදුන් එය හුදෙක්ම සජීවී නාට්‍ය රංගන ශාලාවක්.
ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ට තමන්ගේ භූමිකාව නිවැරදිව තක්සේරු කරගෙන විදේශ විනිමය උපයා
ගැනීමේ මාවතක් ගොඩනැගීමට තිබුණු අවස්ථාව පසුගිය කාලය පුරාම ජාතික චිත්‍රපට සංස්ථාව ඉන් ගිලිහී
තිබීම කනගාටුවට කරුණක්.
ලංකාවේ පාසල් ළමුන් හා තරුණ ප්‍රජාව සිනමාකරණය වෙත යොමු කිරීම දිරිගැන්වීම, පාසල් සිසුන්හට සිනමාකරණය පිළිබඳව කලාත්මක හා තාක්ෂණික දැනුම බෙදාදීම ඒ වගේම ලාංකේය සිනමා කර්මාන්තයට වඩා ආකර්ශනීය හා යාවත්කාලීන මුහුණුවරක් ලබාදීමත් චිත්‍රපට සංස්ථාව සතු ප්‍රධාන වගකීමක්. කාර්යභාරයක්.
සිනමාවේදී ජගත් මනුවර්ණ පසුගිය 7 වනදා උදෑසන 7.45ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ ූඍ 664 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණේ ඔහුගේ සිනමා නිර්මාණවලට සම්මානත් පොදි බැඳගෙන.
ඔහු පිළිගැනීමට ජාතික චිත්‍රපට සංස්ථාවේ නිලධාරින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙන බව පූර්ව ප්‍රකාශ කර තිබුණත් කිසිවෙකු පැමිණ සිටියේ නැහැ.
මනුවර්ණ මහතා තම ගමන් මලූද රැුගෙන ගුවන්තොටුපළින් පිටව යන අවස්ථාවේ ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රැුඳී සිටි මාධ්‍යවේදීන් ඔහු අඳුරගෙන පසුව දිවගොස් මල්මාලා දමා පිළිගත්තා.
සාකච්ඡුාවකට ද සම්බන්ධ වුණා.
එම අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපොළ විවිධ දෙපාර්තමේන්තුවල නිලධාරින්ගේ සහ ගුවන් මගීන් මෙන්ම ඔවුන් රැුගෙන යාමට පැමිණ සිටි මහජනතාව වෙතින් ජගත් මනුවර්ණ කලාකරුවාට උසස් ප්‍රතිචාරයක් හිමි වුණා.
ඒ එක්කම ජගත් මනුවර්ණ සම්මාන අරගෙන ශ්‍රී ලංකාවට එනකොට ඔහු අරගලයට සම්බන්ධ වූ පුද්ගලයෙක් වූ නිසා සිනමා සම්මානය රැුගෙන ආවේ ගුවන්තොටුපොළ බුද්ධි අංශයට ප්‍රකාශයක් ලබාදීල ගුවන් ගමන් බලපත්‍රය පෙන්වලා.
ඔහු මෙහෙම කිව්වා, මම ගුවන්තොටුපොළින් පිටතට යන අවස්ථාවේදී මේ ආකාරයට ප්‍රකාශ ලබාදිය යුතු වුණා.
රජය මට එරෙහිව නඩු කීයක් දැම්මත් ජනතාව වෙනුවෙන් හඬ නැගීම හා සටන් කිරීම මම නවත්වන්නේ නැහැ.
නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවර 52 වන අන්තර්ජාතික සිනමා උළෙලට සහභාගි වී ආසියාවේ හොඳම සිනමා කෘතියට හිමි සමිමානය සහ සහතිකය දිනා මෙරටට පැමිණි ප්‍රවීණ සිනමාවේදී ජගත් මනුවර්ණ පිළිබඳව එවැනි අඩු තක්සේරුවකින් ක්‍රියා කිරීම කනගාටුවට කරුණක්.
කර්මාන්තයේ නියැලී සිටින රාජ්‍ය ආයතනයක් ඔහු වෙනුවෙන් කිසියම් උපහාරයක් දැක්වීම සඳහා
ගුවන්තොටුපොළට පැමිණි නොසිටීමත් ඉතාම කනගාටුවට කරුණක්.
රහස් කියන කඳු නමැති සිනමා පටයට තමයි එම සම්මානය හිමිවෙලා තිබුණේ.
ශ්‍රී ලංකාවේ තරුණයන්ගේ ප්රශ්නය හා මෙරට දේශපාලන ඉතිහාසයේ අපරාධ පිළිබඳ විනාඩි 94ක් පුරා විකාශනය වන පරිදි මෙම සිනමා පටය නිර්මාණය කර තිබෙන බව මනුවර්ණ මෙහිදී පැවසුවා.
ඉකුත් 2017 වසරේ මෙම සිනමා පටය නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ සඳහා පසු නිෂ්පාදන කටයුතුවලදී සහය දැක්වූ සියලූ හිතවතුන්ට මනුවර්ණ කෘතවේදීත්වය මෙහි දී පළ කළා.
මෙම සිනමා පටය නිපදවීමට වසර 12ක් ගත වූ අතර ඒ සඳහා සෑහෙන ශ්‍රමයක් වැය කිරීමට සිදු වූ බවත් ඉතාම සුළු මුදලක් පමණක් වැය වූ බවත් ජගත් මනුවර්ණ මෙහිදී මාධ්‍යයට ප්‍රකාශ කළා.
සිනමා ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා සිනමා පට දෙකක් වෙනුවෙන් එකම උළෙලකදී සම්මාන හිමි වීම අති සුවිශේෂ සිදුවීමක්.
මේ අනුව අප කියන්නේ ලෝකයේ යම් වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීමට තිබෙන අවකාශය සංස්ථාව බැහැර කිරීම ඉතාම කනගාටුවට කරුණක්.
මෙවැනි සම්මාන ලබන සිනමාවේදීන් ඔසවා තැබීම සංස්ථාවේ යුතුකමක් හා රාජකාරියක්. ඔහු මෙසේද කරුණු පැවසුවා.
මම මේ සම්මානය ලබාගත් දින කොළඹ සාමකාමී උද්ඝෝෂණයකට සහභාගි වෙමින් සිටි සිනමාවිචාරකයකුට පොලිසිය පහරදී අත කඩා දමා තිබෙනවා.
මෙම සිනමා උළෙලේ ජූරිය සභාපතිවරයා සිනමාකරුවන්ගේ ධෛර්ය වෙනුවෙන් සහ ප්රකාශනයේ නිදහස වෙනුවෙන් ඉරානයේ සිරගත කර සිටින සිනමාවේදී ජපා පනායි වෙත තම අසුන්වලින් නැගී සිට අත්පොළොසන් නාදයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.
ඉන්පසුව මට මේ සිනමා පටය වෙනුවෙන් සම්මානය ලැබුණේ. ඒ රටවල ප්රකාශනයේ නිදහස සෑම ආකාරයෙන්ම තිබෙනවා.
ඔවුන් එයට ගරු කරනවා යැයිද මනුවර්ණ මහතා මෙහිදී ප්‍රකාශ කරා.
ඇත්තටම අන්තර්ජාතික සිනමා උළෙලවලදී සම්මාන ලබන කලාකරුවන්ගේ නිර්මාණ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලවල නැත්නම් විදේශ රටවල වෙළෙඳපොළ නිර්මාණය කරගැනීම සඳහා ව්‍යාප්ත කර ගැනීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව අදාළ රටවල තානාපති අංශ සමග මීට වඩා මහත් උනන්දුවකින් ක්‍රියා කළ යුතු බව අප දකිනවා.
ඒ වගේම මේ සිනමා උළෙලේදී සම්මානයට පාත්‍ර වූ සිනමාවේදී විශාකේෂි චන්ද්‍රසේකරම් මහතා ද පසුගිය දා කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව මනුවර්ණ මහතා එහිදී සිහිපත් කළා.
කොහොම හරිම අපට ආර්ථික අර්බුදයක් තිබෙන මෙවැනි අවස්ථාවක විදේශ විනිමය නැති බිංදුවට බැහැ
තිබෙන අවස්ථාවක විවිධ දිසාගත කිරීම් ඔස්සේ සිය විදේශ විනිමය සොයාගැනීමට පහසුවෙන් කළ හැකි ජාතික චිත්‍රපට සංස්ථාව ඒ සඳහා ප්රමුඛ මැදිහත්වීමක් නොවීම ඇත්තටම කනගාටුවට කරුණක්.
ලාංකීය සිනමා පේ්රක්ෂක වෙනුවෙන් ඇතැම් විට විවිධ ආයතන පෙරටුගාමී පියවර ගන්නා අවස්ථා තිබෙනවා.
රාජ්‍ය නොවන සංවිධාන ඒ අතර එහෙම නැත්නම් සිනමා නිර්මාණ කරුවන්ගේ සංසද යම් යම් ක්‍රියාකාරකම් චිත්‍රපට විචාර සඳහා දායකත්වය ලබාදුන්නත් විධිමත් මනා ව්‍යාපෘතියක් දෛනිකව ක්‍රියාත්මක කළ යුතු පරිසරයක් චිත්‍රපට සංස්ථාව ගොඩනැගිය යුතුයි.
ඇතැම් විට ජාතික තරුණ සේවා සභාව චිත්‍රපට උළෙලවල් සංවිධානය කරනවා. එහෙම නැත්නම් සිනමාකරුවන් චිත්‍රපට උපහාර ප්‍රදර්ශන පවත්වනවා.
ඊට එහා යන චිත්‍රපට කර්මාන්තය සඳහා වැදගත් නිර්මාණශීලී මුහුණුවරකින් ගොඩනැගිය යුතු කර්මාන්තයක් චිත්‍රපට කර්මාන්තය.
වීරත්වය මනුෂ්‍යත්වය පමණක් ඔප කළ ඓතිහාසික කතාවලින් පමණක් ලාංකීය චිත්‍රපට එය මතු කළ නොහැකි බව ජාතික චිත්‍රපට සංස්ථාව තේරුම්ගත යුතු කරුණක්.
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු