අද 2023 ජූලි 26 වන දින.
ආණ්ඩුව සර්ව පාක්ෂික සමුළුවක් අද සවස් භාගයේ කොළඹ දී පැවැත්වූවා.
මේ සමුළුව සඳහා ලංකාවේ දේශපාලන පක්ෂ බහුතරයක් පැමිණියා.
ජනතා විමුක්ති පෙරමුණ පමණක් සහභාගි වුණේ නැහැ.
රනිල් වික්‍රමසිංහ හත් වතාවක් ඉන්දියාව සමග අගමැති වශයෙන් ගිවිසුම් අත්සන් කරා.
මෙවර ශ්‍රී ලංකාව කපෝති කරන බව වෛද්‍ය වසන්ත බණ්ඩාර පැවසුවේ පසුගිය 25 වන දින කඩුල්ල ප්රකාශනයක් ජාතික පුස්තකාල මණ්ඩලයේදී එළිදැක්වූ අවස්ථාවේදී.
මේ වපසරිය තුළ ලංකාවේ හෙට අනිද්දා පැහැදිලිවම රාජ්‍ය ලේඛනාගාරයේ අධිලේඛන ඉතිහාස තීරණ මතතක වාර්තා සොයා බැලීමේ විද්වත් හමුවීම් ක්‍රියාකාරකම් සිද්ධ වෙන්න පුළුවන්.
අධි ලේඛන යන එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට යන අද්විතීය නැවත ඇති කළ නොහැකි උරුමයක්.
ලංකාවේ මහපොළොවත් එහෙමයි.
මහපොළොවේ හැදී වැඩුණු බහුතරය හිමිකම මේ අධි ලේඛනවල වටිනාකමත් අර්ථයත් ආරක්ෂා කරනවා.
අධි ලේඛන වනාහි වගවීමෙන් සහ විනිවිධ භාවයෙන් යුතු පරිපාලන ක්‍රියාවන්ට සහය වන තොරතුරු සමූල මූලාශ්‍රයක්.
පුද්ගල හා ප්‍රජා මතකය ආරක්ෂා කිරීමත් ඊට දායක වීමත් සමාජයේ අභිවෘද්ධියන්ට අවශ්‍ය වන කාර්යභාරයන් අධිලේඛන ඉටු කරනවා.
අධිලේඛන නැවත නැවත ඇවිස්සීම විවෘත කිරීම සමාජය වෙත රැගෙන යෑම සඳහා ලංකාවේ දේශපාලන පක්ෂ සහ වෙනත් විද්වත් කණ්ඩායම් රජයේ ප්‍රකාශන ලේඛනාගාරය දැනට වඩා ඉදිරි කාලයේදී මනාව පරිහරණය කරන්න උනන්දු වෙනවා නොවනුමානයි.
අප එසේ කියන්නේ ඇයි?
ඉන්දියාවට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගියේ පසුගියදා.
ඉන්දියාවෙන් ලැබුණු තරවටු කිරීමක් නිසාදෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමුළුවක් කැඳවූවා.
සමුළුවේ තේමාව මොකක්ද?
ඉලක්කය කුමක්ද?
සර්වපාක්ෂික සමුළුවක් තමයි එහි තේමාව වුණේ.
ඉලක්කය තමයි පොලිස් බලතල නැතිව බලය පළාත් සභාවලට ලබාදීම.
මේ තුළ රාජ්‍ය නායකයකු සතු ප්‍රතිවිරුද්ධ ලැදිකම ඉස්මතුව පෙනුනා.
රජය වෙනුවෙන් රාජ්‍ය ආයතන ජනතාව වෙනුවෙන් සත්‍යය කියන්නත්, සත්‍යය වෙනුවෙන් පෙනී සිටින්නත් රාජ්‍ය නායකයා බැඳී ඉන්නවා.
ඒ නිසා විධායක ජනාධිපතිවරයාට භාරකාරත්වය රාජකාරියකි යන න්‍යාය මත ඔහු වැඩ කළ යුතුයි.
සමස්ත රාජ්‍යයේම ව්‍යවසායෙහි භාරකරුවා ජනාධිපතිවරයායි.
හැබැයි අයිතිකරු වන්නේ කවුද?
රටේ පොදු මහජනතාවයි.
ඒ නිසා භාරකරුවන් රට සහ රටේ සම්පත් පිළිබඳව ක්‍රියා කළ යුත්තේ මහජන සුබසිද්ධිය පරෙටු කරගෙනයි.
එහිදී තමන්ට රාජකාරි වශයෙන් ඇති ලැදියාව කෙරෙහි ප්‍රමුඛතාව දැක්වීමට තිබෙන අවකාශය සීමා කරගෙන ක්‍රියා කළ යුතුයි.
රටේ රාජකාරිමය ලැදියාවන් පටලවාගත යුතු නොවන බව ජනාධිපතිවරයා තේරුම්ගන්න අවශ්‍යයි.
ලැදියාව, ප්‍රමුඛතාව, ප්‍රතිවිරුද්ධ ලැදියාවන් මගහරවාගෙන ක්‍රියා කිරීමට උත්සාහ ගන්නා බව ජනාධිපතිවරයාගේ කතාව තුළ අන්තර්ගතව පැවතියා.
ලැදියාවන් අතර ප්‍රතිවිරුද්ධතාව මගහරවාගැනීමට මේ රටේ හිටපු ජනාධිපතිවරු හත් දෙනෙක්ම අපොහොසත් වුණා.
ප්‍රතිවිරුද්ධ ලැදියාව කුමක්ද යන්න තේරුම් නොගැනීම මීට ප්‍රධාන සාධකයයි.
භාරකාරත්ව රාජකාරියක යෙදී සිටින ජනාධිපතිවරයා පැවරී ඇති භාරකාරත්ව රාජකාරිය ඉටු කිරීමේදී ප්‍රතිවිරුද්ධ ලැදියාවන්වලදි මුහුණ දෙන අභියෝග තේරුම්ගන්නත් අවශ්‍යයි.
ඇත්තටම රටක ජනාධිපතිවරයෙක් එහෙම නැත්නම් ආණ්ඩුවක් කිරීම ලේසි පහසු කාර්යයක් නෙමෙයි.
එය තේරුම් ගන්නේ රටක් පාලනය කරගෙන යනකොටයි.
විවිධ කරුණු අරමුණු කොටගෙන පාර්ලිමේන්තු නීති රීතිවලට හා පිළිගත් සම්ප්‍රදායන්ට මුල්තැන දෙමින් කටයුතු කරන්න ජනාධිපතිවරයකුට සිදු වෙනවා.
මානවයා ශීලාචාර වී සමූහ වශයෙන් ජීවත් වන්නට පටන් ගැනීමත් සමග පොදු ඕනෑකම් වර්ධනය වුණා.
එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ ඒ කණ්ඩායම්වල අඩුපාඩුකම් අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා විවිධ ක්‍රියාවන්වල අභියෝගවල ඔවුනොවුන් එකිනෙකා මුහුණ දෙනවා.
පොදු ප්‍රජාවගේ අභිවෘද්ධිය සලසා කටයුතු කිරීම විධායකය සතු උත්තරීතර ගුණාංගයක්.
එහෙම කියනකොට තවත් පැත්තකින් තවත් කරුණු ගණනාවක් ඉස්මතු වෙනවා.
මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ පටන් මිනිස් ජීවිත හා බැඳුණු අතිශ්‍ය සමීප සබඳතාවයන් අප්රමාණවත් තියෙනවා.
එහිදී ලෝකයේ රටවල් ජන අරගල ජනවාර්ගික ගැටලු, දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික පැති නිසා රජවරු ගෙදර ගිය ඉතිහාසයන් ලංකාවේ ඉතිහාසය හැදෑරීමේදී සාක්ෂාත් වන කරුණක්.
මානව ශිෂ්ඨාචාරයේ විකාශනය ප්‍රවාහනයේ වර්ධනයත් එක් කර අතිශ්‍ය සංකීර්ණ ක්ෂේත්රයන් හරහා ශ්‍රී ලංකාව තල්ලු වෙලා තියෙනවා.
කොහොම හරිම රාජ්‍ය නායකයකු සතු විය යුතු විනිවිධ භාවය සහ පාරදෘෂ්‍යභාවය ඉටුකරන්න හිතන තරම් ලේසි නැහැ.
ලංකාවේ පාර්ලිමේන්තුව තුළ විවිධ පාර්ලිමේන්තු නියෝජිතයන් පත්වෙලා එනවා.
ඔවුන් පත් වෙලා එන්නේ ඔවුන්ගේ බොහෝ විට පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන්.
රටක පාලනය සමබරව පවත්වාගෙන යෑම පහසු කාර්යයක් නොවේ.
විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ප්‍රධාන ආයතන තුන මගින් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනවා.
මේ ආයතන ස්වාධීන වූ තරමට බලතුලනයක් සිදුවන බව සාමාන්‍ය පිළිගැනීමක්.
ලංකාවේ රාජ්‍ය නායකයා විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක්.
උපමාධිකරණයක් සහිත අධිකරණ පද්ධතියකින් යුක්තිය පසඳලීම සිදුවෙනවා.
මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක බලතල පැවරී තිබෙනවා.
අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලය ජනාධිපතිවරයා විසින් පත් කරගනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින්.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඡන්දය පාවිච්චි කිරීමට අයිතිය නැතත් පාර්ලිමේන්තු කටයුතුවලට සහ සහභාගිවීමේ අයිතිය සම්පූර්ණයෙන් තියෙනවා.
කොහොම කෙසේ පැහැදිලි කළත් ලංකාවේ හෙට දවසේ ඇතිවිය හැකි භයානක තත්ත්වයන් පිළිබඳව සැකමුසු අවස්ථා ප්‍රජාව තුළට කාන්දු වෙමින් තිබෙනවා.
ජනාධිපතිවරයා ඉන්දියාවත් සමග කුමන ගිවිසුම්වලට ගියාද?
ඒ ගිවිසුම්වල ප්‍රතිඵලය ජනාධිපතිවරයා ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඔහුගේ පෞද්ගලික ලාබ හෝ වාසි ලබාගැනීම සඳහා මෙවලම් කරගන්නවාද? එහෙම නැත්නම් රජයේ ප්‍රතිවිරුද්ධ ලැදියා තත්ත්වයන්ට මුහුණ දෙමින් තම භාරකාරත්වය රාජකාරි කටයුතුවලින් ඉවත් වෙනවාද? අදාළ තත්ත්වය සමනය වන තුරු සිද්ධිය අවසන් වෙන තුරු එසේ තමා භාරගත් රාජකාරිවලින් රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයට ඉවත්ව යන්නට සිදුවේද?
ප්‍රතිවිරුද්ධ ලැදියාව යන සංකල්පය එකිනෙක හා බැඳී පවතිනවා.
රාජ්‍ය අමාත්‍යවරු ඇමතිවරු සහ අමාත්‍යංශ රාජ්‍ය නිලධාරින් ගේ විනිවිද භාවය හා පාරදෘෂ්‍ය භාවය පිළිබඳ ලංකාවේ මේ වන විට ප්‍රශ්න මතු වී තිබෙන අවස්ථාවක තමයි ජනවාර්ගික අර්බුදය සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා විසඳුමක් සොයන්න යන්නේ.
ඔහු එහිදී කියා සිටිනවා එක්කෝ 13 ක්‍රියාත්මක කරමු පොලිස් බලතල නැතුව එහෙමත් නැත්නම් 13 සම්පූර්ණයෙන්ම ඉවත් කරමු.
රාජ්‍යයක් යනු කළමනාකරුවන් එහෙම නැත්නම් රාජ්‍ය මෙහෙයවනු ලබන ආයතන පරිපාලනය කරන රටේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා විවිධ ගැටලු හමුවේ විවාදයට තුඩු දෙන කරුණු න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව ඊට අදාළ විසඳුම් සොයා යන ශක්තිමත් පදනමක්.
යම් යම් න්‍යායාත්මක පරිපාලනය සහ පසුවිපරම් ක්‍රියාවලි මගින් රජය සිය ක්‍රියාකාරිත්වය විවිධ අවස්ථාවලදී විවිධ විදියට ප්‍රදර්ශනය කරනවා.
බලයේ සිටින ආණ්ඩුවක මූලධර්මය විය යුත්තේ පොදු ක්‍රියාකාරිත්වයයි.
රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් වන විට රාජ්‍ය සමස්ත සියල්ලක් ඒ හා බැඳුණු බොහෝ ආර්ථික සාමාජික, සංස්කෘතික වෙළුණු දැවැන්ත පතිවෘතාව කොහේට කුමක් අරඹයා ක්‍රියා කරයිද එහෙම නැත්නම් අරාජික වෙයිද කියන ගැටලුව පැහැදිලිවන සුළුයි.
අපි බොහෝ විට ලංකාවේ අධිරාජ්‍යවාදීන්ට දෝෂාරෝපණය කරනවා.
නමුත් 19 වන සියවසේ ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය ඉතිහාසයේ වැදගත් කාලපරිච්ඡේදයක් බව ඉතිහාසය දන්නා අය මනාව දන්නවා.
කොල්ලකාරී, ආක්රමණකාරී, පිළිවෙතක් අනුගමනය කළ පෘතුගීසීන් යටතේ දිවයිනේ ආර්ථික මනා සංවර්ධනයක් ඉටු වුණේ නැහැ.
ලන්දේසින් යටතේ වූ මුහුදුබඩ ප්‍රදේශවල කුරුඳු කෝපි, පොල් හා ගම්මිරිස් යම් ප්‍රමාණයක් වානිජ පදනමකින් වගා කෙරුණා.
එය ආර්ථිකයේ මූලික වෙනසක් සිදු කළේ නැති බව සත්‍යයක්.
ලංකාවේ ආර්ථිකය රඳා පැවතුනේ සාම්ප්‍රදායික කෘෂිකර්මය මතයි.
මුහුදුබඩ ප්‍රදේශවල බලය 1796 දී තහවුරු කර ගත් බි්රතාන්යයන් කෙටි කාලයක් ඇවෑමෙන් 1815 දී මුළු දිවයින්ම තම ආධිපත්‍යයට යටත් කර ගත්තා.
1818 හා 1947 වර්ෂවල බි්රතාන්ය ආධිපත්‍යයට විරුද්ධව නිදහස් සටන් ඇති වුණා නමුත් එම සටන්වලින් ඔවුන්ගේ ආධිපත්‍යයට කිසිම හානියක් සිදු වුණේ නැහැ.
ලංකාවේ මේ යුගයේදී ඇති වූ ප්‍රධානම වැවිලි ආර්ථිකය ව්‍යාප්තවීම හා ප්‍රවාහන පහසුව සඳහා මහාමාර්ග සහ දුම්රිය මාර්ගවලින් දිවයින අභ්‍යන්තර වශයෙන් සංවර්ධනය වීම කැපී පෙනෙන එදත් අදත් ප්‍රධාන ලක්ෂණයක්.
නමුත් ඉන් පසුව කළු සුද්දන් රට භාරගත්තට පස්සේ එවැනි වැවිලි ආර්ථිකයක් හෝ මනා ප්‍රවාහන සංවර්ධනයක් රට තුළ දියත් වුණාද?
ප්‍රවාහන මහාමාර්ග සඳහා යම් දුරකට ව්‍යාප්ත වුණත් ඒ ව්‍යාප්ත වුණේ විදේශ ආධාර මතයි.
වතු ආර්ථිකයේ සංවර්ධනය හා ව්‍යාප්තය අනුව බොහෝ ආර්ථික විශේෂඥයන් විසින් පුළුල් පර්යේෂණ රාශියක් කර තිබෙනවා.
වතු ආර්ථිකයේ ඉතිහාසය සියම් නිඹුල්ලන් සේ මහාමාර්ග හා දුම්රිය මහාමාර්ග ඉතිහාසය සමග ඉතා සමීප වෙළීමක් දක්නට ලැබෙනවා.
වතු ආර්ථිකයේ ඉතිහාසය හා සංවර්ධණය පිළිබඳ සංෂිප්තව මේ යටත් විජිත යුගයේ වැවිලි ආර්ථිකය හා මහාමාර්ග ඉතිහාසය ගැන එහි වර්ධනය පිටුපස හේතු සාධක ක්‍රියාකාරිත්වය මුහුණ පා ඇති ගැටලු විශේෂයෙන්ම යැපුන් ආර්ථිකයේ දියුණුවට බලපෑ ආකාරය මුළු සමාජයම මේ වන විට ප්‍රතිඵළ වෙලාගෙන තිබෙනවා.
වැවිලි ආර්ථිකය නිසාම සමාජ ආර්ථික පරිවර්ථනයක් එදා ලංකාව තුළ දක්නට ලැබුණා.
නමුත් පසුගිය වසර 75 තුළ එවැනි ක්‍රියාකාරී විග්රහ කිරීමට පුළුවන් තරම් න්‍යායාත්මක සංකල්ප හා ආකෘති ලංකාවේ ක්‍රියාත්මක වුණාද?
දේශපාලන පත්විම් නිසා ඇති වුණු ව්‍යවසනය අද සමස්ත රටම වෙලාගෙන තිබෙනවා.
රටේ තිබෙන නීතිමය ප්‍රතිපාදනවලට පිටින් පත් වීම් ලබාදීම, ලැදියාවන් අනුව ක්‍රියාකිරිම මත ඉච්ඡා භංගත්වයට පත් වුණු ලංකාව මේ වන විට ගමන් කරන්නේ අන්ත දුගීභාවයක.
එවැනි තත්ත්වයක් හමුවේ දැන් උද්ගත වී තිබෙන්නේ කුමක්ද?
ඉන්දියාවේ බලපෑම මත ජනවාර්ගික අර්බුදය ඉස්මතු වෙමින් තිබෙනවද?
එහෙම නැත්නම් නීතිමය ප්‍රතිපාදනවලට පිටින් රට දෙකඩ වෙයිද?
මේ කරුණු කාරණා පිළිබඳව බොහෝ විට පොදු මහජනතාව තුළ කිසියම් දුරකට මනස්ඝාත වැඩෙමින් තිබෙනවා.
ආණ්ඩුවක් බලයට පත්වීම සඳහා විවිධ දේශපාලන පක්ෂ සම්බන්ධව කටයුතු කරනු ලැබූ පුද්ගලයින් රාජ්‍ය ව්‍යවසායන්හි සභාපති වරු අධ්‍යක්ෂකවරු ලෙස පත් කිරීම මේ රට තුළ තිබෙනවා.
එසේ පත් කෙරෙනු ලබන බොහෝ දෙනෙක් යම් අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් සහිත පුද්ගලයින් ද එය වෙනම ප්‍රශ්නයක්
රාජ්‍ය ව්‍යවසායක් සඳහා එම ක්ෂේත්රයට අදාළ විෂය පිළිබඳව දැනුමක් ඇති පුද්ගලයකු සභාපතිවරයා ලෙසද, ඇමැතිවරයා ලෙසද ආයතන ප්‍රධානියා වශයෙන් පත් වන්නේ නම් සතුටට කරුණක්.
නමුත් එවැනි තත්ත්වයකින් තොරව ක්‍රියා කරපු ලංකාවේ පාදඩ දේශපාලන සංස්කෘතිය තුළ ගැටලු සහගත තත්ත්වයන් හමුවේ ජනාධිපතිවරයාගේ හෙට දවස කුමක් විය හැකිද?
මිනිසාගේ ශීලාචාර ක්‍රියාකාරකම් අශීලාචාර ගතිගුණ දේශපාලන පක්ෂවල පාවාදීම්, පාදඩකම් ඉදිරියේදී විවිධ මුහුණුවරින් මේ කරුණු අරඹයා මතුවෙන්න පුළුවන්.
අප ඒ පිළිබඳව ඉදිරියට කතා කරමු.
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු විසිනි