විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ජනාධිපතිවරයා සමග කුළුපග සම්බන්ධතාවයක් සංවර්ධනය කිරීම අභියෝගයට ලක් වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාටය.
ඒ නිසා මහාචාර්ය අමරතුංග සභාපතිවරයාගේ මැදිහත්වීමෙන් ආණ්ඩුවට වෙනත් පැත්තකින් අභියෝග කිරීමේ ක්‍රමවේදයක් දියත් වෙමින් තිබේ.
ඒ සඳහා ඊට හවුල් වන්නේ විජය පුවත්පත් ප්‍රකාශන සමාගමේ කර්තෘ මණ්ඩල ප්‍රධානී සිරි රණසිංහ මහතායි.
සිරි රණසිංහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වේ.
මේ අනුව ඇති වී තිබෙන සම්බන්ධතාවය ප්‍රයෝජනයට ගනිමින් මහාචාර්ය සම්පත් අමරතුංග මහාචාර්යවරයාගේ මැදිහත්වීමෙන් ලංකාදීප පුවත්පත්වලින් විශ්වවිද්‍යාලය හාන්සි යනුවෙන් 2023 මැයි 28 වන ඉරිදා ලංකා දීප පුවත්පතේ සම්පූර්ණ පිටුව වෙන් කරමින් විශ්වවිද්‍යාල සමස්තය හාන්සි කර තිබේ.
ජලබිල්පත් ගොඩගැසෙයි පසුගිය මාස 5ක ආචාර්යවරු 500ක් රට ගිහින් ආචාර්ය මහාචාර්යවරු 4616 හිගයි. රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ මහාචාර්යවරු තිදෙනාම ගිහින් ඒකකය වහලා යනුවෙන් සඳහන් කරන ඉරිදා ලංකාදීප පුවත්පත තිබෙන සම්පත්වලින් උපරිමය දෙන්න දැඩි සටනක් කරන බවට සම්පත් අමරතුංග මහතා සඳහන් කර තිබෙනවා.
නමුත් සම්පත් අමරතුංග ඒ තොරතුරු ලබානොදුන් බවට හැගවෙන සේ අදාළ ප්‍රවෘත්තිය හෙළිකර තිබෙනවා.
ආචාර්ය මහාචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පසුගියදා ජනාධිපතිවරයා හමුවීමත් සමග ඒ තුළින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාට ඇති වී තිබෙන අභියෝගය වෙනත් ආකාරයකට ප්‍රකාශ වෙමින් තිබෙනවා.
ආචාර්ය මහාචාර්යවරුන්ගේ හා උග්‍ර මූල්‍ය හිගය හේතුවෙන් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යෑම බරපතල ගැටලුවක් වී ඇතැයි වාර්තා වේ යනුවෙන් සඳහන් වේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාල 17 සහ උසස් අධ්‍යාපන ආයතනවල ආචාර්ය මහාචාර්යවරුන්ගේ අනුමත කාර්ය මණ්ඩලය 11,213ක් වූවත් දැනට සිටින්නේ 6,670 දෙනකු පමණක් බව එම කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ඉරිදා ලංකාදීපයට සඳහන් කළ බවට තොරතුරු හෙළිකර තිබනෙවා.
එය හුදෙක්ම මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ මැදිහත්වීමකින් තොරව හෙළිකර තිබෙන බවට ලංකාදීප අනාවරණය කරන්නේ උපායශීලීවයි.
නමුත් මහාචාර්ය අමරතුංගගෙන් ඒ පිළිබඳව විමසීමේදී බරපතල ගැටලු තිබුණත් උපරිමයෙන් කළමනාකරණය කරනවා යනුවෙන් පළමු පිටුවේ වෙනම කොලමක සඳහන් කර තිබෙනවා.
මෙය සම්පත් අමරතුංග මහාචාර්යවරයාගේ හා සිරි රණසිංහ ලංකාදීප කර්තෘ මණ්ඩල ප්‍රධානියාගේ උපයමාර්ගික
ක්‍රියාමාර්ගයක ප්‍රතිපලයක් වශයෙන් අදාළ තොරතුර හෙළි කිරීමෙන් අපේක්ෂිත ඉලක්ක මොනවාද යන්න පසුව තවදුරටත් කරුණු හෙළි කිරීමට බලාපොරොත්තු වෙනවා.
මීට පෙර මෙවැනිම සිද්ධියක් මහාචාර්ය සුනිල් ආරියරත්න අරඹයා ලංකාදීප ක්‍රියාත්මක කළේ ඒ අනුවය.
ඉන් පසුව ජනාධිපතිවරයා සුනිල් ආරියරත්නට කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපතිකම ලබාදෙන්නේ එවැනි පසුබිමකය.
මෙය ජනමාධ්‍ය ගනිකා වෘත්තිය යෙදවීමේ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වශයෙන් ඇතැම් සමාජ විද්‍යාඥයින් සඳහන් කර තිබේ.
ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය බිහිවන්නේ බි්රතාන්ය අවධියේ අධ්‍යාපන කාලය තුළයි.
එය 1802 මාර්තු සිට වර්ෂ 1948 පෙබරවාරි 04 දක්වා ක්‍රියාත්මක වූ බව ඉතිහාස කරුණු අනුව සඳහන් වෙනවා.
එනම් ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු 1948 පෙබරවාරි 04 දක්වා බි්රතාන්ය පාලනය යටතේ උසස් අධ්‍යාපන ආයතන දීර්ඝ කිරීමේ පුරෝගාමීන් වූයේ බි්රතාන්ය එහෙම නැත්නම් අධිරාජ්‍යවාදී පාලන කාලයයි.
අවුරුදු 150ක් පමණ වන එම කාලය ලංකාවේ අධ්‍යාපනයේ සුවිශේෂී කාල පරිච්ඡේදයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්.
ලංකාවේ ප්‍රථම විශ්වවිද්‍යාලය වන ලංකා විශ්වවිද්‍යාලය නැත්නම් යුනිවර්සිටි ඔෆ් සිලෝන් බිහි වන්නේ මේ අවධියේ අවසන් භාගයේ යැයි කීම වඩාත් නිවැරදියි.
බි්රතාන්යයන් ලංකාවට පැමිණි අවධියේ යුරෝපයේ සමාජ ආර්ථික ව්‍යුහයේ විශාල පෙරලියකට තුඩු දුන් සිද්ධි මාලාවක් වර්ධනය වුණා.
ඉන් ඇමරිකානු නිදහස් සටන හා ප්‍රංශ මහා විප්ලවය විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා.
යුරෝපීය සමාජයේ පැවති වැඩවසම් ක්‍රමය සම්පූර්ණයෙන්ම නැති වී යන්නේ එම පසුබිම් කාලය තුළයි.
එම බලපෑම නිසා පෙරදිග බි්රතාන්ය යටතේවිජිතවල කුල භේදයේ පදනම දෙදරා යනවා.
කාර්මික විප්ලවය බලපෑම හේතුකොටගෙන තවත් සංසිද්ධීන් ගණනාවක් ශ්‍රී ලංකාව තුළ සිදුවෙනවා.
එනම් නව ආදායම් මාර්ග සහ ධනය පිළිබඳ නව ආකල්ප ලාංකික සමාජය තුළ ඇති වන්නේ ද මේ කාලපරිච්ඡේදය තුළයි.
ගම්බද ජනගහනය නගරවලට ආකර්ෂණය වන්නේ කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් වශයෙන්.
කාර්මික විප්ලවයේ ලංකාව තුළට ප්රවේශවීමේදී නාගරිකය තුළ විශාල කර්මාන්ත වෙනත් නාගරික අවශ්‍යතා සඳහා ව්‍යාපාරික සමාජ පන්තියක් බිහිවීම මෙහිදී ප්‍රධාන වෙනවා.
නාගරික ධනවත් පන්තියක් ඇති වන්නේ මේ කාල පරිච්ඡේදය තුළ යැයි කීම වඩාත් නිවැරදියි.
මේ සමාජ පරිවර්ථනයේ ලක්ෂණ විශ්වවිද්‍යාල බිහිවීමට මනා පිටුවහලක් ලැබෙනවා.
එම සියලු වෙනස්කම්වලට බලපෑම් නොවන පරිදි බි්රතාන්ය පාලකයන්ගෙන් ලංකාවට විශ්වවිද්‍යාල නමැති අගනා ඥාන මණ්ඩල රටාව බිහි වෙනවා.
ලංකාවේ ප්‍රධාන නැව්තොට ආශ්‍රිතව කොළඹ නගරයේ ලංකාවේ අගනුවර ලෙස දියුණු වන්නේ ද මේ කාලපරිච්ඡේදය තුළයි.
ඊට අනුබද්ධව දකුණු මුහුදු තීරයේ ගාල්ල තුළ ද සංවර්ධන ක්‍රියාදාමයන් සිදුවෙනවා.
උතුරේ යාපනය ද මධ්‍යම කඳුකරයේ මහනුවර ද නව නගර නිර්මාණය වන්නේ මෙවන් පසුබිමක් තුළයි.
ලංකාවේ ලන්දේසි පාලනය අවසන් වූ කාලයේ මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය පාසල් 163කින් සමන්විත වුණා.
එම පාසල් සංවිධානාත්මකව පැවතියා.
බි්රතාන්ය මධුරාසි පාලනය විසින් ලන්දේසි පාදිලිකරුන් සිරභාරයට ගත්තේ බි්රතානයට ශ්‍රී ලංකාව යටත් වීමත් සමග.
එම කාල පරිච්ඡේදයත් සමග ලන්දේසින්ගේ පැරිස් පාසල් ක්‍රමය අභාවයට යනවා.
කොළඹ බි්රතාන්ය භටහමුදාවේ දේවගැතිවරයා ලෙස ජේන් කොඩිනර් පියතුමා පත්වන්නේ මේ අවධියේ.
රටවැසියාගේ පොදු අධ්‍යාපනය දියුණු කරීම සඳහා බි්රතාන්ය පාලනය යටතේ නැවතත් ඉන්පසුව පැරිස් පාසල් ක්‍රමය ආරම්භ වෙනවා.
සාමාන්‍ය රටවැසියන්ගේ දරුවන් විශාල සංඛ්‍යාවකට මූලික අධ්‍යාපනය ලබාදීම බි්රතාන්ය පැරිස් පාසල්වලින් සිදු වෙනවා.
මේ අතර සමාජයේ ඉහළ මට්ටමේ අයගේ දරුවන් සඳහා උසස් පාඨශාලා අධ්‍යාපනයක් අවශ්‍ය බව නෝර්ත් ආණ්ඩුකාරවරයා පිළිගන්නේ මේ අවධියේමයි.
ඒ සඳහා ඇකඩමිය නමින් උසස් පාඨමාලාවක් ආරම්භවෙනවා.
ඒ 1802 වර්ෂයේදී එහි ශිෂ්‍ය සංඛ්‍යාව වුණේ 85ක් බව ඉතිහාසය සඳහන් කර තිබෙනවා.
ඒ බව අනාවරණය කරන්නේ 1965 වර්ෂයේ රුබේරු ටී රංජිත් විසින් ලියාතිබෙන අධ්‍යාපන සියවස දෙවන කාණ්ඩයේ පිටුව 349 යන පිටුවෙන් කරුණු අනාවරණය වෙනවා.
කොහොම වෙතත් එසේ බිහිවුණු උසස් අධ්‍යාපන රටාව අද තත්ත්වය අනුව සම්පූර්ණයෙන් විශ්වවිද්‍යාල හාන්සි කර තිබෙන බව පසුගිය වසර 75 පුරාම සනාථ වන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ භාවිතය හැසිරීම අනුව.
රජයේ විශ්වවිද්‍යාල පසුගිය කාලයේ සිටි 8540ක් පමණ වූ ආචාර්ය මහාචාර්යවරුන් ගණන මේ වන විට 6677 දක්වා අඩු වී තිබෙනවා.
ඒ අනුව විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන් 4616 දෙනෙකු හිගයක් පවතින බව සඳහන් වෙනවා.
මෙය විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ බිඳ වැටීමක් ද ලංකාවේ උගත් විද්වත් සමාජ පන්තියේ කඩාවැටීමක්ද ඒ අනුව ආචාර්යවරු සංඛ්‍යාවෙන් 1863 දෙනෙකු පමණ අඩුවක් මෑත යුගයේදී අඩු වී තිබෙන බව සඳහන් වෙනවා.
2000කට ආසන්න වන වර්තමාන පුරප්පාඩු සංඛ්‍යාවෙන් 350 දෙනෙකුවත් හදිසියේ බඳවාගත යුතු වූවත් මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් එම පිරිසද බඳවාගැනීමට නොහැකි වී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ මතයක්.
ආචාර්ය මහාචාර්යවරුන් නිවාඩු ලබා විදේශගතවීම් හා සේවය හැර යාම හේතුවෙන් ආචාර්යවරුන්ගේ උග්‍ර හිගය නිර්මානය වී ඇතැයි කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයකුගේ මුහුණුවරින් ප්‍රකාශ කර ඇතත් ඇත්තටම අදාළ තොරතුරු හෙළිකර ඇත්තේ විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ මහාචාර්ය සම්පත් අමරතුංග බවට තේරුම් යන්නේ මාධ්‍ය ක්ෂේත්රයටය.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට කතාව රෝල් කර ඇත්තේ කෙසේද යන්න පැහැදිලියි.
මේ වසරේ ගත වූ මාස 5 තුළ ආචාර්ය මහාචාර්යවරුන් 500 දෙනකුට ආසන්න පිරිසක් රට හැරගොස් තිබෙනවා.
ඔවුන්ගෙන් වැඩි දෙනකු සේවය අත්හැර විදේශගතව තිබෙන බව අනාවරණය වූයේ මෑත දිනක සිට බව අප කවුරුත් දන්නා කරුණක්.
රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේදී මහාචාර්ය ඒකකයේ සිටි මහාචාර්යවරු තිදෙනාම විදේශගත වීම හේතුවෙන් එම ඒකකය වසා දමන්නට සිදුවී ඇති අතර මේ තත්ත්වය විශ්වවිද්‍යාල රැසකම තිබෙන බව වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.
රජයේ සේවකයන් වසර 5ක නිවාඩු ගෙන පිටරට යාමට අවසර දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබෙනවා.
එය ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබාදුන්නොත් විශ්වවිද්‍යාලවල සිටින සියලුම ආචාර්යවරුන් රට හැර යනු ඇති බවත් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ නිලධාරියෙකු තවදුරටත් සඳහන් කර තිබෙනවා.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට රට යාමට අවසර නොදෙන නිසා ප්‍රතිපාදන කොමිෂන් සභාව පවා දැනුවත් නොකර පිටරට යාමට ඔවුන් පටන්ගෙන ඇතැයි අදාළ නිලධාරියා සඳහන් කර තිබෙනවා.
සමස්ත කතාව තුළම රජයට අනියම් ලෙස අමරතුංග මහතාත් රණසිංහ මහතාත් නිහඬ බලපෑම් කිරීම සිදු කර තිබෙනවා.
ඊට අමතරව මේ පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි.
නමුත් මින් ප්‍රදර්ශනය වන්නේ කුමක්ද?
රාජ්‍ය පරිපාලනයේ අඩුපාඩු නොවේද?
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පසුගාමීත්වය නොවේද?
මේ නිසා භයානකම තත්ත්වය වන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් රැසක් විදේශ රටවල පුරවැසිභාවය අතේ තබාගෙන සිටීම බව වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.
ඇතැම් අධ්‍යාපන අධ්‍යයන අංශවල සිටින ආචාර්යවරුන්ගෙන් 100%ක්ම පාහේ විදේශ පුරවැසි බව ලැබීම ද කොමිෂම සඳහන් කර තිබෙනවා.
විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවල ආචාර්යවරුන් වැඩි පිරිසක් විදේශ රටවල පුරවැසිභාවය අයදුම්කර ඇතැයි වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.
ඇත්තටම 19 ශත වර්ෂයේදී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන කිහිපයක්ම බිහි වෙනවා.
ඉංග්‍රීසි මුල් කරගත් අධ්‍යාපනයේ අතුරු ප්‍රතිඵලයක් වශයෙන් එය සඳහන් කරන්න පුළුවන්.
සමාජ ආර්ථික රටාවේ වෙනස්වීම් නිසාද වෛද්‍ය ක්ෂේත්රයට හා නීති ක්ෂේත්රයට හා කර්මාන්ත ක්ෂේත්රවලට අදාළ උසස් අධ්‍යාපන ආයතන කිහිපයක්ම 19 වන ශතවර්ෂයේ අගභාගයේදී ලංකාවේ ඇති වුණා.
ගමේ වෙද මහතා නියම කරන ලද කසාය, ගුළි, කල්ක, පත්තු ආදිය ප්‍රයෝජනයට ගනිමින් සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමේ පාරම්පරික තත්ත්වයක් ශ්‍රී ලංකා ව සතු වුණා.
ලෙඩ වූ විට එම බෙහෙත් යොදා ගනිමින් ගෙදරදීම සුවය ලබාගන්නා සමාජ රටාව බිඳ වැටෙන්නේද මේ කාල පරිච්ඡේදයේදී යන්න කීම වඩාත් නිවැරදියි.
ලංකාවේ පාරම්පරිකව පැවති සෞඛ්‍ය පිළිවෙත බිඳ වැටෙන පරිසරයක් තුළ බි්රතාන්ය යුගයේ සිදු වූ සමාජ පෙරළියත් සමඟ වෛද්‍ය විද්‍යාලය බිහි වෙනවා.
පාරම්පරික දේශීය වෙදකම ඉන් පසුව අභාවයට යනවා.
සාමාන්‍ය ජනයාගේ සෞඛ්‍ය ඉන් පසුව පිරිහෙනවා.
වැව් අමුණු කුඹුරු බිම් නිසි නඩත්තුවක් නැතිව පැවතීම නිසා මදුරු ගහණය වැඩි වෙන්න පටන් ගන්නවා.
එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස උණ රෝග පැතිරීම වර්ධනය වෙනවා.
19 ශතවර්ෂයේ අගභාගයේ පාලකයන්ගේ අවධානය යොමු නොවූ එදා එම ප්රශ්නය බැරෑරුම් තත්ත්වයට පසු කාලිනව පත් වෙනවා.
මේ ගැන මුලින්ම වර්ෂ 1869 දී පාලකයන්ගේ අවධානය යොමු කළ රාජ්‍ය ශෛල්‍ය වෛද්‍යවරයා වූයේ ජේ. ලෝස් බි්රතාන්ය ජාතිකයාය.
වන්නියේ ජන සංඛ්‍යාව අඩු වීම පිළිබඳව කරුණු දක්වමින් ලංකාවේ වෛද්‍ය අධ්‍යාපන පිළිවෙතක් ආරම්භ කර ඒ මගින් මහජනයාට වෛද්‍ය පහසුකම් සැපයීමේ අවශ්‍යතාවය ලෝස් මහතා පෙන්වා දී තිබෙනවා.
එකල සිටි ප්‍රධාන වෛද්‍ය නිලධාරි ඩබ්. පී. චාල්ස් මෙම අදහස පිළිගෙන තිබෙනවා.
මැඩි ක්ලිනික්, ශෛල්‍ය වෛද්‍ය, සර්ජරි එහෙම නැත්නම් ශුති විද්‍යාව උගන්වන ප්‍රායෝගික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීමට ඒ අනුව යෝජනා වී තිබෙනවා.
වර්ෂ 1870 දී කොළඹ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන ලද්දේ වෛද්‍ය ජේ. ලෝස්ගේ විදුහල්පතිත්වය යටතේ යැයි කීම වඩාත් නිවැරදියි.
මූලික විද්‍යාලයකට වඩා උසස් ආයතනයක් වූ වෛද්‍ය විද්‍යාලය 1889 දී එක්සත් රාජධානියේ පොදු වෛද්‍ය මණ්ඩලය විසින් ශෛල්‍ය වෛද්‍ය පිළිබඳ ඩිප්ලෝමාවක් ප්රදානය කිරීම සඳහා බලයලත් ආයතනයක් ලෙස එදා පිළිගෙන තිබෙනවා.
ඒ සමස්තයම මේ වන විට බිඳ වැටෙමින් යන බව අනාවරණය වෙමින් තිබෙනවා.
විශ්වවිද්‍යාල නඩත්තු කිරීම සඳහා මුදල් දීම දැඩි ලෙස සීමා කර ඇති බව තිරය පිටුපස සිට විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හෙළි කර තිබෙනවා.
දැනට මුදල් ප්‍රතිපාදන වෙන් කෙරෙන්නේ ආචාර්යවරුන්ගේ වැටුප් දීමනා ආදිය ගෙවීමට පමණක් බව ද ඒ මහතාගේ තිරය පිටුපස තොරතුරුවලින් අනාවරණය වී තිබෙනවා.
විශ්වවිද්‍යාලවල විදුලි සහ ජල බිල්පත් ගෙවීම ද දැනට උග්‍ර ගැටලුවක් බවට පත් වී තිබෙනවා.
විශ්වවිද්‍යාලවල පසුගිය කාලයේ කරන ලද ඉදිකිරීම් වෙනුවෙන් ගෙවීමට තිබෙන රුපියල් කෝටි තුන්දාහක පමණ බිල්පත් මුදල් අමාත්‍යංශයේ ගොඩගැසී ඇති බවට ද සම්පත් අමරතුංග මහතා තිරය පිටුපස සිට අනාවරණය කර තිබෙනවා.
විශ්වවිද්‍යාලවල ප්‍රාග්ධන වියදම් සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සම්පූර්ණයෙන්ම නතර වී තිබෙන බව ද තවදුරටත් අමරතුංග මහතා තිරය පිටුපස සිට වාර්තා කර තිබෙනවා.
ලෝක බැංකු ආධාර යටතේ විශ්වවිද්‍යාලවලට රුපියල් කෝටි දාහක්, එක්දාස දෙසීයක් පමණ මීට පෙර ලැබී තිබෙනවා.
ලංකාව බංකොලොත් රටක් ලෙස ප්‍රකාශයට පත් කිරිම නිසා එම ප්‍රතිපාදන ද ලැබීම නතර වී ඇති බවට තිරය පිටුපස සිට මහාචාර්ය සම්පත් අමරතුංග අනාවරණය කර තිබෙනවා.
මේ නිසා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද පුරප්පාඩු 33ක් පමණ ඇති බවට අමරතුංග මහතා තිරය පිටුපස සිට හෙළි කරන්නේ මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් එම බඳවාගැනීම් ද නතර කර ඇතැයි හෙළි කිරීමෙන්.
උපයාශීලීව මෙම කරුණු ලංකාදීපයට හෙළි කරන ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමරතුංග මහතාගෙන් විමසන්නේ පුවත්පත ඔහු මීට සම්බන්ධතාවයක් නැති බවට හඟවමින්.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය සහ මූල්‍ය ගැටලු බරපතල ලෙස තිබීම කෙසේ වෙතත් තමන් මනාව කළමනාකරණය කරගෙන යන බව ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුම ආත්මාරක්ෂක ප්‍රකාශන පුවත්පතට කර තිබෙනවා.
එමෙන්ම විශේෂඥ ඥානය හිමි අය බඳවාගැනීමට නොහැකි බව විශ්වවිද්‍යාල පද්ධතියේ විශාල ගැටලුවක් බව ද අමරතුංග මහතා සඳහන් කරනවා.
මේ සියලු ගැටලු තිබෙන නමුත් පසුගිය වසර තුන හතරේදී ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව මෙරට ඇතැම් විශ්වවිද්‍යාල හාරදහසකින් ස්ථාන 56කින් පමණ ඉහළට පැමිණ ඇති බව ද ඔහු සඳහන් කරන්නේ ඔහුගේ කාලය තුළ උසස් තත්ත්වයට විශ්වවිද්‍යාල පද්ධතිය ගත් බවද.
නමුත් අද විශ්වවිද්‍යාල හාන්සිවීමට පසුගිය වසර 75 කාලය තුළ බලපෑවා සේ මහාචාර්ය අමරතුංගගේ කාල පරිච්ඡේදය තුළ ද එම ඛේදවාචකය ඉක්මන් වූ බවට අදාළ කරුණු ඉදිරියේදී අප තොරතුරු හෙළි කිරීමට ද බලාපොරොත්තු වෙනවා.
තවදුරටත් විශ්වවිද්‍යාල පද්ධතියේ ඈත මෑත වර්තමානය පිළිබඳ තවත් කරුණු හෙළි කිරීමට අප ඉදිරි කාලය තුළ බලාපොරොත්තු වෙනවා.
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු