• සංසදයේ කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජගත් මනුවර්ණ මහතා පත් වේ.
• නියෝජ්‍ය සම සභාපතිවරු 4 ක්.
දස වැනි පාර්ලිමේන්තුව සඳහා නැවත ස්ථාපනය කෙරුණු විවෘත පාර්ලිමේන්තුවකට මූලාරම්භයක් සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ අභිනවයෙන් රැස්වීම ඊයේ (08) පාර්ලිමේන්තුවේ සිදු වූ අතර මෙම සංසදයේ සම-සභාපතිවරුන් ලෙස අමාත්‍ය ගරු (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරු තේරී පත්වූහ.
මෙහිදී සංසදයේ සම-සභාපතිවරුන් ලෙස අමාත්‍ය ගරු (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) ජනක සේනාරත්න මහතා විසින් යෝජනා කළ අතර ගරු (නීතිඥ) භාග්‍ය ශ්‍රී හේරත් මහතා විසින් ස්ථිර කරන ලදි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාගේ නම විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නලින් බණ්ඩාර මහතා විසින් ස්ථිර කරන ලදි.
එසේම මෙම සංසදයේ කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජගත් මනුවර්ණ මහතා තේරී පත්වූ අතර නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස ගරු (නීතිඥ) චමින්ද්‍රාණී කිරිඇල්ල, ගරු චන්දන සූරියආරච්චි, ගරු එස්. එම්. මරික්කාර් සහ ගරු (නීතිඥ) තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීන් තේරී පත් විය.
මෙම සංසදය අමතමින් අභිනවයෙන් පත්වූ සම සභාපතිවරුන් සඳහන් කළේ පාර්ලිමේන්තුව මහජනතාවට සමීප කරලීම වෙනුවෙන් මෙම සංසදය හරහා සිදු කළ හැකි සියලු කටයුතු සිදුකිරීමට බලා පොරොත්තු වන බවයි. එසේම ඒ වෙනුවෙන් අවශ්‍ය සියලුදෙනාගේ සහය බලාපොරොත්තුවන බවද ඔවුහු පැවසූහ.
The post විවෘත පාර්ලිමේන්තුවකට මූලාරම්භයක් සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් ලෙස ගරු (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන සහ ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් පත් වේ. appeared first on PFP News.