භික්ෂුව පාදඩ දේශපාලනයේ
උගත් ප්‍රජාව භික්ෂුවගේ අතකොඵවක් ද?
ලංකාවේ වැඩවසම් ක්රමයේ හා ධනපති සමාජ සංස්ථා නැගීමේ සමාජ ව්‍යුහය සංඝ සමාජයේ සංකලනයක්. නොදියුණු සංවර්ධනය, සමාජ පන්තිය, කුලය හා ජනවාර්ගිකත්වය සමඟ සැඟවී ඇති සමාජ සංසිද්ධියක්.
නමුත් සියල්ලක් ගෞතම සම්බුද්ධ නිර්මල දහම පුරෝගාමී කරගෙන ධර්මය දේශනා මතුපිටින් පැවැත්වීම. තිරය පිටුපස වැඩවසම් සම්ප්‍රදායික ඇතැම් භික්ෂූන් වහන්සේලායේ හැසිරීම හා භාවිතය නිසා ගොවි කම්කරු හා වාමාංශික ව්‍යාපාර යටපත් කරන ඓතිහාසික සමාජ ධූරාවලියක් ව්‍යාප්තව තිබෙනවා. නමුත් ප්‍රභූ පැලැන්තිය, පාදඩ දේශපාලනය, මත් පැන් ව්‍යාප්තිය හා දුප්පත් කම රට පුරා පෝෂණය වී තිබෙනවා. ඉන් කුළ ක්‍රමය දිය යට යන ගින්දරක් සේ සමාජය පුරා නිහඬව ව්‍යාප්තව තිබෙනවා. සංඝ සමාජය තුල කුලවාදය මූල සාධකයක් වශයෙන් ව්‍යාප්තව තිබීම ඊට ප්‍රධාන සාධකයක්. කුලය යන සාධකය ඓතිහාසික ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. රාජ්‍ය නිල පත්කිරීමේ දී ඓතිහාසික ලාංකික සමාජයේ කුල ධූරාවලිය සැලකිල්ලට ගැනීම. මේ නිසා බහුත්වාදි සමාජ මට්ටම ප්‍රකාශ වන ශ්‍රේණිගත සමාජ ධූරාවලියක් ශ්‍රමය මත සමාජ ගත වීම. අස්ගිරි භික්ෂු ප්‍රභවයේ සිට කුලය කේන්ද්‍රීයව ගලා යන ස්වභාවයක් දක්නට ලැබේ. ලාංකික බෞද්ධ සංස්කෘතියේ අන්තර්ගතයන් සමඟ භික්ෂු කණ්ඩායම් වල කුල සාධකය ස්ථාවර වීම. කුලය හා වෘත්තීය එකිනෙකට සම්බන්ධතාවය විවාහයේ සිට හා වෙනත් විවිධ ක්ෂේත්‍ර කරා කුලය යන සාධකය සිංහල පමණක් නොව ලංකා දෙමළ, ඉන්දීය දෙමළ, ලංකා මුස්ලිම්, ඉන්දීය මුස්ලිම්, මැලේ, වැදි ප්‍රජාවන් දක්වා පසුව කාණ්දු වීම. වංශ කතා සාහිත්‍යට අනුව අනුරාධපුර යුගයේදී මෙහෙණි සසුන හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැඩම කිරීමත් සමඟ කුලය යන සාධකය සමාජ ගත වන්නේ අදාල පිරිස සමඟ පැමිණි කුල ධූරාවලිය නිසා. ඒ අනුව 19 වන සියවස වන විට නම්බුකාර කුලය වන්නේ ගොවිගම කුලයයි. කරාව – ධීවර සමාජය, බෙරවා – බෙර කරුවන්, ඔලි – නැට්ටුවන්, බහුම්පුර – හකුරු සාදන්නන්, දුරාව – පොල් ගස් මදින්නන්, සලාගම – කුරුඳු තලන්නන්, බඩහැඹ – කුඹල් කරුවන්, හින්න – රදු – රෙදි සෝදන්නන්, බත්ගම – නිශ්චිත වෘත්තියක් නැති, හුණු – හුණු පුඵස්සන්නන්.
පෘතුගීසි, ලන්දේසි පාලන යුගවලදී හා ඉංග්‍රීසි ජාතික පාලන වලදී කුලය නොසලකා රාජ්‍ය පාලනයේ තනතුරු ලබා දීම නිසා කුලය යම් දුරකට පසුගාමී විය. මුහුදුබඩ ආශ්‍රිතව කුරුඳු වගාව ව්‍යාප්ත වීමත් සමඟ ඇති වූ නව ධනේශ්වරය නිසා කුල ධූරාවලියට යම් බලපෑම් සිදුවිය. බුදුරජාණන් වහන්සේ මහා කරුණා ගුණයෙන් යුක්තය. දුකට පත් විපතට පත් වැරදි පුද්ගලයා සොයාගෙන ගොස් මුදවා ගැනීම බෞද්ධ දර්ශනයයි. උන් වහන්සේගේ දෛනික දින චර්යාවේ අසරණයන් අසරණභාවයෙන් මුදවා ගැනීම බෞද්ධකමේ ප්‍රධාන වගකීමක් වූහ. උන් වහන්සේගේ මහා කාරුණික සද්භාවය ප්රාග් හා ඓතිහාසික කාල පරිච්ඡේද වල සිට සමාජ ගතවීම නිසා බෞද්ධ භික්ෂුවට සුවිශාල සිවිල් බලයක් වර්ධනය වී තිබේ.
වර්තමාන ශ්‍රී ලංකාවේ උන් වහන්සේගේ අප්‍රමාණ ගුණාංග ඉදිරියට ගෙන යාමේ භික්ෂු සංස්කෘතියක් දකින්නට තිබේද? එවන් පරිසරයක් ඉතිහාසයේ සිට භික්ෂු සමාජයානුයෝජනයක් නොකිරීම නිසා ප්‍රජාව අකාරුණික වී තිබේ. ඇත්තෝ කති බොති. බලය හා ධනවත් කම මත අකාරුණික දඩබ්බරයන්ගේ හැසිරීම හා භාවිතය ප්‍රතිනිර්මාණය කර ගනිමින් බණ දේශනාකරන සංස්කෘතියක් අධ්‍යනික භික්ෂු සමාජයේ දක්නට ලැබේ. භාණ්ඩ මිලදී ගැනීමේ පාරිභෝගික සමාජයක් තුල විවිධ ප්‍රශ්න මතු කරයි. විවිධ අරමුණු ඉටුකර ගැනීම සඳහා යාමේදී එකිනෙකා අභිබවා ප්‍රජාව ක්‍රියා කිරීමේදී අසත්පුරුෂ ක්‍රියාවන් වල නියැලෙති. වංචාව, සොරකම, මරණ බිය, තුවාල කිරීම, රාජ්‍ය දේපල අයුතු පරිහරනය හා උපායශීලීව මංකොල්ල කෑම ඇතැඹුලක් සේ ගෙන රසාස්වාදී බණ සංස්කෘතියක් භික්ෂු සමාජයෙන් වර්ධනය වී තිබේ. නමුත් මේ සියල්ලක් සමාජයට ප්‍රවේශ වීමට පෙර වසා දැමීමේ මූලික වගකීම ඇති වුණේ භික්ෂු සමාජයට නොවේ ද?
ඒ මත වීම හා වගකීම බැහැර කර තමන්ගේ පැවැත්ම සඳහා හැසිරෙන භාවිතාවන් සිදුවන භික්ෂු රටාවක් දකින්නට නොලැබේ ද?
මෛත්‍රී පාලනයේ දී ත්‍රිපිටක මහෝත්සවයේ දී පුටු පැනවීම පිළිබඳ ප්රශ්නය අරභයා භික්ෂු නිකායන් අතර පැවති ගැටුම තුලින් කියවෙන්නේ කුමක් ද?
භික්ෂු සමාජය තුල තිබෙන කුහකකම, ආත්මාර්ථකාමී බව, මමත්වය වර්ධනය සඳහා කෙරෙන අරගලය නොවේ ද? ආගමේ නාමයෙන් කුලවාදය, වැඩවසම් සංස්කෘතික ලක්ෂණ දේපල අත්පත් කර ගැනීමේ භික්ෂූන් ඇතුඵ විවිධ ජ්‍යෙෂ්ඨ පූජකයින්ගේ හැසිරීම හා භාවිතය පිලිබඳ ස්වයං විවේචනයකට ලංකාවේ නූතන භික්ෂු පරම්පරාව යාමට සූදානම්ද? ඓරවාද පනත නෛතික කිරීම ශාසනයේ උන්නතියට අදාල ථෙරවාද පනත ව්‍යවස්ථාපිත කිරීමට නිකායන්වල සිටින මහානායක භික්ෂු අසමත් ද? ඊට අදාළ කරුණු කාරනා මොනවා ද? තරුණ භික්ෂු සමාජය අවධියෙන් සිටිය යුතු හා ප්‍රශ්න කල යුතු කාරණා අපමනය. නූතන ථෙරවාදය ගමන් මඟ වැටී ඇත්තේ බොරු වලවල් සමූහයකින්ය. සියල්ල අනිත්‍යයයි දේශනා කරන ථෙරවාදී භික්ෂුහු සියල්ලක් බදා ගනිති. භෞතික සියල්ලක් දුක්ඛය, අනාත්මය, විනාශවන සුඵ යැයි පවසමින් සිය විහාරස්ථානය නිකාය, පන්සල් සංවර්ධනය සඳහා ගිහියන්ගෙන් මූල්‍යය හා දේපල ලබා ගැනීමේ උපාය මාර්ග ක්‍රියාත්මක කරති.
මහජන මුදල් වලින් මාලිගාවක් සේ බබළවන වහාරස්ථානය අවට ප්‍රදේශවාසීන්ගේ පාංශුකූලයකට, බණකට, පිරිතකට, දානයකට සෘජුව මුදල් අයකිරීමේ ප්රතිපත්තියකට ගමන් කිරීම (පිරිකර සඳහා) නමුත් මාලිගාවක් සේ විහාරස්ථානය ගොඩනගා ගෙන ඇත්තේ මහජන පුන්‍යාධාර වලින්ය. ජනප්‍රිය, තරඟකාරී සහ මහජනතාව සංවේදී කරන වැදි බණ දේශනා කරන ඇතැම් භික්ෂූන්ගේ හැසිරීම හා භාවිතය කෙසේ ද? භික්ෂුවකට නොගැලපෙන පාතාල සමාජ කණ්ඩායම් වලින්, පාදඩ දේශපාලඥයින්ගෙන්, වංචාකාරී ව්‍යාපාරිකයින්ගෙන් සිය විහාරස්ථානය සංවර්ධනය කර ගැනීම හා පවුලේ ඥාතීන්ගේ විවිධ අවශ්‍යතා සඳහා අනුග්‍රාහයන් ලබා ගැනීම සුදුසුද? බාල උපායශීලී ඇතැම් වැඩසටහන් සඳහා සහභාගී වෙමින් අනුශාසනා ලබා දීම බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් සුදුසු ද?
අප්‍රසන්න පොදු මහජනතාවගේ කලකිරීමට ලක් වූ ඉච්ඡා භංගත්වය කරා යන ආණ්ඩුවල පැවැත්ම තහවුරු කිරීම සඳහා බෞද්ධකම නාමයෙන් සංවිධානය කරන උත්සව සභාවල මුලසුන ගනිමින් අනුශාසනා පැවැත්වීම බුද්ධ දේශනාවට අනුගතද? උචිත නොවේ නිසා සිතන්නට මොළයක් නැතිද?
බෞද්ධ ශ්‍රී සද්ධර්මයේ හරය කියාපාන පිරිත් ගායනය පාදඩ දේශපාලඥ පැවැත්ම සඳහා මහා මාර්ගවල දේශපාලන වේදිකා වලදී පාවිච්චි කිරීම බෞද්ධකමට නුසුදුසු නොවේද? තමන් තුළින් ධර්මය දැකීමට අද්‍යතන භික්ෂුව අසමත් බව යථෝක්ත කරුණු වලින් අනාවරණය නොවන්නේ ද? බෞද්ධකමට දිරදෙන හා ආදරය කරන ප්‍රභූ දේශපාලඥයාට ආර්ථික සමාජයීය සංස්කෘතික හා ජාතිවාදී මුහුණුවරක් කාන්දු කරන්නේ නම් සිදුවිය හැක්කේ කුමක් ද?
“බින්දුවෙන් බින්දුව රාශිභූතව සෙමින් සෙමින් ගලා යන වර්ෂා ජලය නිසා මහ කඳු දියවී යමින් අනුක්රමයෙන් හීන වන්නේය. එ පරිද්දෙන්ම නිතර නිතර වංචනික කපටින් විසින් පවසනු ලබන කේලාම් ඇසීමේ යෙදෙන ස්වාමියාද අනුක්රමයෙන් හීන දීන වන්නේ ය”
-විශ්ණු ශර්මන්ගේ පංච තන්ත්රය
(අනුවාදය – හේමපාල මුනිදාස)
අදාල යථෝක්ත කෘතියේ පණිවුඩය කාලීන තත්වය නිසා ශ්‍රී ලංකාවේ දේශපාලනයට හා ජනමාධ්‍යයට වර්තමානයේ සැබැවින්ම ගැලපේ. ඒ කුමක් අරභයා ද? දේශපාලනය වූ ආගම් අතර දේශපාලන අතකොලුවක් බවට වැඩියෙන්ම බෞද්ධාගම භික්ෂුව පත් කර ඇති නිසාය. ජාතිවාදී උමතු වීමෙන් ලංකාවට පිළිලයක් වී තිබෙන මුස්ලිම් ත්‍රස්තවාදය ආගමික නායකයන්ගේ සිට දේශපාලඥයා දක්වාත් පාඨක හා ග්රාහකයාගේ සිට ජනමාධ්‍යය දක්වාත් භයානක ලෙස ප්‍රයෝජනයට ගනිමින් සිටින නිසාය. මේ තුළින් අලුත් ගිනිපුපුරු රටපුරා දල්වමින් තිබේ. මහා ගිනි ජාලාවක් රටපුරා ඇතිවීමට පෙර එවැනි වංචනික ආගමික සාමාජික දේශපාලනික පුරෝගාමීන් පිළිබඳව විවරණයක් කිරීමට තිත්ත ඇත්ත හෙලිදරව් කිරීම විද්වත් ප්‍රජාවගේ හා ජනමාධ්‍යයේ කාර්යභාරය නොවේද? ජාතිවාදි ගිණිපුපුරු ඇතැම් භික්ෂූන් දල්වන්නේ උපායශීලීවය. ආර්ථික සාමාජීය සාධක වෙනස් මුහුණුවරකින් හැරවීමේ කලාව අයුතු ලෙස යොදාගැනීමේ අවසානය ජාතීන් අතර නොසන්සුන් මානසිකත්වයක් වර්ධනය කිරීමය. ඒ සඳහා ශ්‍රව්‍ය දෘෂ්‍යය මාධ්‍ය වලින් ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීම උන්වහන්සේලාගේ ඉලක්කයයි. ජනප්‍රිය ආවරණය යටතේ ඇතැම් මාධ්‍ය වල ප්රවෘත්ති මගින් ප්‍රචාරණය ඉතාම ඛේදනීයයි.
කාල් මාක්ස්ගේ සම්භාවනීය ප්රකාශනය කුමක් ද? මීට වසර 175 කට පෙර කාල් මාක්ස් කියා සිටියේ ආගම අබිං කියාය. බෞද්ධ ආගමික භික්ෂුහු ඇතැම් නායක හිමියන්ගේ සිට සාමණේර භික්ෂුව දක්වා පක්ෂපාතී අභ්‍යාස වලින් කාල් මාක්ස්ගේ ප්‍රකාශය සනාථ කරමින් සිටිති. ආගමේ ශාස්තෘවරුන්ගේ දර්ශනය තුල ඇති හික්මීම, සංවරකම, නීතිගරුක හා මානවවාදී ගුණය වෙළෙඳපොල ආර්ථිකයේ පැවැත්ම සඳහා ඉන් යැපෙන පූජක පක්ෂයත් ලෝකය පුරා අද ව්‍යාප්තව තිබේ. නමුත් යථාර්ථය ප්‍රජාවට නොතේරේ. හේතුව අධ්‍යාත්මික වචන භාවිතාව හැසිරීම තුළින් ම පූජක පක්ෂය සියල්ලක් යටපත් කර තිබේ. පූජක පක්ෂය සිය ශාස්තෘවරයාගේ දර්ශනය අයුතු ලෙස යොදා ගනිමින් ක්‍රියා කරමින් හැසිරෙන්නේ උගත් හා සාමාන්‍ය ප්‍රජාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙමින්ය. ආගමික දේපළ සඳහා නඩු කීම ඔවුනොවුන් අතර රණ්ඩු කර ගැනීම, තර්ජනය, වැදි බණ කීම, දේශපාලන බලය අයුතු ලෙස යොදා ගැනීම සඳහා අතකොලුවීම් කරුණු සනාථ කරති.
භාණ්ඩ මිලදී ගැනීමේ සමාජ ක්‍රමය හා අතිරික්ත නිෂ්පාදන රටාව බිහි වූයේ කවදා ද? නිෂ්පාදනය මිලදී ගැනීම පාරිභෝගික සමාජය වර්ධනය සඳහා විවිධ උපාය මාර්ග අවශ්‍යය විය. තරඟකාරීත්වය අවශ්‍යතා පරිදි ජාතිකත්වය වර්ධනය විය. ජාතික සමාජ හමුවේ භූමියේ අවශ්‍යතාවය ඇති විය. භූමියට සටන් කිරීම, වහල් සමාජ රටාව වර්ධනය හා ඉදිරියට ගෙන යාම සඳහා ආගමේ භූමිකාව ඇති විය. ග්‍රීසියේ දේවතා වන්දනය වැඩවසම් සමාජ රටා ඉදිරියට ගෙන යාම සඳහා ඒ ඒ ආගමේ ප්‍රවර්ධනය සඳහා ඊට අදාල සමාජ සංස්ථාව ක්‍රියා කිරීම සිදු වේ.
පසුකාලීනව ආගම් වාදය හා ජාතිවාදය නිවුන් දරුවන් සේ වැඩෙන ප්‍රතිපෝෂන රටාවක් වර්ධනය වීම. මිනිසාගේ අධ්‍යාත්මයට උපදේශකත්වය එක් පැත්තකින් දෙන ආගම භෞතික තත්වය සඳහා අවශ්‍ය මිථ්‍යා උපදේශකත්වයට තවත් පැත්තකින් ලබා දීම ඊට අදාල උදාහරණ පුඵල් ආකෘතියකින් විමසිය යුතුය. ඉස්ලාම් ආගමේ අල්ලා දෙවියන් ලඟට යෑම. කතෝලික ආගමේ දෙව් මව් තුරුලට නැත්නම් ස්වර්ගයට යාම. බුද්ධාගමේ නිවන් යෑම. මේ සියල්ලකගේ සත්‍ය කුමක් ද? මිථ්‍යාවෙන් ස්වයං මෝහනයට පත් වීම නොවේද? හිංසාව පිටුදකින ආගම ඇත්තටම අහිංසක ද? මරණින් මතු ජීවිතය නොව ලබා තිබෙන ජීවිතය යහපත්ව ගෙවා දමන්නේ කෙලෙස ද? බුද්ධිමය සංවාදයට සමාජය යා යුතු බව සිදුවෙමින් පවතින සිලල්ලකින් අනාවරණය නොවන්නේ ද? යථෝක්ත කරුණු වලින් අනාවරණය වන්නේ කුමක් ද? ආත්මාර්ථකාමීත්වය නොවේද? හදිසි අනතුරක් හෝ ඛේදවාචකයක් සිදුවූ තැනකදී ඇසෙන පුරවැසියාගේ චේතනාව කුමක් ද? අදාල විපතට පත් වූවන් මුදවා ගැනීමද? සිය ජංගම දුරකථනයෙන් සිද්ධිය වීඩියෝ කිරීමය. නැතිනම් ආතතියට පත් වූ අය අතර තමන්ගේ පවුලේ සාමාජිකයෙක්, ඥාතියෙක්, හිතවතෙක් ඉන්නවාද යන්න විමසීම නොවේ ද? සොයාබැලීමේ ආත්මාර්ථකාමී අවස්ථා දක්වා සමාජ මානසිකත්වය වර්ධනය වී ඇත්තේ වගකිවයුතු අංශ වලින් සමාජයට ප්‍රදර්ශනය කර ඇති ආත්මාර්ථකාමීත්වය නොවේ ද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ සද්ධර්මය අවඥාවට ලක් කරන සුඵ ඇතැම් භික්ෂූන්ගේ ක්‍රියාකාරකම් මීට උදාහරණ හා අධිකරණ සාක්ෂි ඉදිරිපත් කල හැකිය. අධිකරණය දක්වා නොගිය තොරතුරු අපමණය. බහුතරයක් නඩු ගරු අධිකරණයට ඉදිරිපත් වී ඇත්තේ තණ්හාව, අධික ලෝභකම හා විහාරාධිපතිත්වය සඳහා තරඟකාරීත්වයයි. දාගැබ, බෝධිය, විහාරගෙය තිබූ පමණින් විහාරස්ථානයක් ලෙස සැලකිය හැකිද? යන කරුණු ශ්‍රේෂ්ඨාධිකරණයේ විවරණයට ලක් වූ අවස්ථා තිබේ. අධිරාජ්‍යවාදී පාලන කාලයේ සිට ස්වදේශීය ජනතාව වෙනුවෙන් පෙනී සිටින ලෙස පෙන්වමින් අධිරාජ්යවාදීත්ව ස්වදේශීය කැරළි නායකයින් පාවාදෙමින් ක්‍රියාකල භික්ෂු ඉතිහාසයක් ලංකාව සතුය.
ඒ අනුව බලන විට කුලවාදය ප්‍රතිපෝෂණය කිරීම, ජාතිවාදී හැඟීම් වර්ධනය කිරීම සාමාන්‍යය ප්‍රජාවගේ සාමාන්‍යය බුද්ධියට නිගාදෙන සුඵ බණ දේශනා සිල්ලර ව්‍යාපෘතීන්ය. සියල්ලක් අත් හැරීමට බුදුන්වහන්සේ ලබා දුන් ආදර්ශය ඉවත දමා භෞතික සියල්ලක් බදුගත් බෞද්ධ භික්ෂු පරපුරේ දැවැන්ත උන්වහන්සේලාගේ හැසිරීම හා භාවිතය නිසා අධිකරණ දක්වා ගිය තොරතුරු PFP නිවුස් ගවේෂණශීල මාධ්‍යය අංශය සතුය. ගෞතම ශ්‍රී සද්ධර්මය නාමයෙන් මහණකම ලබා මහජන පුන්‍යාධාර ලබාගෙන පිරිවෙන් හා විහාරස්ථාන තරකරගෙන ඊර්ෂියාව, වෛරය, ක්‍රෝධය, තණ්හාව ආත්මකරගෙන ජනප්‍රියත්වයේ ඉහළට ගොස් මේ රටේ දැවැන්ත භික්ෂූන් එංගලන්තයේ රාජාධිකරණ (ප්‍රිට් කවුන්සිල්) දක්වා ගිය අවස්ථා මගින් නිරූපණය වන්නේ වේදනාකාරීභාවයන් වල ඉච්ඡා භංගත්වය නොවේද? මෙවන් තොරතුරුවල ඓතිහාසික හා වර්තමාන සංසිද්ධීන් වල ශ්‍රාස්ත්‍රීය විග්‍රහය කාලීනව සමාජයට විද්වත් යැයි කියා ගන්නා පිරිස ඉදිරිපත් නොකරන්නේ මහා නිකායන් හා අනු නිකායන් පාර්ශව විසින් ලබාදෙන “ධම්ප්රිය ශාස්ත්‍ර විශාරද” “ශාසන න්‍යායය ශාස්ත්‍ර දර්ශී සද්ධර්මාචාරිය” ගෞරව නාම නිසාද? භික්ෂු සමාජයේ යථා සැබෑවන් ශාස්ත්‍රීය සමාජ සමාජ සංවාද බුද්ධිමත් විද්වතුන් සැබෑ මෙහෙවර හකුළාගෙන ඇත්තේ අතකොඵවක් නිසාද? ගෞරව නාමයන් නිසාද?