ව්‍යවස්ථාව

සංවිචාරණීය සමාජයක් උදෙසා නිවුස් ඇන්ඩ් ඉමේජ් සංවිධානයේ ව්‍යවස්ථාව

පුරෝකථනය

පුරවැසි සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් හා නෛතික අණපනත් ආඥා නැවත සමාලෝචනය කිරීමේ හා සංවර්ධනය කිරීමේ මාවතක් දිගු කර ගැනීම හා විවිධ බාධක හමුවේ ජනමාධ්‍යකරුවන් හුදකලාවීම වැළැක්වීම, දිවයින පුරා සාමාජිකත්වය හඳුනාගැනීමට පුළුල් අධ්‍යාපනික, සාමාජික, සංස්කෘතික හා දේශපාලනික ගැඹුරු වෙබ් අඩවියක් හා යූ ටියුබ් එකක් නිර්මාණය කර ගත යුතුය. මෙහි වගකීම නිර්මාතෘ සතු වේ. එය පෙරළා සෙසු සාමාජිකත්වයට ආදර්ශයක් වන ක්‍රියාකාරී ආරම්භයක් වන්නේය. බලමුළුවක් වශයෙන් ක්‍රියා කිරීම.

දේශපාලන රාමු

දේශපාලන රාමු හා රැඩිකල් ප්‍රතිරූප තුළ දැක්වෙන ශ්‍රී ලංකාවේ ඉතිහාසයට සමුදීමේ අවස්ථාව හා ප්‍රබල නව අර්ථවත්ව සංවිධානගත වීමේ අවශ්‍යතාවය. 1935 දී ආරම්භ වූ ලංකා සමසමාජ පක්ෂය හා 1942 පිහිටවූ ලංකා කොමියුනිස්ට් පක්ෂයත් ලාංකික කම්කරු පංතිය ඇතුළු පීඩිත ජනතාව පදනම් කරගත් ජනතා බලවේගයක් රට තුළ ක්‍රියාත්මක කරාද? වර්තමාන සමාජයේ බෙහෙවින් විවාදයට ලක් වන මාතෘකාවක් වන්නේ මානව හිමිකම් එහෙම නැත්නම් මිනිසාගේ මුලික අයිතිවාසිකම් පිළිබඳ කාරණයයි. මානුෂික අයිතිය ලාංකීය සමාජයේ තහවුරු කරනු ලැබුවේ 1937 අප්‍රේල් මස 23 වන දින ලංකාවේ එවකට සේවය කරමින් සිටි අධිරාජ්‍යවාදී සිවිල් සේවකයෙකු වූ ග්‍රේස් ගර්නල් නමැති බි්‍රතාන්‍ය ජාතිකයා රටින් පිටුවහල් කිරීමට එවකට බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා විසින් එවකට ශ්‍රී ලංකාවේ සිටි බි්‍රතාන්‍ය ආණ්ඩුකාරයා විසින් ගනු ලැබූ තීන්දුව සමසමාජ පක්ෂය විසින් අභියෝගයට ලක් කර ජයගැනීමෙන්ය. එසේම සියලු දෙනාට එක හා සමානව අධ්‍යාපනය ලැබීමට තිබෙන අයිතිය වෙනුවෙන් මූලබීජ වපුරනු ලැබුවේද සමසමාජ ව්‍යාපාරයයි. 

එවකට ලාංකීය සමාජය තුළ මුල් බැස තිබූ උස් පහත් පන්ති භේදය යටපත් කර කුල ජාති හා ආගම් භේද නොතකා සියලු පුරවැසියන් එක සමානය යන අදහස තහවුරු කළේ ද සමසමාජ ව්‍යාපාරයයි. පැය 8 වැඩ දින නීතිය, විශ්‍රාම වැටුප් අයිතිය, නිවාඩු හා අතිකාල දීමනා අයිතිය යන සමාජ ප්‍රතිසංස්කරණ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂවල අරගලයන් හේතුවෙන් එදා දිනා ගැනීමට හැකි වූ බව ඉතිහාසය සඳහන් කරනවා. නමුත් අද දවසේ ඊට වෙනස් නවමු මුහුණුවරකින් දේශපාලන මුහුණුවරකින් තොරව සංවිධානය වීමේ අවශ්‍යතාවය සිහිපත් කරමින් මතු වන ඉදිරි මේ සංවිධානයේ භූමිකාව පහත සඳහන් වෙනවා. අපගේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී විජයානන්ද ජයවීර සංවිචාරණීය සමාජයක් උදෙසා නිමිත්ත මෙසේ තහවුරු කරයි. හුදු බලය අත්පත් කරගැනීම අරමුණු කරගත් පැරණි පන්නයේ දේශපාලනය වෙනුවට යුක්තිය අත්පත් කරගැනීම අරමුණු කරගත් සංවිචාරණීය සමාජයක් බිහිකිරීම සහ ආත්මාර්තකාමය හා ස්වාමිත්මකාමය වෙනුවට සහයෝගිතාවය හා තිරසාරත්වය පදනම් කරගත් සහරක්ෂණීය ආර්ථික එළැඹුමක් හඳුන්වාදීම හා පුරවැසියන්ගේ ක්‍රියාකාරිත්වය පුරවැසියන් විසින්ම සංවිධානය කරගැනීම නිවුස් ඇන්ඩ් ඉමේජ්වල ඉලක්කයයි.

ප්‍රතිපත්ති

  1. ලංකාවේ ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් පිළිබඳ ප්‍රවර්ධනය, යහපැවැත්ම වැඩිදියුණු කිරීම.
  2. වසංගත කාලීනව ගැටලුකාරී අවස්ථාවලදී මතුවන විට ඊට අදාළ විකල්ප ක්‍රියාමාර්ග ගැනීම.
  3. ජනගහනය ප්‍රවර්ධනය වන වැඩසටහන් ඉක්මවා යන ක්‍රියාකාරකම්වලට වඩා ජනතාව සඳහා මැදිහත්වන දේශපාලන, සෞඛ්‍ය, ආර්ථික, සමාජීය හා සංස්කෘතික ව්‍යාපෘති දියත් කිරීම.
  4. පුරවැසියන්ට තම ජීවිතයේ විශේෂ අවස්ථා සඳහා ප්‍රවේශ වීමේ අයිතිය හිමිකර දීමේ වැඩසටහන් දියත් කිරීම.
  5. අයුතු ලෙස රාජ්‍ය අංශය හෝ වෙනත් පාර්ශ්වයන් විසින් හෝ වැඩවසම් සමාජ ක්‍රම මගින් පාලනය කරන සමාජ නිදහස සඳහා පවතින රෙගුලාසි ඉවත් කිරීම සඳහා මැදිහත් වීම.
  6. ඒ සඳහා ජීවමාන විකල්ප වැඩසටහන් දිවයින පුරා දියත් කිරීම.
  7. අධි අවධානම් සමාජ කණ්ඩායම් පවුල් සැලසුම් සේවා පරීක්ෂණ උපදේශනය හා සායනික සෞඛ්‍ය වැඩසටහන් දියත් කිරීම.
  8. ආරක්ෂිතව හා දැරිය හැකි මිලකට සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අවකාශයන් සමාජයට දියත් කිරීම.
  9. ගැබ්ගෙල පිළිකා හා ඒඩ්ස් එච්.අයි.වී. හෝ වෙනත් රෝග ආසදන පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන් දියත් කිරීම.
  10. ඒ සඳහා අත්පොත් මුද්‍රිත ප්‍රකාශන, මාර්ගෝපදේශන, පුද්ගල හා බහුජන සන්නිවේදන වැඩසටහන් දියත් කිරීම.
  11. අවශ්‍ය නිර්ණායක සමාජ විද්‍යාත්මකව සොයාගැනීම හා දියත් කිරීම.
  12. කෝවිඩ 19 වැනි වසංගත තුළ ඇති කළ සමාජ ව්‍යාධීන් ඉදිරි කාලයකදී එවැනි අනතුරක් ඇති වූ අවස්ථාවකදී ඊට අදාළ සංවිධාන ගතවීමේ සමාජ අවශ්‍යතාවය සමාජයට අදාළ පෙරනිමිති හා තොරතුරු ලබාදීම.
  13. දේශපාලන සාක්ෂරතාවය සඳහා, තරුණ වැඩිහිටි ජනකොටස් දැනුවත් කිරීමේ විවිධ වැඩසටහන් දියත් කිරීම.
  14. ස්වර්ණජන ඡන්දබලය ක්‍රියාත්මක කරන අවස්තාවේදී නිරීක්ෂණ කන්ඩායම් අප ආයතනයේ සමීක්ෂණ මට්ටමෙන් මෙහෙයවීම හා ඒ පිළිබඳ අකටයුතුකම් පිළිබඳ රාජ්‍ය හා වෙනත් පාර්ශ්වවල අයුතු ක්‍රියාකාරකම් හෙළිදරව් කිරීම.
  15. අනාරක්ෂිත ගැබ් ගැනීම් හා තරුණ ප්‍රජාවගේ ජීවන අවශ්‍යතාවයන් සඳහා සිදුවිය යුතු විවිධ යෞවන වැඩසටහන්වලට අධ්‍යාපනික, සාමාජික, සංස්කෘතික හා න්‍යායාත්මක වැඩසටහන් දියත් කිරීම.
  16. නියඟය හා වෙනත් යුද අවස්ථාවන් මතු වන කාලවලදී රටේ ආහාර අනාරක්ෂිත භාවය ඇති නොවීම සඳහා විකල්ප පූර්ව වැඩසටහන් දියත් කිරීම.
  17. කාන්තාවන්ගේ සහ ගෑනු ලමයින්ගේ සෞඛ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් විනාශකාරී බලපෑම් ඇති කරන විවිධ සමාජ ක්‍රියාකාරකම් හෙළිදරව් කිරීම හා ඒ සඳහා විකල්ප මාවත් දියත් කිරීම.
  18. සමාජයට අවශ්‍ය පැහැදිලි ජීවන මාර්ග ලබාදීම.
  19. ඒ සඳහා දේශීය හා විදේශීය අන්තර්ජාතික සංවිධානවල හා රාජ්‍යවල ආධාර උපකාර ලබාගැනීම.
  20. ආහාර සුරක්ෂිතතාවය ජීවනෝපාය සුරක්ෂිත භාවය හා දේශීය කෘෂි ජෛව විවිධත්වය, මුතුන් මිත්තන්ගේ දැනුම් පද්ධති සමාජ වටිනාකම් හා සංස්කෘතික සමාන අසමානතා හඳුනාගැනීම.
  21. ශතවර්ෂ ගණනාවක් පුරා ස්වාභාවික සම්පත් තිරසාර ලෙස කළමනාකරණය නොකිරීම තුළ ශ්‍රී ලංකාව ආහාර ස්වෛරීභාවය සහතික කිරීම සඳහා ස්වදේශික ජනතාවගේ සාමුහික ක්‍රියාකාරිත්වයන් මතු වන ආකාරයට විවිධ වැඩසටහන් දියත් කිරීම.
  22. ගතික සංරක්ෂණය තිරසාර ස්වභාවික වටිනාකම්, පරම්පරිකව රැකගත යුතු සම්පත් රැකගැනීමේ වටිනාකම් රට තුළ මතු කිරීම.
  23. දේශගුණික වෙනස්කම්, පරිසර පද්ධතීන් වල වෙනස්කම් සංවර්ධනයේ නාමයෙන් ඇතිවන ජෛව විවිධත්වය ඒ තුළින් ජනජීවිතයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා විවිධ වැඩසටහන් දියත් කිරීම.
  24. ජෛව විවිධත්වයේ ඉතාම වැදගත් සෞන්දර්යාත්මක වටිනාකම් හා ආදිවාසී ජනතාවගේ හිමිකම් උරුමයන් රැකීම මෙන්ම ඒ මත යැපෙන බොරුව ප්‍රෝඩාව පිළිබඳව තොරතුරු සමාජ සමීක්ෂණයට ලක් කිරීම.
  25. කෘෂි වන වගාවේ අවශ්‍යතාවය සහ භූමිය පරිහරණය කිරීමේ හා කළමනාකරණය කිරීමේ වටිනාකම කාබනික සහ ජෛව විවිධත්වයේ සුරැකීම සඳහා බහුවිධ සේවා දියත් කිරීම.
  26. දැව, පළතුරු, ඖෂධීය පැළැටි මෙන්ම විසිතුරු ගහකොළ සුරැකීම.
  27. දැව සහ දැව නොවන වනාන්තර සුරැකීම සඳහා බහු සංස්කෘතික, බහු ආයතනික වැඩසටහන් දියත් කිරිම.
  28. වනාන්තර සහ ජල පෝෂණ කළමනාකරණය ඒකාබද්ධ කිරීම සඳහා සුවිශේෂී ජල පද්ධතීන් සුරැකීමේ හා පසෙහි සාරවත් බව කාර්යක්ෂමව ග්‍රාමීය හා අර්ධ ග්‍රාමීය පුරවැසියන්ට අවබෝධයක් ලබාදීම.
  29. වැඩිවන ප්‍රජානන අර්බුද වලදී ඊට අදාළ සමාජ විද්‍යාත්මක සෞඛ්‍ය වැඩසටහන් දියත් කිරීම.
  30. ලිංගික හා ප්‍රජානන සෞඛ්‍යයේ මතුවෙමින් තිබෙන ගැටලු අරඹයා දීප ව්‍යාප්ත සමාජ සමීක්ෂණ දියත් කිරීම.
  31. ආදි වාසී කණ්ඩායම් පලදායි රක්ෂණය සඳහා ඔවුන්ගේ පාරම්පරික ඉඩම් ආරක්ෂා කරගැනීම සඳහා දායකත්වය ලබාදීම.
  32. වනාන්තර සහ ස්වාභාවධර්මය ආරක්ෂා කිරීමට මැදිහත්ව සිටින එක්සත් ජාතීන්ගේ පරිසරය වැඩසටහන් යුනිසෙෆ් හෝ වෙනත් අන්තර්ජාතික සංවිධාන සමඟ ඒකාබද්ධ වැඩසටහන් දියත් කිරීමට අපේක්ෂා කිරීම.
  33. පිරිසිදු සෞඛ්‍ය සම්පන්න හා තිරසාර සංවර්ධනයක් සම්බන්ධ මානව හිමිකම් සුරැකීමේ ක්‍රියාදාමයන් දියත් කිරීම.
  34. වනාන්තරය සහ එහි ජීවත්වන ජීවීන් ශ්‍රී ලංකාවේ පොදු පවුල හා සමාන බව සමස්ත ප්‍රජාවටම සමාජගත කිරීම.
  35. මහ පරිමාණ දැව කැපීම, කාර්මික කෘෂිකාර්මාන්තය හා පතල් කැණීම වැනි ඇතැම් නිස්සාරණ භාවිතාවන් නිසා වඳවීමේ තර්ජනයට ලක් වන වනාන්තර පරිසර පද්ධති සහ සත්ව ජීවීන් අනතුරේ දමන විවිධ ක්‍රියාකාරකම් හෙළා දැකීම හා ඒ සඳහා අවශ්‍ය කාලින වැඩසටහන් දියත් කිරිම.
  36. ජානමය සම්පත් යනු නව සහ ලාබදායි ඖෂධ, කෘෂිකාර්මික භෝග සහ රූපලාවන්‍ය නිෂ්පාදන සංවර්ධනය කිරීමට භාවිතා කරන ශාක හා සතුන්ගේ ජීවීන්ගේ ජානමය පිටපත් අයුතු ලෙස ලබාගැනීමට මැදිහත්වන ඇතැම් කණ්ඩායම්වලට එරෙහිව නෛතික පියවර සඳහා ක්‍රියා කිරීම.
  37. ඒ තුළින් පොදු සමාජයට ප්‍රතිලාභ හිමි වන්නේ නම් ජෛව විවිධත්වයට හා ස්වභාවධර්මයේ තිරසර භාවිතය සඳහා මූලධර්මය වන්නේ නම් එවැනි ක්‍රියාකාරකම්වලදී වඩාත් අවශ්‍ය සහයෝගය ලබාදීම.
  • සතුන්, ශාඛ සහ කෘමීන්ගේ අඩකට වඩා වැඩි භූමි ප්‍රමාණය නිවහන වන්නේ වනාන්තරයයි.
  • එමෙන්ම වෘක්ෂ ලතා රැකගැනීම, වර්ෂාපතනය දෛනිකව ලබාගැනීමට මහෝපකාරී වේ.
  • ඒ නිසා ඒ සඳහා මූලික නිෂ්පාදනවලදී අවශ්‍ය සහයෝගය ඒ සඳහා මූලධර්මය වන යහපත් ක්‍රියාකාරකම් සඳහා අප සංවිධානයේ දායකත්වය හිමිවේ.
  • කෙසේ වෙතත් තිරසාර කෘෂිකර්මය සොබාදහම මත පදනම්ව විසඳුම් ලබාදෙන සංරක්ෂණීය ක්‍රියාකාරකම්වලදී අප සංවිධානය හවුල් කරුවන් වීමට අපේක්ෂා කෙරේ.
  • දේශගුණය සහ ස්වභාවික කම්පන වලක්වාගැනීමට උපකාර කිරීමේ හා දායකත්වය ලබාදීමේ විවිධ වැඩසටහන් දියත් කෙරේ.
  • ඒ සඳහා ස්වභාවධර්මය පදනම් කරගත් විසඳුම් හා ඉලක්ක ඇතුළත් ප්‍රතිචක්‍රීකරණය සහ නිරන්තර සෞඛ්‍ය සුරැකීමට භූමිය රැකීමට සියලු වැඩසටහන්වල අවසන් ඉලක්කයයි.
  • වන සංරක්ෂණ හා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලදී විවිධ ව්‍යාපෘතින් සැලසුම් සහගතව රට තුළ දියත් කිරීමට ඒ සඳහා අවබෝධය විශේෂඥ කණ්ඩායම් මගින් ලබාගැනීම සහ ඔවුන්ගේ සහභාගිත්වය සම්බන්ධීකරණය කරගැනේ.
  • චේතනාව හා සමාජ පුනරාවර්තනය හා බලය යොදවා රාජ්‍ය අංශය කරන ක්‍රියාකාරකම්වලදී හුදකලාවීමට අප සංවිධානය එකඟ නොවේ.
  • දරුවන්ට සමාජ සමානත්වතාවය හා ඔවුන්ගේ හැකියා කුසලතා හඳුනාගැනීමට අපේක්ෂා කෙරේ.
  • පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අභිමානයට ගරු කරන ආරක්ෂිත සහ පෝෂණීය පාසල් පරිසරයක ජීවත් වීමට අවශ්‍ය කතිකා හා විෂයානුබද්ධ වැඩසටහන් දීප ව්‍යාප්තව විවිධ වෙනත් සංවිධාන සමඟ ඒකාබද්ධව දියත් කිරීම.
  • පාසල හා ඔහුගේ හා ඇයගේ දිනපතා ක්‍රියාකාරකම්වලදී ධනාත්මක ආදර්ශයක් මතු කරන හා විශ්වාසය තහවුරු කරන ආදර්ශමත් වැඩසටහන් දියත් කිරීම.
  • ඒ සඳහා අන්තර්ජාලය හරහා ඊට ඒකාබද්ධ කිරීම අපේක්ෂා කෙරේ.
  • පාසල් හා යෞවනයන්ට විවෘතව හා සංසුන්ව සවන්දීම හා ඔවුන්ගේ සැබෑවන් සමාජ සමික්ෂණාත්මකව කෙටුම්පත් කර සමාජගත කිරීම.
  • සහජ කුසලතා ඇති සංකීර්ණ හැඟීම් ඇති ප්‍රචණ්ඩත්වයට නොයන ක්‍රියාකාරී ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළින් ඔවුන්ගේ කුසලතා ඉදිරියට ගෙන යෑමේ සේවා සඳහා උපදේශකත්වය වෘත්තීය නිපුනත්වය ලබාදීමට ක්‍රියා කිරීම.
  • සමාජ පරිවර්ථනයකට අවශ්‍ය වන්නේ රටේ ජීවය බඳු අද දවසේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් බව ඔවුන් වෙත තහවුරු කිරීම සහ ඒ මගින් ඔවුන්ගෙන් ආරක්ෂිත සමාජ පරිසරයක් නිර්මාණය කර ගැනීම.
  • ඒ සඳහා කුඩා ඉරියව්වකින් හෝ කෙනෙකුගේ දවස යහපත් කිරීමට අප සංවිධානය මැදිහත් වේ.
  • ඊට නිර්මාණාත්මක ගුණාංග එක් කෙරේ.

සියල්ලකට බලපාන්නේ දුප්පත්කමය. දුප්පත්කම නැති කිරීම හා හොඳ ජීවන තත්ත්වයක් ආරක්ෂිත, සාධාරණ, නිදහස් හා සුහද සමාජ සංස්ථා ගොඩනැගීමට මහෝපකාරී වන සෞඛ්‍ය සංස්කෘතික ආර්ථික වැඩසටහන්වල කේන්ද්‍රීය වැඩසටහන් පළමුවෙන් දියත් කිරීම. කරුණු කෙසේ වෙතත් පීතෘ මූලික පීඩනය තුළ මාතෘ සෞඛ්‍ය, උපත් පාලනය, ගබ්සාව, ප්‍රජනන සෞඛ්‍ය හා නීති සේවා සඳහා අවශ්‍ය අධ්‍යාපනික සාමාජික සංස්කෘතික ක්‍රියාකාරකම් අන්තර්ගත කිරීම හා කාලීන අවශ්‍යතා අනුව කාලීන වැඩසටහන් සොයා යෑම දිසාගත කිරීම අප සංවිධානයේ ප්‍රධාන ඉලක්කයන් අතර ඉලක්කයන් කිහිපයක් පමණක් තවදුරටත් පහත සඳහන් වේ. නව තාක්ෂණය ලංකාවට ප්‍රවේශවීමේදී විවිධ රෝගාබාධ රටවටා මතුවෙමින් තිබෙනවා. භවබෝග පළදාව ශුන්‍ය වෙමින් තිබෙනවා. අධික මානසික පීඩනය විවිධ රෝග මතුවෙමින් ක්ෂණිකව පුරවැසියන් මරණයට පත්වන වාර්තා රට පුරා ව්‍යාප්ත වෙමින් තිබෙන සමයක මේ සංවිධානය බිහි වන්නේ. ජාන විකෘතීන් මගින් කෘෂිකර්මාන්තය විවිධ දිලීර රෝග රට පුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ජීව අජීව වස්තූන්වලට සිදුවෙමින් පවතින බලපෑම්වලට සමාජ සමීක්ෂණය මනාව සිදු නොවන පරිසරයක් රට තුළ දකින්නට ලැබෙනවා. 5G හා 6G තාක්ෂණය හා විවිධ කුළුණු මතින් රටේ පුරවැසියාට සිදුවන හානිකර තත්ත්වයන් පිළිබඳව විධිමත් දීපව්‍යාප්ත සමාජ සමීක්ෂණ සමාජ විද්‍යාත්මකව සිදුවිය යුතු බව අප සංවිධානයේ ක්‍රියාකාරී වෙනස්ම මුහුණුවරින් තේරුම් ගැනීම ඉලක්කයයි. විදේශ රහස් ඔත්තු සේවා ශ්‍රී ලංකාව තුළ නේවාසිකගත වෙමින් තිබේ. අසාමාන්‍ය ලෙස ලංකාවට පැය කිහිපයකට පැමිණ දේශපාලන අධිකාරින්ගේ හමුවීම් පිළිබඳව හයිවේ මාර්ග වසා දමා එකතුවේ. මෙවැනි අවස්ථාවකදී පක්ෂ හා විපක්ෂ අදහස්වලින් සත්‍ය සොයා මහජනතාවට අදාළ වෙබ් අඩවි වලින් හෙළි කළ යුතුය. පොදු පුරවැසියන් සමාජගත කිරීම සඳහා ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය වැඩසටහන් සංවිධානගත වීමට පෙර වෙබ් සයිඩ් සහා යූ ටියුබ් සංවිධානයේ නිර්මාතෘගේ පෞද්ගලික වියදමින් ආරම්භ කළ යුතුය.

විවෘත භාවයෙන් තොර වීම දේශපාලන හා පාලන අධිකාරින් රටට අනාවරණය නොකරන පරිසරයක් තුළ එවැනි සියල්ලක් රටට හෙළිදරව් කිරීමේ මාවතක් ගොඩනැගීමේ ඉලක්කයක් මේ සංවිධානයේ සමෝදානාත්මක එකතුව වේ. ඔබත් රජයේ හෝ වෙනත් පාර්ශ්වයකගේ අසාධාරණයට ලක් වූ වින්දිතයෙක් ද දැනට කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන්නේද? ඔබ ප්‍රදේශයේ අසාධාරණයට අගතියට පත් වූ පුරවැසියකු වෙනුවෙන් මානව හිමිකම් ක්‍රියාධාරියකු වශයෙන් ඔබ පදිංචි ප්‍රදේශයේ සිට ක්‍රියාකාරිකයකු වශයෙන් ස්වෙච්ඡා සේවයට මැදිහත්ව ප්‍රබලයකු ලෙස අවදිවීමට මේ සංවිධානය ඔබත් සමඟ ඉදිරි කාලයේදී අත්වැල් බැඳ ගන්නවා ඇත. පොලිසිය අධිකරණය හෝ රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සහ වෙනත් පාර්ශ්වවලින් පොදු ප්‍රජාවට සිදු කරන වැරදි පුරවැසි ඔබගේ නිහඬතාවය නිසා හා නීතිමය සාක්ෂරතාවය ලබානොතිබීම නිසා මේ වන විට ඔබ ඉමහත් අගතියට පත්වන අවස්ථා අප්‍රමාණ යැයි අප සංවිධානය විශ්වාස කරනවා. ඒ නිසා ඉතිහාසයේ සිට වර්තමානය දක්වා විවිධ සමාජ පඨිතයන් පුළුල්ව සමාජ විද්‍යාත්මකව විවරණය කිරීම මේ සංවිධානයේ ඉලක්කයයි. ප්‍රාග් ඉතිහාසයේ සිට වසා දමා ඇති සැබෑ ඉතිහාසය සොයා යෑම හා සමීක්ෂණ මගින් වටිනාකම් මතුකරන පාර්ශ්වවලට ආධාර අනුබල ලබාදීම. අධිරාජ්‍යවාදී අත්දැකීම් හා ලංකා ජාතික සංගමය ආරම්භය සමාජ විකාශනය වටා ඇති කඩඉම් තේරුම් ගැනීමට ලාංකික සමාජ විවිධ පඨිත විවරණය කර ගැනීම. සර්ව ජන ඡන්ද බලය සඳහා මැදිහත් වූ ඊ. ඒ. ගුණසිංහගේ සිට යාපනයේ තරුණ සංගමය දක්වා විග්‍රහ කර ගැනීම. අද්‍යයතන ඡන්ද බලය අයුතු ලෙස යොදා ගත් පාදඩ දේශපාලන සංස්කෘතියේ ආරම්භය සර්වජන ඡන්ද බලය හිමිවීමද යන්න තෙවන ඇසකින් වේදිකා මණ්ඩප ගොඩනැගීම. නිදහස් අරගල ශ්‍රී ලංකාව තුළ අසාර්ථක වීමට ප්‍රධාන සාධක ඓතිහාසිකව හා මෑත විමසුම් මගින් ශාස්ත්‍රීය ප්‍රවේශයන් වර්ධනය කිරීම. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකවා හා රුසියාව අතර සීතල යුද්ධයක් තිබුණි. ඒ වන විට බි්‍රතාන්‍ය ශ්‍රී ලංකා යටත් විජිත පාලනය තුළ පාඩු ලැබූ සමාජ පරිසරය තුළ ඩෝමිනියන් පාලනයකට එකඟ වීම හා සැබෑ නිදහස වෙනුවෙන් පුරෝගාමී පුද්ගල ප්‍රතිරූප ප්‍රචාරය සැබෑ සත්‍යය ද යන්න විවරණය හා විචාර හා ප්‍රතිචාරවලට ලක් කිරීම. දැක්ම පුරවැසි වගකීම, රාජ්‍ය අංශයේ වගකීම සිහිපත් කිරීම විග්‍රහ කරගැනීම තුළ යුක්තියේ සමාන අයිතිවාසිකම් සියලු පුරවැසියන්ට සමානව ලබාගැනීම තුළින් නීතිය ඉදිරියේ ආර්ථික, සාමාජික, සංස්කෘතික, සාධාරණත්වය උදෙසා ප්‍රවර්ධන මාවත් හා සහයෝගිතාවයන් ගොඩනැගීම. නෛතිකව හා විධිමත්ව අවිධිමත් සමාජ මණ්ඩප ගොඩනැගීම තුළින් ජන විඥානය ඥාන මණ්ඩලයක් කරා පොදුවේ පුරවැසියන් සමාජගත කිරීම.

මෙහෙවර

  • සමාජ වගකීම් තේරුම් ගෙන පොදු සමාජ මෙහෙවර සඳහා විවිධ බාධක හා ගැටුම් හමුවේ ක්‍රියාශීලී මෙහෙයුමක යෙදෙන දේශපාලන අධිකාරීන් හා රාජ්‍ය ප්‍රධානීන් හා ගවේශනශීලී ජනමාධ්‍යකරුවන්, විශ්වවිද්‍යාල පරීක්ෂකයන් සහ පොදු සමාජය තුළින් මතුවන නව නිපැයුම්කරුවන් හඳුනාගැනීම, විග්‍රහ කර ගැනීම හා ගෞරවනීය සම්මානයට පාත්‍ර කිරීම.
  • ආර්ථික, සමාජීය, සංස්කෘතික, දේශපාලනික හා විෂමතාවයන් හමුවේ රාජ්‍ය අංශයේ යුක්තියට ඇති දුරස්ථ භාවය අවම කිරීම සඳහා නෛතික ප්‍රවේශයන් තුළින් නීතිය රාජකාරී හා යුතුකම් ඉදිරියේ ලාංකික සංවර්ධනය ගොඩනැගීමෙන් යුක්තිගරුක සමාජයක් බිහි කිරීමට හා පසුවිපරම් සමාජික ආකෘතියක් සජීවීකරණය.
  • දෛනිකව සෙසු මාධ්‍යවලින් පොදු සමාජය බලගැන්වීම.

පූර්ව හැඳින්වීම

  • ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ අංශවලින් ක්‍රියාත්මක සමාජ සවිබලගැන්වෙන අන්තර්ජාතික දින ඉලක්ක කර ගත් විවිධ ව්‍යාපෘතිවලට අදාළ පොදු ප්‍රජාවට ප්‍රතිපෝෂණයක් කාන්දු කිරීම.
  • දැනට එවැනි සමරු වැඩසටහන් සමරන ආයතන නගරයට පමණක් සීමා වී තිබෙන පරිසරය ඉවත්කොට පොදු ප්‍රජාවට කාන්දු නොවන පැති පසුවිපරම් කිරීම හා විචාරයට ලක් කිරීම.
  • විවිධ අන්තර්ජාතික සංවිධාන හා ලෝකයේ විවිධ රාජ්‍යවලින් ශ්‍රී ලංකාවට ලැබී ඇති ප්‍රධානයන් පලදායි ලෙස රටේ ප්‍රගතියට යොදා ගැනීමට අසමත් වූ දේශපාලන අධිකාරීන් හා ආයතන ප්‍රධානීන්ගේ සැබෑ වතගොත සාක්ෂි සාධක මත රටට හෙළිදරව් කිරීම හා අදාළ නෛතික පියවරයන් සඳහා සංවිධානය මැදිහත්වීම.

ඉලක්ක

ගමේකම, අපේකම, හිතවත්කම, ඥාතිකම යන සංස්කෘතික වේදිකාව මත ආගමික හා සාමාජික නොමඟ යැවීම්වලින් හෙම්බත්ව සිටින රටේ බහුතරයකට යුක්තියේ සමාන අයිතිවාසිකම් අවශ්‍යව තිබේ. ප්‍රඥාව හා තෙවැනි ඇසක් මතු කිරීමේ අවශ්‍යතාවය පෙනී යයි.

  1. පහළ ආර්ථික කාණ්ඩවල පුරවැසියන්ගේ සාමාන්‍ය බුද්ධියට විවිධ මුහුණුවරින් ගැටලු ඇති කරන සමාජ සංස්ථාවල භූමිකා හෙළිදරව් කිරීම.
  2. රාජ්‍ය අංශයේ හෝ වෙනත් පාර්ශ්වයකින් අයුතු හා සාපරාධී ලෙස පුරවැසි අත්අඩංගුවලදී ඔහුගේ හෝ ඇයගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම.
  3. නීතියේ දැනුවත් භාවය සාමාජිකත්වයට වැඩි කිරීම සඳහා පුරවැසි නීති අවබෝධය පිළිබඳව සහය සේවා ක්‍රියාත්මක කිරීමට ජාතික ඒකාබද්ධ සමිති සමාගම් සමඟ සහයෝගිතාවය වර්ධනය කර ගැනීම.
  4. සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික විෂමතාවයන් අවම කිරීම සඳහා වූ ඒකාබද්ධ ප්‍රවේශයන් ප්‍රදර්ශනය කරන ඇතැම් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල ආකෘතීන් පිළිබඳව තෙවැනි ඇසකින් සොයා බැලීම හා අදාළ පෙරවදන් ජනමාධ්‍ය මගින් අනාවරණය කිරීම.
  5. සමාජ ආන්තීකරණයට ලක් වූ ජන කණ්ඩායම් ඉකුත් කාලයේදි එම තත්ත්වයන්ට ගොදුරු කරන ලද රාජ්‍ය හා පෞද්ගලික විද්වත් පාර්ශ්වවල වගකීම් සමාජයට හෙළිදරව් කිරීම.
  6. ප්‍රජාවගේ නීති අධ්‍යාපන හා නීතිඥ වෘත්තියට ප්‍රවේශ මාර්ග ප්‍රවර්ධනය සඳහා කටයුතු මෙහෙයවීම.
  7. නීති විෂය පථයේ අභිවෘද්ධිය පතා නීති අධ්‍යාපනය නව්‍ය දිසාගත දේශීය හා විදේශීය වැඩමුළු පුහුණු අවස්ථා හා ක්ෂේත්‍ර චාරිකා සාමාජිකත්වය සඳහා සංවිධානය කිරීම හා ඊට අදාළ කාලීන මඟපෙන්වීම් සිදු කිරීම.
  8. අදාළ ආයතන ව්‍යුහය තුළින්ම දිසාගත වීමට ඇති බාධා ඉවත් කිරීම සඳහා අදාළ බලධාරින් සමඟ ශාස්ත්‍රීය සංවාද මණ්ඩප ගොඩනැගීම.
  9. දකුණු ආසියාතික රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධාන සමඟ අධ්‍යයනය, අවබෝධය සමඟ ලෝ පුරා ඇති මානව හා අධිකරණ සංවිධානවල අවධානය යොමු කිරීම සඳහා විවිධ අත්අඩංගුවට පත්වීමේදී පොලිසිය, හමුදාව හෝ වෙනත් පාර්ශ්වල හැසිරීම හා භාවිතය පිළිබඳ තොරතුරු රැස් කිරීම හා වාර්තා කිරීම.
  10. විවිධ සමාජ පඨිත හමුවේ සංවර්ධනය වී ඇති වැඩවසම් ප්‍රවේනිදාස පුරවැසි කොටු කරන බුද්ධිය අවම කරන ආචාර ධර්ම හා ප්‍රතිපත්ති පිළිබඳ නැවත සමාලෝචනයට ලක් කිරීම හා භාවිතය පිළිබඳ ඒකාබද්ධ ප්‍රවේශයන් ගොඩනැගීම මගින් ශ්‍රී ලංකාවේ විවිධ විෂය පථයන්ට නව මාවත් දිසාගත කිරීම.
  11. නෛතික ආඥා පනත් ගැසට් හා අතිවිශේෂ ගැසට්වලින් ලබාදි ඇති ආවරණ වසා හැසිරෙන රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ නොසැලකිල්ල අනාවරණය කිරීම.

මැදිහත්වීම

  • ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ සියලුම අමාත්‍යංශ දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල සමඟ සුහදතාවය වර්ධනය කිරීම හා එහි සහය සේවා ලබාදීමට පූර්ව නෛතික අධ්‍යාපනය පුරවැසියන්ට සහයකයකු විම සඳහා මැදිහත් වීම ඇතැම් රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂම හැසිරීම හා භාවිතය නිසා පොදු ප්‍රජාවට අත්විඳීමට සිදුවන ආර්ථික පීඩනයට වගකිව යුතු අංශ හෙළිදරව් කිරීම.
  • ඇතැම් දේශපාලන අධිකාරීන් සමඟ පසුගිය වසර 75 පුරා ජාතිය ආගම කුලය හෝ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගෙන ඇති කරවන ලද නෛතික අවභාවිතාවන් දුරලීම වෙනුවෙන් දිවයින පුරා විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කිරීම පුරවැසියන් සඳහා ඇති හිමිකම් මතු කිරීම.
  • නීතියේ ප්‍රායෝගික භාවිතාවන් සඳහා ප්‍රජාව සඳහා අවශ්‍ය අවස්ථාවන් උනන්දු කිරීම හා පෙරළා බලධාරින්ගෙන් ප්‍රශ්න කිරීමට ප්‍රඥාවන්ත කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හඳුනාගත් නීතියේ හිමිකම් පෙරළා වසා ඇති අනවශ්‍ය පරිච්ඡේද ඍජුව ජනතාවට හෙළිදරව් කිරීම.
  • විද්වතුන් සමාජ කණ්ඩායම් පත් කිරීම හා පාර්ලිමේන්තුව නියෝජන කණ්ඩායම් මගින් අදාළ පරිවර්තන සඳහා මෙහෙයුම් දියත් කිරීම.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය ජනාධිපති අමාත්‍ය මණ්ඩලයට ඍජුව කේන්ද්‍රගත කිරීම නිසා විපක්ෂයේ සාමාජිකත්වයේ ගැටලු වර්ධනය අවම කිරීම හා අභිවෘද්ධිය පතා කටයුතු කිරීම සඳහා ඔවුන් පෙළඹවීම.
  • නෛතික තොරතුරු රැස් කිරීම, ප්‍රකාශයට පත් කිරීම හා ඒ සඳහා වූ මාධ්‍ය භාවිතය මගින් පොදුවේ ලාංකික සමාජ සංවර්ධනයක් ඉදිරි දස වසර ඉලක්ක කර ගැනීම.

ආරම්භක සාමාජිකත්වය

  • නීතිඥ වෘත්තියේ සිට පරිපූරක හා සහකාර විශ්වවිද්‍යාලවල නීති පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්.
  • ජනමාධ්‍යකරුවන්, ග්‍රාම සේවක, ගුරු/විදුහල්පති, සමාදාන විනිශ්චයකාරවරුන් දිවයින පුරා පිහිටි පුස්තකාලවල පුස්තකාලාධිපතිවරුන්.

සංවිධාන ව්‍යුහය

  • නීතිපති දෙපාර්තමේන්තුවේ සිට රාජ්‍ය අංශයේ නීතිය සමාජගත කිරීමට දායක වන ආයතන ප්‍රධානීන් හෝ ඔවුන් නියෝජනය වන වෙනත් නිලධාරියකු මේ සංවිධානයේ අනුශාසක මණ්ඩලයට නිල බලයෙන් පත් කරගැනීම.
  • රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ හා ජාත්‍යන්තර විද්වත් මාධ්‍ය ප්‍රධානීන් උපදේශක මණ්ඩලය සඳහා සුදුසුකම් ලබති.
  • ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හෝ ඊට අදාළ වෙනත් සංවිධානයක සභාපති, ලේකම්වරුන්ට සුදුස්සන් වෙති.

කෘත්‍යාධිකාරි මණ්ඩලය

  • දිවයින පුරා නීතිමය ආර්ථික, කෘෂිකාර්මික, ග්‍රාමීය නියෝජනය සඳහා පළාත් නමය නියෝජනය වන ලෙස පත්වන සාමාජිකයින්.
  • ඔවුනොවන්ගේ ක්‍රියාශීලී මෙහෙයුම් අනුව ශාඛා කාර්යාල ලෙස ක්‍රියාත්මක වන කණ්ඩායමක් සභාපති ලේකම්වරයාගේ අනුමැතිය මත සංවිධානය වඩාත් ශක්තිමත් වන යෝජිත කාලයේදී පත්කරගත හැකිය.
  • අධීක්ෂණය විධායක මණ්ඩලයේ සාමාජිකයන් මගින් සිදුවේ.
  • ඒ සඳහා කළමනාකරණයේ පහසුව සඳහා සභාපතිවරයා නිලබලයෙන් පත්කරන සාමාජිකයන් නම් කිරීමට අවකාශය ඇත.
  • කෘත්‍යාධිකාරි මණ්ඩලය මෙසේය.
  • සභාපතිවරයා හෝ සම සභාපතිවරයා.
  • ලේකම්වරයා හෝ සම ලේකම්වරයා.
  • භාණ්ඩාගාරිකවරයා හෝ සම භාණ්ඩාගාරික.
  • උප ලේකම්වරු, උප සභාපතිවරු දෙදෙනා බැගින් පත් කරගැනීම.
  • උප භාණ්ඩාගාරික 1යි
  • සංනිවේදන ලේකම් 1යි
  • පරිපාලන ලේකම් 1යි
  • විගණන නිලධාරින් 1යි
  • ප්‍රධාන සංවිධායක හෝ සම සංවිධායක සංගමය ආරම්භයේදී සම තනතුරු අත්‍යවශ්‍යම නොවේ.
  • සංවිධානයේ සාමාජිකත්වය පුළුල් වන විට සම තනතුරු පිරවීම සඳහා සභාපතිවරයාගේ අවධානය යොමුවිය යුතුය.
  • කාර්යසභාව මගින් දිවයින පුරා ක්‍රියාත්මක වැඩසටහන් සඳහා පළාත් නියෝජන සාමාජිකත්වයට නායකත්වය ලබාගත හැකිය.
  • පළාත් නියෝජනය දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන ලෙස සාමාජික කමිටුවලින් පුරෝගාමී සාමාජිකත්වයන්ගෙන් සමන්විතයි.
  • ඒ සඳහා සභාපතිවරයාගේ අනුමැතිය ඇතිව ආරම්භයේදී ක්‍රියාකාර කමිටු පිහිටුවීම සිදුවේ.
  • සමාගම් මැදුරේ ලියාපදිංචියෙන් පසුව ඒ විෂය පථයන්ට අදාළව අධ්‍යක්ෂක අංශ වශයෙන් ප්‍රතිසංවිධානය වේ.
  • අල්ලස් හෝ දූෂණ තුරන් කිරීමේ නිති ක්‍රියාකාරී කමිටුව.
  • අවභාවිතයට ලක් කර යැපෙන යෞවන හා රාජ්‍ය මුදල් ළමා අයිතිවාසිකම් හා පාසල් අධිකාරිත්වයට ඇති උපදේශක හා අමාත්‍යංශ නීති සහකාර ක්‍රියාකාරි කමිටුව.
  • ආර්ථික හා ජීවන උපායමාර්ගික පාරිභෝගික නීති ක්‍රියාකාරි සුරැකීමේ කමිටුව.
  • පොදු මහජන අයිතීන් වෙනුවෙන් නෛතිකව පෙනී සිටීම හා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම.
  • මහජන යුක්තිය උදෙසා මානව හිමිකම් පිළිබඳ නීති ක්‍රියාකාරි කමිටුව සාමාජිකත්වය හා පොදු ප්‍රජාව උදෙසා වැඩමුළු සංවිධානය නීතිමය සහන ලබාගත හැකි රාජ්‍ය හා ජාත්‍යන්තර සංවිධාන සමඟ ඒකාබද්ධ වැඩසටහන් දියත් කිරීම.
  • ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක් දියත් කිරීම.
  • ගුණ ධර්ම ප්‍රචාරය, ආගමික වත්පිළිපත්වලට පමණක් සීමා නොවේ.
  • විශ්වාසය සතුව වැඩිහිටි පිළිසරණ ක්‍රියාකාරී කමිටුව මගින් සංවේදයන් හා පරිකල්පනය විශ්‍රාමික වෘත්තීය අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන විවිධ වැඩසටහන් දියත් කිරීම.
  • අභ්‍යන්තර අවතැන්වූවන්ගේ ජීවන යාත්‍රාව අසල්වැසි හා සහකම්පන කමිටුව අවබෝධයෙන් ක්‍රියාකාරී වැඩසටහන් දියත් කිරීම.
  • විදේශගත ශ්‍රමිකයන් සඳහා දැනුම හා අවබෝධය ඔවුන්ගේ අත්දැකීම් ක්‍රියාකාරී කමිටුවක් මගින් ඔන්ලයින් වැඩසටහන් දියත් කිරීම.
  • අත්දැකීම් උරුමකරන්නේ කාලයයි.
  • කාන්තා අයිතිවාසිකම් ස්වර්ණ බන්ධන කමිටුව මගින් ජීවතාවබෝධය සඳහා විවිධ කාන්තා සමාජ තේරුම් ගැනීමේ ක්‍රියාකාරී සංවේදී නිර්මාණය මගින් අභිමානය සංවර්ධනය කිරීම.
  • රාජකාරී වගකීම් පැහැර හරින නිලධාරින් නීතිය පිළිබඳව නොදැනුවත්කම පෙරළා පොදු ප්‍රජාව දැනුවත් කිරීම සඳහා නීති ක්‍රියාකාරී සැලැස්මක් දියත් කිරීම.
  • මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවේදී ආරවුල් පිළිබඳ නීති ක්‍රියාකාරී කමිටුව.
  • ජනමාධ්‍යකරුවන් අයුතු ලෙස අගතියට පත් කිරීම, ඒ සඳහා මැදිහත් වීම, හුදකලා නොවීමට උපදේශක ක්‍රියාකාරී කමිටුව.
  • රාජ්‍ය අංශයේ එවැනි ක්‍රියාකාරකම්වලදී පොදු මහජනතාව අතර තොරතුරු ගෙනයාම හා මාධ්‍ය කරුවා සුරැකීමේ නීති ක්‍රියාකාරී කමිටුව.
  • එවැනි අවස්ථා මතුවන රාජ්‍ය ක්‍රියාකාරකම්වලදී රාජ්‍ය අංශය නොමග යවන ප්‍රචාරවලට එරෙහිව න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාත්මක බලමුළුව.
  • සම සභාපති හා සමලේකම් තනතුරුවලින් ක්‍රියාශීලී මෙහෙයුමක නිරත වන්නාගේ බලතල මැදිහත්වීම හා සාමාජික වගකීම.
  • නිල සේවා කාලය ආරම්භයේදී නගා සිටුවීම සඳහා පළමු වසර තුන පුරෝගාමී සාමාජිකයින්ගේ තොරතුරු ස්ථාපිත විය යුතුය.
  • වාර්ෂික නිලවරණයක් ආරම්භ වන්නේ පළමු වසර තුන ඉකුත් වීමෙන් පසුවය.
  • සාමාජිකත්වයේ කැපවීම සම්පත් දායකත්වය හා ක්‍රියාකාරිත්වය සැලකිල්ලට ගැනේ.
  • සංවිධානයේ කාර්යභාරයන් අංශ 7කට බෙදාගෙන සූම් තාක්ෂණය ඔස්සේ සාමාජිකත්වය රැස්වීමට හැකි දිනයන් අනුව සිය ක්‍රියාකාරකම් සඳහා සාකච්ඡා ඇරඹිය හැකිය.
  • සාමාජිකත්වය ඉල්ලුම්පතේ ඒ පිළිබඳව පූර්ව සටහන් සඳහන් කර තිබිය යුතුය.
  • සාමාජිකත්වයට සඳුදාට රැස්විය හැකි අයට සූම් තාක්ෂණය ඔස්සේ රැස්විය හැකිය.
  • සතියේ අඟහරුවාදා දිනට රැස්විය හැකි අයට අඟහරුවාදා දින අංශයට රැස්විය හැකිය.
  • සාමාජිකත්වයට හැකියාව පහසුවකම් විවේකය අනුව බදාදාට රැස්විය හැකි අයට බදාදා අංශයට රැස්විය හැකිය.
  • බ්‍රහස්පතින්දා රැස්විය හැකි අයට බ්‍රහස්පතින්දා විවේකය හා හැකියාව අනුව රැස්විය හැකිය.
  • සිකුරාදා සාමාජිකත්වයට හැකියාව කාලය විවේකය අනුව සිකුරාදා අංශයට රැස්විය හැකිය.
  • සෙනසුරාදා රැස්විය හැකි අයට සෙනසුරාදා රැස්විය හැකිය.
  • ඉරිදා අයට ඉරිදා රැස්විය හැකිය.
  • මෙය සතියකට වරක් සාමාජිකත්වයට සෙසු සාමාජිකත්වය සමඟ ගනුදෙනු කරගැනීමට, ව්‍යාපෘති සකස් කරගැනීමට අවකාශය සලසන කැඩපතක් ලෙස සැලකිය හැකිය.
  • ඔවුන්නොවුන් එකිනෙකා හඳුනාගෙන අදාළ දිනයට අනුව උප සභාපතිවරයෙක් ඒ රැස්වන අයගෙන්ම පත්කරගත හැකිය.
  • සූම් තාක්ෂණය හා එක්විය හැකි දිනය හා වේලාව ඔවුනොවුන්ම තීරණය කරගත යුතුය.
  • තාක්ෂණය ගැන අවබෝධයක් ඇති සම සභාපතිවරයා නැතිනම් සම ලේකම්වරයා ආරම්භයේදී නායකත්වය දිය යුතුය.
  • ඉහත කමිටු සක්‍රීය වන්නේ අදාළ අංශවල දෛනික සූම් රැස්වීම්වල හැසිරීම හා භාවිතය අනුවය.
  • පළමු නිලධාරි නිල සේවා කාලය වසර තුනක් ඉක්ම ගිය පසු නිලවරණයක් ඇරඹේ.
  • යම් තනතුරක් හිස් වූ විට සෙසු සාමාජිකයින්ගෙන් එම පුරප්පාඩුව සංවිධානයේ ප්‍රගතිය උදෙසා සභාපතිවරයා පිරවිය යුතුයි.
  • සමිතියක සංසදයක සමිති සම්මේලනයක පැවැත්ම හා ආකෘතිය රඳා ඇත්තේ සභාපතිවරයාගේ හා ලේකම්වරයාගේ කැපවීම හා පෞර්ෂය මතය.
  • එකී කාර්යභාරය වෙනත් සංගමයක ආකෘතියට වෙනස්.
  • ඒ නිසා සභාපති තනතුර සඳහා ඇති වගකීම් පුළුල්ය.
  • සභාපති හිමිකම් වෙනුවෙන් පොදු සාමාජිකත්වයට ඇති බැඳීම් ප්‍රායෝගිකව හා න්‍යාත්මක මෙහෙවර සඳහා තේරුම් ගැනීම මෙහෙයුම් බලමුළුවේ ප්‍රතිපත්ති නිර්මාණය, සියලු‍ සභාවාර කැඳවීම් හා උපදෙස් ලබාදීම සභා වාරයන් පවත්වාගෙන යාම සඳහා ලේකම්වරයාට පැවරෙන වගකීම් සභාපතිවරයා ලිඛිතව ලබාදිය යුතුය.
  • කාලීන අවශ්‍යතා අනුව සියලු‍ අභ්‍යන්තර හා බාහිර පුද්ගල සංවිධාන සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම හා සන්නිවේදනය තුළින් මතුවිය හැකි හිතකර හා අහිතකර ප්‍රතිඵල පොදු සාමාජිකත්වය වගකීම හා යුතුකම්වලින් මැදිහත්වීම.
  • සංගමයේ අභිවෘද්ධිය හා ප්‍රවර්ධනය සඳහා කටයුතු කිරීම සඳහා සභාපතිවරයාගේ මැදිහත්වීම නිසා රාජ්‍ය අංශයේ හෝ වෙනත් පාර්ශ්වයන් චෝදනා මතු කරන්නේ නම් ඊට එරෙහිව පොදු සාමාජිකත්වයේ කශේරුකාව මතුවිය යුතුය.
  • සංගමයේ අරමුණු හා කාර්යභාරය වෙනුවෙන් මෙහෙයවීම හා කළමනාකරණය නිසා දේශපාලන අරමුණු හා රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේ හා වෙනත් පාර්ශ්වයක හිත් රිදවීම් මගින් සභාපතිවරයාගේ පෞද්ගලික චරිතයට හානිවන අයුරින් හෝ නිලධාරින්ට කිසියම් පාර්ශ්වයක් ක්‍රියාකිරීමේදී පොදු සාමාජිකත්වය ඊට අදාළ විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය.
  • සමලේකම්වරුන්ගේ කාර්යභාරය දෙඅංශයකි මහ සභා කමිටු හා කෘත්‍යාධිකාරි හා වෙනත් රැස්විම් වාර්තා සැකසුම හා කලීන ප්‍රායෝගික වැඩසටහන් මෙහෙයුම්කර සභාවාර කැඳවීම පිළිබඳ නිල වශයෙන් නිවේදන නිකුත් කිරීම හා සංවිධානය සභාපතිවරයාගේ උපදෙස් පරිදි විය යුතුය.
  • සෑම රැස්වීමක්ම සංගමයේ සියලු‍ ලේඛන කටයුතු පවත්වාගෙන යෑම හා කළමනාකරණය පිළිබඳ සකසන ලේඛනවල පිටපතක් සභාපතිවරයාට හා සමිතියට තවත් ලේඛනය ඉදිරිපත් කර සභාපතිවරයාගේ අනුමැතියට ඉදිරිපත් කිරිම.
  • ප්‍රායෝගික අභ්‍යන්තර හා බාහිර පුද්ගල හා ආයතනික සම්බන්ධතා පවත්වාගෙන යාම සෙසු සම ලේකම්වරයාගේ කාර්යභාරයයි.
  • ආරම්භයේ සංගමයේ අරමුණ හා කාර්යභාරය සඳහා සම ලේකම්වරුන් වෙනුවෙන් දෙදෙනකු වෙනුවෙන් මෙහෙයවීම හා කළමනාකරණය සඳහා පත් නොවීම දෙඅංශයේම ක්‍රියාකාරකරු වෙනුවෙන් එක් ලේකම්වරයා සතු විය යුතුය.
  • සම භාණ්ඩාගාරික/භාණ්ඩාගාරිකා සමිතියේ හෝ සංසදයේ ක්‍රියාකාරකම් පුළුල් වීමත් සමඟ භාණ්ඩාගාරික සියලු‍ම මූල්‍ය කටයුතු නිසි ක්‍රමවේදයන් අනුව පවත්වාගෙන යාම සඳහා නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුරක් සභාපතිවරයාගේ ආවරනය මත පත් කළ හැකිය.
  • කාලීන වියදම් හැර සියලු‍ මුදල් බැංකු ගතව පවත්වාගෙන යාම අවශ්‍ය වේ.
  • ඉදිරි කාලයේදී සංවිධානයේ ආකෘතිය සංකීර්ණ වීමත් සමඟම අප ආයතනය පිළිගත් ගිණුම් ක්‍රමවේදයක් අනුව ගිණුම් පොත් පවත්වාගෙන යාම කළ යුතුය.
  • අදාළ මූල්‍ය වර්තා සංගමයේ සමිති සම්මේලනයේ හෝ සංසදයේ රැස්වීම් සඳහා වාර්තා ඉදිරිපත් කිරීම හා වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරිම සඳහා දෙදෙනාම බැඳී සිටින අතර සෑම වාර්තාවකම පිටපත් සම සභාපති හා සම ලේකම් යන පාර්ශ්වවලින් එක් පාර්ශවයකට ඉදිරිපත් කළ යුතුය.
  • සියලු‍ ආදායම් හා වියදම් සංවිධානයේ ආකෘතිය සංවර්ධනය වීමත් සමඟ අනුමැතියට යටත්ව රැස්කිරීම හා ගෙවීම කළ යුතුය.
  • පරිපාලන ලේකම්ගේ ප්‍රධාන භූමිකාව දිවයින පුරා යෝජිත ශාකා කාර්යාල බිහි කිරීම හා ඊට අදාළ ප්‍රතිපත්ති සැලැස්මක් දියත් කිරීම වේ.
  • සියලු‍ සංවත්සරික මහ සභා රැස්වීම කැඳවීම නිල මණ්ඩලය නොමැති අවස්ථාවකදී සංගමයේ භාරකරු වීම නිල මණ්ඩලය පත් කිරිම නිවේදනය කිරිම, සභාපති ලේකම් අනුමැතිය පරිදි ක්‍රියාත්මක වේ.
  • ආයතනික සහ රාජ්‍ය නොවන සියලු‍ සංවිධාන දේශීය හා විදේශීය සියලු‍ තොරතුරු රැස්කර තබා ක්‍රියාකාරී සැලැස්මක් ප්‍රවර්ධනය කර ගැනීම පරිපාලන ලේකම්වරයාගේ වගකීම වේ.
  • තනතුරු සඳහා පත්වන නිලධාරි මණ්ඩලය අවශ්‍යතාවය මත සම තනතුරු පත්වන්නේ හුදෙක්ම සංවිධානයේ අභිවෘද්ධිය අවශ්‍යතාවය මතය.
  • නිල තනතුර ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතුය.
  • සභාපති සම සභාපති සම ලේකම් සම භාණ්ඩාගරික නිල තනතුරු සඳහා පත් විය හැක්කේ වසර තුනක් යෝජිත කාලයේදි විධායක සභාවේ කෘත්‍යාධිකාරි සභාවේ කාරක සභාවේ හෝ විධායක සහකාර කමිටුවක උප සභාපති (දින 7ට පත්වන උප සභාපති තනතුරක් තනතුරු ලත්) ලෙස කටයුතු කළ යුතු සාමාජිකයින්ට පමණි.
  • ඒ ඒ පළාත්හි සාමාජිකයින්ගේ ඡන්දයෙන් පළාත් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නියෝජිතයා පත්කර ගත යුතුය. (අනාගතයට බලපායි)
  • ඒ ඒ දිස්ත්‍රික්කයේ සාමාජිකයන්ගේ ඡන්දයෙන් දිස්ත්‍රික් කාරක සභික නියෝජිතයා පත්කරගත යුතුය. (අනාගතයට බලපායි)
  • ඒ ඒ විධායක කමිටුවේ සාමාජිකයන්ගේ ඡන්දයෙන් විධායක සභා සභාපති හා කමිටු සමාජිකයින් පත් කරගත යුතුය.
  • නාමයෝජනා
  • සංවිධානයේ ආකෘතිය සංකීර්ණ වීමත් සමඟ පරිපාලන ලේකම්වරයා විසින් නාමයෝජනා මණ්ඩලයක් කැඳවිය යුතු අතර එහි සභාපතිවරයා ලෙස සභාපතිවරයා කටයුතු කළ යුතුය.
  • සාමාජිකයන් වශයෙන් අංශ කිහිපයකින් සමන්විත වේ.
  • වෘත්තීය ව්‍යාපාරිකයා සහ විද්වත් වශයෙනි.
  • පුරෝගාමී සාමාජිකයින් වන්නේ සංගමයේ බිහිකිරීම අරඹයා කැපවී කටයුතු කරන ආරම්භක සාමාජිකයින් වේ. (දෛනිකව තමන්ට හැකියාව ඇති දින තෝරාගත් සාමාජිකත්වය)
  • ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සංගමයේ කටයුතු කෙරෙහි දැඩි කැපවීමකින් කටයුතු කරන සාමාජිකයින් සැලකේ. (වෘත්තීය නිපුණත්වය සේවා කාලය සැලකේ)
  • මාධ්‍යකරුවන් සිරගත කිරීම අරඹයා වූ සංසිද්ධවලින් පසුව ගවේෂණශීලී සුමිත් කොඩිතුවක්කු මහතා යථෝක්ත සංවිධානයක අවශ්‍යතාවය හිතවත් මාධ්‍යවේදීන්, විද්වතුන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු වෙනත් විවිධ සමාජ පුරවැසියන් ගණනාවකට අදාළ සංවිධානය වීමේ අවශ්‍යතාවය පැහැදිලි කිරිම හා මූලික සාකච්ඡා පැවැත්වීය.
  • අදාළ ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මතු වූ අතර ශ්‍රී විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ නීතිඥ නාමල් රාජපක්ෂ ඇතුළු තවත් නීතිඥයින් කිහිපදෙනෙකු කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ හිටපු ප්‍රධානී මහාචාර්ය ටියුඩර් වීරසිංහ, මාධ්‍යවේදී පානදුර ලාල්, අමරසිංහ, රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති නිහාල් ප්‍රේමරත්න, මහාචාර්ය රංජන් ධර්මකීර්ති, නුගේගොඩ ශාන්ත ජොන් විද්‍යාලයේ හිටපු විදුහල්පති ජයසේකර ප්‍රමුඛ ගණනාවකට කෙටුම්පත් කරන ලද ව්‍යවස්ථාව ඊමේල් කර තිබේ.
  • නමුත් කිසිවකුගෙන් සක්‍රීය ප්‍රතිචාර නොවීය.
  • මේ නිසා සියලු වගකීම් හා වියදම් මාධ්‍යවේදී සුමිත් කොඩිතුවක්කු මහතා දරාගෙන යථෝක්ත සංවිධානය ඔසවා තැබීමට ක්‍රියාකාරි හිමිකාරිත්වයක් ඇතිව මැදිහත් වන නිසා ඔහු නිර්මාතෘ වශයෙන් සැලකේ.
  • මේ අනුව මේ සඳහා වෙබ් සයිඩ් සහ යූ ටියුබ් කොඩිතුවක්කු මහතාගේ පෞද්ගලික වියදමින් ආරම්භ කර ක්‍රියාත්මක කිරීමෙන් අදාළ ආචාර ධර්ම හා ව්‍යවස්ථාව ප්‍රසිද්ධ කළ යුතුවේ.
  • ඒ අනුව අදාළ අවබෝධය ලබා සාමාජිකත්වය සඳහා විවෘත බවක් ඇති කළ යුතුවේ.

සාමාජිකයින්

ගවේශනශීලී ජනමාධ්‍යකරුවන්, නීතිඥයින්, පරිපූර්ක නීති සහකාර පාඨමාලාලාභීන්, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙන ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සැලකේ.

ආශ්‍රිත සාමාජිකයින්

  • සමාදාන විනිශ්චකාර තනතුරු හොබවන්නන්, වෛද්‍ය, ඉංජිනේරු හා වෙනත් වගකිවයුතු ග්‍රාමසේවා නිලධාරි සිට රාජ්‍ය අංශයේ හා පුද්ගලික අංශයේ පුද්ගලයින් හා ව්‍යාපාරිකයන් සහ දීපව්‍යාප්ත විවිධ සංවිධාන නියෝජිතයින් ඒකාබද්ධ කරන.දේශීය හා විදේශීය ආධාර මුදල් මත ලාබ නොලබන අරමුදලක් පිහිටුවාගත යුතුය.සියලු‍ අරමුදල් රැස්කිරීම හා ගෙවීම සඳහා ලදුපත් හා වවුචර්පත් පවත්වාගෙන යාම සභාපතිවරයාගේ අධීක්ෂණය මත සිදුවිය යුතුය.අරමුදල සම්පාදනයට වඩා අවශ්‍ය කාර්ය සඳහා සාමාජිකත්වයේ හිතවත්කම මත අදාළ කටයුතු මෙහෙයවීම යැපීම ඉතාම වැදගත්ය.
  • සාමාජික වැඩමුළු හා වෙනත් රැස්විම්වලදී වඩාත් යෝග්‍ය අවශ්‍යතා සඳහා සාමාජිකත්වය මැදිහත් වී තෙවැනි පාර්ශ්වයකින් ඒ අදාළ භෞතික දේ සැපයීම සඳහා ක්‍රියාකාරි වන අය ආශ්‍රිත සාමාජිකයින් පවා ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වය සඳහා හිමිකම් ලබයි. සාමාජික මුදල් ප්‍රධාන හා දේශීය හා විදේශීය වශයෙන් සොයාගැනීම සමස්ත සාමාජිකත්වයේම අභිලාශය විය යුතුය. පුද්ගල හා ආයතනික පරිත්‍යාග හා අරමුදල් සම්පාදනය කර ගැනීම ප්‍රධාන සොයාගත යුතු මාවත් විවෘත කර ගැනීම ව්‍යාපෘති ආදායම් හා ප්‍රධාන කටයුතු මෙහෙයවිම කෘත්‍යාධිකාරි මණ්ඩලය සතුවේ.

ගිණුම් කටයුතු

  • සංවිධානයේ සංකීර්ණත්වය අනුව මූල්‍ය පාලනය හා ගිණුම් කටයුතු නිසි පටිපාටියකට අනුව සිදුකිරීම භාණ්ඩාගාරිකගේ වගකීම වේ.
  • කාලීන අවශ්‍යතා මත විශේෂ ව්‍යාපෘති ගිණුම් කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම අධීක්ෂණ ලේකම්වරයා සතු කාර්යභාරයකි.
  • සියලු‍ මූල්‍ය වාර්තා පවත්වාගෙන යාම භාණ්ඩාගාරික හා නියෝජ්‍ය භාණ්ඩගාරිකගේ වගකීම වේ.
  • විගණන නිලධාරින් යටතේ අභ්‍යන්තර ගිණුම් වාර්තා සභා වාරය සඳහා ඉදිරිපත් කිරීම පවත්වාගෙන යෑම කළ යුතුය.
  • වාර්ෂිකව ස්වාධීන පුද්ගලයෙකු හෝ ආයතනයක් මගින් ගිණුම් කටයුතු විගණනය කර සභාවට ඉදිරිපත් කළ යුතුය.
  • සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විධායක සභා රැස්වීම පැවැත්විය යුතුය.
  • සභාපතිවරයා නැති අවස්ථාවක සම සභාපතිවරයාට එය මෙහෙයවීම සිදු කළ හැකිය.
  • කාරක සභා රැස්වීම සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන අතර ඝනපූර්ණය අවශ්‍යතාවය අනුව සැලකිල්ලට ගත හැකිය.
  • සාමාජිකයින්ගේ දෙකෙන් එකක ලිඛිත ඉල්ලීමක් මත විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට විධායක සභාවට හැකිය.
  • සාංවත්සරික මහ සභා රැස්වීම නිලධාරි මණ්ඩලය පවත්වාගෙන යෑම රැස්වීම කැඳවීම පිළිබඳ දින 14කට පෙර සියලු‍ සාමාජිකයන්ට දැනුවත් කිරීම පරිපාලන ලේකම්වරයාගේ කාර්ය භාරය වේ.

සාමාජික ඡන්ද බලය

  • සියලු‍ම සාමාජිකයන්ට සිය කැමැත්තෙන් ඡන්දය භාවිතා කළ හැකිය.
  • ඒ සමාන අවස්ථාවේ සමාන බලයක් වන්නේ සංවිධානයේ පුනරුද ව්‍යාපාරය සඳහා ක්‍රියාකාරී මැදිහත්වීම මතය.
  • පොදු අභිවෘද්ධිය මත සාමාජික ලේඛනයේ සාමාජිකයින් තුනෙන් දෙකකගේ ඡන්ද බලයෙන් ව්‍යවස්ථාව සංශෝධණය වෙනස් කළ හැකිය.
  • වෙනස් කිරීම මත ඇතිවන සංවර්ධන ආකෘතිය ප්‍රගතිය ලිඛිතව අදාළව යෝජනා සංශෝධනයට පෙර සභාපතිවරයාට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතුය.
  • සංවිධානයේ සියලු‍ කටයුතු සාමාජිකයන්ගේ පොදු ප්‍රගතිය සඳහා ඉදිරිපත් කිරීම සෙසු සාමාජිකත්වය දැන ගැනීමට අයිතිවාසිකමක් තිබේ.
  • සංවිධානය ව්‍යුහය පුළුල් වන විට සභාපතිවරයා පත් කරන විනය මණ්ඩලය බිහි වන්නේ එම සංවිධානයේ ආකෘතිය මනාව සංවිධානය වූ පසුවය.
  • සංවිධානයේ විනය කටයුතු භාර නිසි බලධාරියා විනය මණ්ඩලයේ සභාපතිවරයා වන අතර ඔහු සමඟ සාමාජිකයන් තුන් දෙනෙකුගෙන් විනය මණ්ඩලය සමන්විත වන අතර කිසියම් උපදේශක හෝ වෙනත් කාර්ය මණ්ඩලයක් පත් කිරීම සභාපතිවරයාගේ අභිමතය මත සිදු කළ හැකිය.
  • විවිධ විෂය පථිතයන් හමුවේ සාමාජිකත්වයේ යෝජනා මත ව්‍යාපෘති කළමනාකරණ මණ්ඩලය ආරම්භයේ දීම ස්ථාපිත කළ හැකිය.
  • සභාපති ලේකම් අභිමතය පරිදි එහි සාමාජිකත්වය තෝරාගත හැකිය.
  • සංවිධානය මගින් ක්‍රියාත්මක කරන සියලු‍ ව්‍යාපෘතිවල ව්‍යාපෘති වාර්තා කැඳවීම අනුමැතිය දීම හා පාලනය ඉහත කළමනාකරණ මණ්ඩලය මගින් විධායක සභාවේ අනුමැතියට යටත්ව සිදු කළ යුතුය.
  • එහි සාමාජිකයන් සංඛ්‍යාව පත් කිරීම හා විධායක සභාව විසින් සිදු කරනු ඇත.
  • අධිකාරි බලය සභාපතිවරයා සතු වේ.
  • ව්‍යාපෘති ඇගයිම් මණ්ඩලය ප්‍රධාන වශයෙන් දෙඅංශයකට වේ.
  • එය අන්තර් ජාතික හා දේශීය වශයෙන් දෙඅංශයකටම වගකීම් පැවරේ.
  • සංවිධානය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියේ සියලු‍ ඇගයීම් පසුවිපරම් කටයුතු සිදුකරනු ලබන මණ්ඩලය එහි සාමාජිකත්වය හා පත්කිරීම් විධායක සභාව විසින් සිදුකරන්නේ සාමාජිකත්වයේ වපසරිය ක්‍රියාකාරිත්වය න්‍යායික හා ප්‍රායෝගික ප්‍රඥාව සැලකිල්ලට ගෙනය.
  • රාජ්‍ය අංශයේ හෝ දේශපාලන මැදිහත්වීමක් සඳහා සාමාජිකත්වයේ කිසියම් පාර්ශ්වයක් ප්‍රයෝජනයට ගොදුරු වන අවස්ථා පිළිබඳව සීරුවෙන් සිටීම හා සංවිධානයේ ආකෘතිය නිර්මාණය කළ අයගේ පරම වගකීම වේ.
2023 ක් වූ …………………. /………………. දින පැවති මහා රැස්වීමේදී යෝජනා සම්මතයෙන් හා ඒකච්ඡන්දයෙන් සභා සම්මත විය. 
……………………………………………………
ගරු සභාපතිගරු ලේකම්