රාජ්‍ය නිලධාරි ධුරාවලිය තුළ උප්පරවැට්ටි අයුතු වරප්‍රසාද ගොඩනගාගෙන ඇත්තේ සටකපට දේශපාලනය නිසා නොවේද?2 කොටස
ලංකාවේ රාජ්‍ය සේවකයන් පිළිබඳව ගැටලුවේදී රාජ්‍ය සේවයේ අතිකාල දීමනා රටට බලවත් ප්‍රශ්නයක්.
මෙම අතිකාල දීමනා කපා දමන බව ස්වදේශ කටයුතු පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය ප්‍රකාශ කළේ 2023 ජනවාරි මුල් සතියේදී.
නමුත් මෙය විදිමත්ව ඉහළ නිලධාරින් සඳහා ක්‍රියාත්මක වනවාද කියන ගැටලුවක් දැනට මතුවී තිබෙනවා.
රාජ්‍ය සේවකයන් සඳහා දැනට ලබාදෙන අතිකාල සහ අමතර දීමනා කප්පාදු කිරීමේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම සාර්තක වෙලා නැති බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.
යම් සීමාවකට යටත් කර තිබෙන බව පැහැදිලියි.
අතිකාල සහ අමතර දීමනා කොතරම් ප්‍රමාණයක් දක්වා අඩු කරනවාද යන්න තවමත් අමාත්‍යංශ මට්ටමෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබූම කනගාටුවට කරුණක්.
රජයේ සේවකයන්ට අතිකාල නිවාඩු ජීවන වියදම වැනි දීමනා හැර වැටුප් සඳහා පමණක් එක් මසකට රුපියල් කොටි 9300ක් 2023 ආරම්භය වන විට වැය වෙමින් තිබුණා.
ලක්ෂ 15කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත රාජ්‍ය සේවයේ බහුතරයක් නියමිත වේලාවේදී සිය රාජකාරි කාලය තුළ රාජකාරිය ඉටු නොකිරිම මේ අතිකාල ලබාගැනීමේ රාජ්‍ය අංශයේ බහුතරයකගේ ඉලක්කයක්.
මේ පිළිබඳව පුළුල් විද්වත් සමීක්ෂණයක් මනාව රජ්‍ය අංශය සිදුකර නැහැ.
රාජකාරිය, රාජකාරි වේලාවෙන් පසුව සිදු කරන ප්‍රමාණය රාජ්‍ය අංශය ලක්ෂ 6ක් පමණ වෙනවා.
එය ප්‍රතිශතයක් ලෙස 45%ක් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ආරංචිමාර්ගවලින් අනාවරණය වී තිබෙනවා.
මේ අනවශ්‍ය වියදම දිගින් දිගටම රට තුළ සිදුවීම ඉතාම ගැටලු සහගත කරුණක්.
මේ සම්බන්ධව මනා විනිවිද භාවය සහ පාරදෘශ්‍ය භාවය රාජ්‍ය අංශයෙන් සිදු නොවීමත් ගැටලුවක්.
2021 වන විට රාජ්‍ය සේවයේ නියුක්තව සිටි සේවක සංඛ්‍යාව මිලියන 1.3ක් පමණ වුණා.
ඒ 2022 වන විට ලක්ෂ 15ට ලංවෙලා තිබුණා.
මේ වන විට ඒ තත්ත්වය තවත් දිගුවෙලා තියෙනවා.
රාජ්‍ය සේවයට පත් කරගැනීම සීමා කර තිබුණත් දේශපාලන අවශ්‍යතාවය සඳහා රාජ්‍ය සේවයට එකතු කරගැනීම් මැති ඇමැතිවරු මන්ත්‍රීවරුන් හා අමාත්‍යංශ ලේකම්වරුන්ගේ අවශ්‍යතාවය මත දැනට සිදුවෙමින් පවතිනවා.
2021 වර්ෂය තුළ රාජ්‍ය සේවක වැටුප සඳහා වැය වූ මුදල සිවිල් පරිපාලනයට පමණක් රුපියල් මිලියන 553492ක් වුණා.
ආරක්ෂක අංශය සඳහා රුපියල් මිලියන 292188ක් වුණා.
එය තවදුරටත් දිගු වෙන තත්ත්වයක් ද දකින්නට තිබෙනවා.
රාජ්‍ය ආදායමෙන් 58%ක් මේ රාජ්‍ය සේවක ගෙවීම් සඳහා ආණ්ඩුව වැය කරනවා.
රජයේ වර්තන වියදම්වලින් 31%ක් කියල කිව්වොත් වඩාත් නිවැරදියි.
පොලී ගෙවීම් රජයේ ආදායමින් 72%ක් වෙනවා.
රටේ ජනගහනයෙන් 1/20ක් හා මුළු වැඩකරන ජනතාවගෙන් 7න් පංගුවක් වෙනවා.
මේ මිනිස් බලයෙන් හා ඊට වැය කරන මුදලින් ඉහළම පල ප්‍රයෝජන ගන්න රාජ්‍ය සේවයේ ප්‍රතිපත්ති හා නෛතික තත්ත්වයන් විදිමත්ව සකස් වෙලා නැති එක එක පැත්තක්.
ඍජු තීරණ අරගෙන ඒ සඳහා ක්‍රියාකාරි සැලැස්මක් නැතිකම තවත් පැත්තක්.
රාජ්‍ය සේවය පටිපාටිගත වීමෙන් මුදාගෙන ප්‍රතිඵල ලුහුබැඳ යන ක්‍රියාකාරි යාවත්කාලී විය යුතුයි.
මේ සම්බන්ධව සාකච්ඡා කළ යුතු කරුණු අතර 1947 ඔක්තෝබර් 11 වෙනි දින ඩී. එස්. සේනානායක අගමැතිතුමාගේ ප්‍රකාශයක් වැදගත් වෙනවා.
කොළඹ ලංකා විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්රදානෝත්සවයකදී අගමැතිවරයා එදා කියා තිබුණේ මෙහෙමයි.
නියම කරන දේ පමණක් කාර්යක්ෂමව කරනවා.
නමුත් තමන් තමන්ම හිතා බලා නිර්මාණශීලීව ඊට වැඩි යමක් නොකරන සේවකයා රාජ්‍ය සේවයේ දකින්නට හැකියාව අවමයි කියන එක එදා අගමැතිවරයා තහවුරු කරල තියෙනවා.
මේ නිසා ස්වාමියා තෘප්තිමත් වන්නේ නැහැ.
ස්වාමියා කියන්නේ රජය.
එතකොට රජය ආදර්ශ සංයුක්ත වැඩපිළිවෙළක් එදා මෙදා දියත් වෙලා නැහැ.
සාධාරණ කතාවක් කියන්නට පුළුවන් රාජ්‍ය සේවයක් ආදර්ශ සේවයක් 1947 මේ රටේ නැත්නම් වර්තමාන තත්ත්වය කෙබඳු විය හැකිද යන්න අමුතුවෙන් පැහැදිලි කර ගත යුතු නැහැ.
වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ උපයන සෑම රුපියල් 100කින්ම රුපියල් 44කට වැඩි මුදලක් වැය වන්නේ රාජ්‍ය සේවය සඳහායි.
රාජ්‍ය සේවකයන් එක් අයෙක් දිනකට එක් විනාඩියක් තම කාලයෙන් අපතේ හැරියොත් දිනකදී අපතේ යන මිනිත්තු සංඛ්‍යාව ලක්ෂ 15ක්.
දින 1041ක් හෙවත් වසර 3ක් පමණ පූර්ණ ශ්‍රමයක් අපතේ යන බව ඉන් ඔබට පැහැදිලි වනවා ඇති.
මිනිත්තු 2ක් වුණොත් ඒ කාලය දෙගුණයක් නොවේද?
රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය ගැන ඊට වඩා අපට තර්ක අවශ්‍ය ද?
එසේම එක් සේවකයෙක් දිනකට එක් කඩදාසියක් අපතේ යැව්වොත් හෝ එක් කඩදාසියක් රැගෙන ගියොත් කඩදාසි ලක්ෂ 15ක් හෙවත් A4 කඩදාසි අඩංගු පැකට් 15000ක් දිනකදී රජයට අහිමි වන තත්ත්වයක් තියෙනවා.
ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 75ක පමණ මුදලක් අහිමි වෙනවා කියල කියන්න පුළුවන් ඒ 2022 වගේ කාලය තුළ මේ 2023 වර්ෂය.
මේ තත්ත්වය 300%කින් වර්ධනය වන ආර්ථික උද්ධමන කාරී තත්ත්වයක් තුළ මේ ප්‍රමාණය වැඩිවන සුළුයි.
එක් සේවකයෙක් දිනකට එක අල්පෙන්තක් විසිකර දැම්මොත් දිනකට ලක්ෂ 15ක අල්පෙනෙති අහිමි වෙනවා.
මේ විනාශ වී යන රාජ්‍ය සම්පත් ගැන සරල පැහැදිලි නිර්වචනයක් රාජ්‍ය සමස්ත සේවයට දෙන්න රාජ්‍ය බලධාරින් අසමත්.
එසේම ඔවුන් නඩත්තු වෙනුවෙන් අත්‍යවශ්‍ය සනීපාරක්ෂක හා ජල පහසුකම් හා විදුලි පහසුකම් වෙනුවෙන් වැය කළ යුතු මුදල් ප්‍රමාණය කොතරම් දැයි ඔබ සිතනවාද?
සාමාන්‍යයෙන් වැසිකිලියක් පාවිච්චි කිරීමෙන් අනතුරුව ඒ පවිත්‍ර කිරීම සඳහා ජලය ලීටර් 12ක් 15ක් අතර ප්‍රමාණයක් වැය වෙනවා.
පැය 8ක කාලයක් සේවය කරන සේවකයෙක් අවම වශයෙන් දිනකට 3න් වරක් වැසිකිළි භාවිතා කළොත් සමස්ත රාජ්‍ය සේවකයන් වෙනුවෙන් දිනකට වැසිකිලි සඳහා පමණක් අවම වශයෙන් ජලය ලීටර් කෝටි 6.75ක් වැය වෙනවා නේද?
ඒ සඳහා වැය කළ යුතු මුදල් ප්‍රමාණය කොතරම් දැයි ඔබට සිතාගන්න පුළුවන්ද?
රාජයේ දත්ත අනුව 2022 වසරේ රජයේ මුළු පිහිටි සංචාරක බංගලාවන් පහසුමිලට ලබාගෙන තියෙනවා රාජ්‍ය සේවකයින්.
ආදායම රුපියල් බිලියන 2284ක් රජයේ මුළු වියදම රුපියල් බිලියන 3912ක්.
අභ්‍යාසලාභීන් ලෙස රජයට බඳවාගෙන ඇති 53 දහසකට අධික උපාධිධාරීන්ගේ සේවය 2022 ජනවාරි මස සිට ස්ථිර කර තිබෙනවා.
ඒ සඳහා රුපියල් මිලියන 27600ක් රජය වැය කරනවා.
මේ අයගේ සේවය මේගොල්ලන්ට නවතාන් පහසුකම් ලබාගැනීමට බංගලා ලබාගැනීම වැනි විවිධ කාර්යන් කරගැනීමට අවකාශය ලබාදෙමින් දුම්රිය නිදහස් ගමන් බලපත්‍ර ලබාදෙමින් වසරකට ලැබෙන ගමන් වාර වෙනත් ඥාති බැලීම සඳහා දුම්රියෙන් යෑමට ලැබෙන හිමිකම් ආදිය බැලුවම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිලධාරින්ගෙන් ලංකාවේ පුරවැසියන්ට ලැබෙනවාද?
ඒ අනුව ඉතාමත්ම ගැටලු සහගත තත්ත්වයක් හමුවේ තවදුරටත් රාජ්‍ය සේවකයින්ගේ බරපැනත් පොදු ජනතාවගේ මතට තල්ලු වෙලා තියෙනවා.
ඒ පිළිබඳව රාජ්‍ය අංශයේ විද්වතුන් හෝ බුද්ධිමතුන් හෝ බාහිර පාර්ශ්වයන් හෝ නිර්වචනයක් ඉදිරිපත් කරල නැහැ.
ඒ නිසා මේ පිළිබඳව තවදුරටත් දිගු සමාජ සංවාදයක් අවශ්‍යයි.
අතිවිශාල වැයක් දරන රාජ්‍ය සේවකයාට ලැබෙන අසීමිත වරප්‍රසාද රැසක් බව ඔබට දැන් තේරුම් යනවා ඇති.
ඒවා ගැන සිහිනෙන් වත් සිතන්නට පෞද්ගලික අංශයේ සේවකයින්ට වරම් නැහැ.
නමුත් ඔවුන්ගේ වැටුප් ප්‍රමාණය වශයෙන් බැලුවොත් ඉහළයි.
රාජ්‍ය සේවකයාගේ සේවා කාලය උදේ 8.30 සිට සවස 4.15 දක්වා.
නමුත් බොහෝ රාජ්‍ය සේවකයින් වැඩට එන්නේ බොහෝ වෙලාවට 9 පහුවෙලා.
8.30 පහුවෙලා අත්සන් කරන ක්‍රියාදාමය නෛතිකව සිදුවුණත් ඔහු ඔහුගේ හෝ ඇයගේ පුටුවට එන්නේ පෙරවරු 9 හෝ 10 පහුවෙලා.
4.15 ට සේවය අවසන් කරන්න තිබුණත් බොහෝ වේලාවට සවස 3 සිටන් රැකියා ස්ථානයෙන් පිටවීමට අවශ්‍ය ලක ලැස්තිවීම් වෙනවා.
රජයේ සේවකයෙකුගෙන් යම් දෙයක් කරගන්න කාර්යාලයට ගිය විට සවස 3ට ඔහු හෝ ඇය බොහෝ විට සීට් එකේ නැහැ.
හේතුව කාන්තාවන් නම් රූපලාවන්‍ය කටයුතු කොණ්ඩා පීරිම වෙනත් ක්‍රියාකාරකම් වලට මැදිහත් වෙලා.
එහෙම නැත්නම් පිරිමි පාර්ශ්ව නම් වෙනත් අමතර සාකච්ඡාවක හෝ අදාළ ආයතනයේ කැන්ටිමේ නිරතව ඉන්නවා.
සවස 4 වන විට කාර්යාලයට ඇවිල්ල ඔවුන් කියන්නේ මම දැන් යන්න හදන්නේ දැන් අපේ ඩියුටි ටයිම් එක ඉවරයි කියල.
ඉතින් මේවා නිසි විභාගයක් හෝ පැමිණිල්ලක් හෝ ඉදිරිපත් කිරීම සිදු වුණත් එය අදාළ රාජ්‍ය ආයතනයේ ප්‍රධානියාගේ ලැදියාවන් මත මනාව ඉටු වන්නේ නැහැ.
දින 5ක් සියලු ප්‍රසිද්ධ නිවාඩු ඔවුන්ට හිමි වෙනවා.
ආසන්න වශයෙන් මසකට වැඩ කරන දින ගණන 20ක් කිව්වොත් නිවැරදියි.
මාසයෙන් තුනෙන් දෙකක කාලයක් පමණයි එය හරියට බැලුවොත්.
රාජ්‍ය සේවකයන්ට අනියම් නිවාඩු 21ක් තියෙනවා.
විවේක නිවාඩු 24ක්.
සීමාවක් නැති වැඩුප් රහිත අසනීප නිවාඩු ඒ අතර වෙනවා.
සේවා කාලය මත වාර්ෂිකව සිදුවන අනිවාර්ය වැටුප් වැඩි කිරීම් ඒ අතර තවත් හිමි වෙනවා.
අග්රාභාර රක්ෂණය ඒ අතර තවත් හිමිකාරත්වයක්
වසර 10කට පසු විශ්‍රාම වැටුප් හිමිවෙනවා.
වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුපට සුදුසුකම් ලැබීම තවත් වරප්‍රසාදයක්.
මීට අමතරව සුබසාධන රැසක් තියෙනවා.
එයින් ප්‍රධාන වන්නේ වාර්ෂිකව සිය පවුලටම හිමිවන අවස්ථා තුනක්.
නොමිලේ දුම්රිය ගමන් බලපත්‍ර හිමිවීම.
එසේම දිවයින පුරා පිහිටි සංචාරක බංගලාවක් පහසු මිලට ලබාගන්න රාජ්‍ය සේවකයකුට පුළුවන්.
බදු රහිත මිලට බයිසකල් ලබාගන්න පුළුවන්.
2022 වන විට 4%ක සහන පොලිසිය ණය ලබාගන්න හැකියාව තිබුණා.
දේපල මිලට ගැනීම සඳහා ලක්ෂ 30ක් දක්වා ණය රාජ්‍ය සේවකයින්ට හිමි වෙනවා.
එසේම විධායක ශ්‍රේණියට දුරකතන දීමනා, ඉන්ධන දීමනා, විදේශීය පුහුණු, දේශීය පුහුණු, වෙනත් උපරිම පහසුකම් හිමි වෙනවා.
මේ අතර රාජ්‍ය අංශය දුබල කිරීමට මැදිහත් වන වෘත්තීය සමිති ව්‍යාපාරයත් ආර්ථිකයේ විනාශයට ජනතාවගේ විනාශයට ප්‍රධාන සාධකයක්.
සමස්ත ලක්වාසී ලක්ෂ 220ක් වන ජනතාව විසින් ගෙවන බදු මුදලින් 86%ක මුදලක් ලක්ෂ 15ක් පමණ වන මේ රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා වැය වෙනවා.
රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය වන මේ අති විශාල මුදල ගෙවා පොදු මහජනතාවට ලැබෙන සේවාව පිළිබඳව තෘප්තිමත් ද?
ශ්‍රී ලංකාව විසින් කිසිදු මුදලක් ණය ලෙස විදේශී ආයතනවලට නොගෙවන්නේ යැයි උපකල්පනය කළත් සමස්ත බදු ආදායමෙන් රාජ්‍ය සේවක වැටුප් ගෙවූ විට ඉතිරි වන්නේ 14%ක ප්‍රමාණයක්.
රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1216ක් වුණේ 2022 වන විට.
පෙර පැවසූ කරුණු අනුව රාජ්‍ය සේවයේ වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 1051ක් වැය වෙනවා.
ඒ අනුව රාජ්‍ය සේවය වැටුප 1%කින් අඩු කළ හොත් රජයට ඉතිරි වන මුදල රුපියල් බිලියන 10ක්.
මිලියන 22ක් වන ජනගහනයෙන් රාජ්‍ය සේවකයන් මිලියන 1.5ක් එහෙම නැත්නම් ලක්ෂ 15ක් නිසා රාජ්‍ය ආදායමට රාජ්‍ය සේවකයන්ගේ දායකත්වය 6.8%ක ප්‍රමාණයක් කිව්වොත් නිවැරදියි.
මේ අනුව රාජ්‍ය සේවකයින් රාජ්‍ය ආදායමට සරිලන සේවයක් හෝ මහජනතාවට කාර්යක්ෂම සේවයක් වනවාද කියලා ගැටලු සහගත තත්ත්වයක් හමුවේ රාජ්‍ය ආදායමෙන් 86%ක්ම භුක්ති විඳීමෙන්ම ගැටලු සහගත අප්‍රමාණ පවක් නොවේද?
මෙවන් තත්ත්වයක් තුළ රජයේ බදු ආදායම වැඩි කරගැනීම සඳහා රජය විසින් ගෙන එනු ලබන ක්‍රියාමාර්ගවලට එරෙහිව වීමට රාජ්‍ය සේවකයන්ට සාදාචාරාත්මක අයිතියක් නොමැත බව බහුතරයගේ මතයක්.
එයට හේතු ලෙස ඔවුන් දක්වන්නේ රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නොවීමයි.
කුමන හෝ අයුරකින් රජයේ බදු ආදායම වැඩි කළ යුතු වෙනවා.
නැත්නම් රාජ්‍ය සේවය කප්පාදු කළ යුතු වෙනවා.
මේ ඇතැම් විද්වතුන්ගේ අවධිමත් මත පමණයි.
විධිමත් මත එකතු කර ප්‍රතිපත්තියක් රාජ්‍ය සේවය සඳහා සකස් කිරීමේ අවශ්‍යතාවය මේ වන විට පැන නැගී තිබෙනවා.
මධ්‍යස්ථව බැලූ විට අපට ඇතිවන ගැටලුව මේ අප්‍රමාණ ගැටලුවලට විසඳුම් නැති තරම්.
රාජ්‍ය සේවය අකාර්යක්ෂම වන්නේ පාඩු වන්නේ රාජ්‍ය සේවකයාගේ වරදින් බව පැහැදිලියි.
ඒ සඳහා නෛතික වෘත්තීමය, ප්‍රතිපත්තිමය සැලැස්මක් දියත් විය යුතුයි.
ඊට අවශ්‍ය මූලික සැලැස්ම සකස් කිරීම රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරන්නන්ගේ යුතුකම හා වගකීම.
පාරදෘෂ්‍ය භාවය අවශ්‍ය වන අවස්ථා කිහිපයක්ම රාජ්‍ය පරිපාලන ප්‍රතිසංස්කරණ යටතේ දක්වල තියෙනවා.
යම් වටිනාකමක් රුපියල් මිලියන 500ක් යැයි අපි සිතමු.
ඒ ඉක්මවන සියලු ඉදිකිරීම් කොන්ත්‍රාත් සහ යම් රුපියල් වටිනාකමක් රුපියල් මිලියන 250ක යැයි සිතමු.
ඉක්මන අනෙකුත් කොන්ත්‍රාත් ටෙන්ඩර් ප්රදානය කරන විට කොන්ත්‍රාත්තුව / ටෙන්ඩරය පිළිබඳ මුළු වටිනාකම විෂය පථය කාලසීමාව, ප්රදානය කරනු ලැබූ පාර්ශවය, තරග කරන ලද අනෙකුත් පාර්ශ්ව, ඉදිරිපත් කරන ලද මිලගණන් ඇතුළත් විස්තර මසකට වරක් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළ යුතු වෙනවා.
නමුත් එය එහෙම වන්නේ නැහැ.
සම්ප්‍රදායික විගණනයෙන් කරන්නේ පෙරහැර ගියාට පසුව ඇත්තටම පෙරහැරක් ගියාද කියා සොයා බලන කෝප් කමිටු නිරීක්ෂණයක් පමණයි.
මේ සඳහා විගණන සාක්ෂි විභාග කරනු ලබන ඒ සඳහා නෛතික ඍජු පියවර ගැනීමේ අවශ්‍යතාවය පැන නැගී තිබෙනවා.
තැනින් තැන විසිරී ඇති අඟුරු කෑලි අලි බෙටි ආදිය එවැනි හොඳ සාක්ෂි.
නමුත් පෙරහැර ගිය අලින්ගේ සංඛ්‍යාව ඉන් නිගමනය කළ නොහැකියි.
පෙරහැර යන අතරතුරේම අඩුපාඩු සකස් කරවා නිගමනයකට ඒම වඩාත් අර්ථවත් වැඩපිළිවෙළකට රජය වහාම තල්ලු විය යුතුයි.
රාජ්‍ය සේවය රජය සමඟ සහ පෞද්ගලික අංශය සමඟ තරග කාරී ක්‍රියාකාරී සංයුක්ත වැඩසටහන්වලදී රාජ්‍ය සේවකයට අමතර වරප්‍රසාද හිමිවන පැති වසා දැමීම ඉතාම වැදගත් පැත්තක්.
මේ පිළිබඳව තවදුරටත් පුළුල් සංවාදයක අවශ්‍යතාවය මතු වී තිබෙනවා.
ඒ නිසා ඉදිරි ලේඛනයක් තුළින් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා.
තවත් කොටසක් බලාපොරොත්තු වන්න
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු